දෝෂාභියෝගයට එරෙහි පෙත්සම නව අගවිනිසුරු මොහාන් පීරිස් වෙත

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කිරීමේ දෝෂාභියෝග ක්‍රියාදාමයට එරෙහිව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් කිහිපයක් පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය තීන්දු කිරීම පිණිස නව විනිසුරුවරයාට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බවට තර්ක කරමින් ඉදිරිපත් කොට තිබුණු පෙත්සම් හතරක් නිමල් ගාමිණී අමරතුංග ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට කැඳවා තිබිණ.

බාලවයස්කාර දැරියක් බිරිඳ කරගෙන

බාලවයස්කාර දැරිවියක් දෙමව්පිය බාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දුෂණය කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි. මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක් වන දැරිවියකි. 

දුෂණයට ලක්වී ඇති දැරිවිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත.එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු දැරිවියව ඇයගේ මවට හොරන් පැහැර ගෙන ගොස් පල්ලම පොලිස් වසමේ තම හිතවතෙකුගේ නිවසසේ දින කීපයක් ගත කර ඇත. එම කාලය තුළ සැකකරු තමන් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත්වු බව දැරිවිය පොලීසියට පවසා ඇත.

විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල ඒකාධිපතිවාදයක් කරා රට ඇදගෙන යනවා

සැකකරුවෙකු පැය 48ක් රඳවා තබා ගැනීමට බලතල ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂග්‍රාහී පොලීසියකට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

රජයට හිතවත් මැරයින් අත්අඩංගුවට නොගෙන අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම මෙම පනත ගෙන ඒමේ අරමුණ බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹදී අද (21) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ ද අදහස් දක්වන ලදී

රටෙන් හරි අඩකට දියවැඩි‍යාව

2050 වනවිට මෙරට පුද්ගලයින්ගෙන් හරි අඩක් දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට බෝ නොවන රෝග මෙරටට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
 බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වන්නේ දියවැඩියාව රෝගය බව ද එම අමාත්‍යංශය පැවසීය. මේ වනවිටත් පාසල් දරුවන්ගෙන් 10%-15% ත් අතර ප්‍රමාණයක් දියවැඩියාව රෝගයට ගොදුරුවෙමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. බෝ නොවන රෝගවලින් දිනකට පුද්ගලයින් 650 ක් පමණ මරණයට පත්වන අතර තවත් විශාල පිරිසක් විවිධ රෝගාබාධවලට ලක්වන බව සඳහන්ය. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම වසර බෝ නොවන රෝග වැළැක්වීමේ වර්ෂය වශයෙන් නම් කොට තිබේ.

ඉපදුන මාසයට අනුව අනාවැකි - Personality by Birth Month

ඉපදුණ මාසේ … හැටියට වාසේ …!
ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.

 ඉපදුණේ  January වල නම්,

ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.

උපන් දවසෙන් ඔබ ගැන අනාවැකි දැනගන්න​ - Personality by Your Birthday

පළමුවන දා නම්,

ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,

හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මල්වතු නාහිමි, අගවිනිසුරු ප‍්‍රතික්ෂේප කරති

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඊයේ (21) උදැසන ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, ශ්‍යාමෝපාලි වංශික මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල ස්වාමිපාණන් වහන්සේ බැහැදැකීම සදහා ගොස් ඇතත්, උන්වහන්සේ අගවිනිසුරුවරයා හමුවීම ප්‍රතික්ෂේප කර ඇත.
අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝගය ඉවත්කර ගන්නා ලෙසට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් දෙවරක්ම අනුශාසනා කරද්දී, එය නොසලකා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයකු පත්කිරීම නාහිමිවරුන්ගේ කනස්සල්ලට හේතුවී තිබෙන බව වාර්තාවේ.

බහින්බස් වීම දුරදිග ගිහින් පියාගේ පොලු පහරින් පුතා මරුදකී

පියකු සහ පුතකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් 69 හැවිරිදි පියාගේ පොලු පහරින් 37 හැවිරිදි පුතු මරණයට පත් වී තිබේ.සැකකාර පියා රක්වාන පොලිසිය විසින් පසුගියදා (18දා) අත්අඩංගුවට ගනු ලැබීය.රක්වාන දෙණියාය මාර්ගය අසල නිවෙසකදී මේ ප්‍රහාරය සිදුවී දින දෙකක් වුවත් පොලු පහරට ලක් වූ පුතු රෝහල් ගත කර නොතිබූ බවද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මියගිය අයගේ බිරිය විදේශගත වීම නිසා ඔහුගේ දරුවාද ජීවත් වී ඇත්තේ සැකකරුට අයත් නිවෙසේමය. එම දරුවාට ආහාර ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් බහින්බස් වීමට මුල් වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවිය.මේ පහරදීමට පෙර මියගිය පුතු විසින් සැකකාරට පියාට අතින් පහරදී ඇතැයිද පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

Gossip Lanka Hot News Previous News Archive