ගර්භාෂය පිපිරී මව හා බිළිඳා මියයති

දරු ප්‍රසූතියක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ දෙදරු මවක් සිය තෙවැනි දරු උපතටත් පෙර ගර්භාෂය පිපිරී කුසේ සිටි දරුවා ද සමග ඊයේ ( 21) රාත්‍රියේ මිය‍ගොස් තිබේ.එම මව දරු ප්‍රසූතිය සඳහා බලපිටිය මූලික රෝහලට ඊයේ (21) සවස ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් එම මවගේ කුසේ සිටි දරුවාගේ හිස ප්‍රමාණයෙන් විශාල ලෙස වැඩී තිබීම නිසා දරු ප්‍රසූතිය අපහසුවී තිබේ.වෛද්‍යවරුන් වැකුම් ක්‍රමය යටතේ දරුවා ගර්භාෂයෙන් පිටතට ගැනීමට දැරූ උත්සහය ද ව්‍යර්ථ වී ඇත.පැය 1.30 ක කාලයක් එසේ වෛද්‍යවරුන් විසින් දැරූ උත්සහය අසාර්ථක වී ඇති අතර මේ හේතුවෙන් දරුවා මියගොස් තිබේ.

“ෆිල්ම්ෆෙයාර්“ හොදම නළුවා රන්බීර්-නිළිය විද්‍යා - 58th Filmfare Awards photos

58 වන ‍ෆිල්ම් ‍ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා(20) ඉන්දියාවේ මුම්බායිහි යෂ් රාජ් චිත්‍රාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
2013 වසරේ ෆිල්ම් ‍ෆෙයාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය රන්බීර් කපූර් විසින් දිනාගත් අතර හොදම නිළියට හිමි සම්මානය විද්‍යා බාලන් විසින් විසින් දිනාගෙන තිබේ.

හොදම චිත්‍රපටය ලෙස “බාෆි “චිත්‍රපටයට සම්මාන හිමිව ඇති අතර හොදම අධ්‍යක්ෂවරයා ලෙස “කහානි“ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුජේ ගෝස් සම්මාන දිනාගෙන තිබේ.

තිස් අටේ නෝනාගේ උකුළ අඩි 8 යි

මිකෙල් රුෆිනෙල්ලිගේ වසය අවුරුදු 38 කි. දරුවන් සිව් දෙනෙකුගේ දයාබර මවක් වන මිකෙල් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලොව විශාලතම උකූළ හිමි තැනැත්තිය (World's Biggest Hips) වශයෙනි.

වාර්තා වන ආකාරයට මිකෙල්ගේ උකුළේ වටප‍්‍රමාණය අඩි 8 ටත් වඩා වැඩිය. මේ නිසා ඇයට සාමාන්‍ය දොරකින් ඇතුල් විය නොහැකිය. ගුවන් යානයක යන්නේ නම් ආසන 2 ක් වෙන්කර ගත යුතුය. මෝටර් රථයකට ඇතුළු වීමටවත් නොහැකි මිකොල් විශාල ට‍්‍රක් රථයක් තම අවශ්‍යතා සදහා යොදා ගනි.මෙවැනි කරදර රැසකට මුහුණ දුන්නද මිකෙල් තම අසාමන්‍ය උකුළ ගැන ආඩම්බර වෙයි. එය අඩුකර ගැනීමට අවශ්‍ය නොවන බව පවසයි.

ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' - The Economist

ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ජාත්‍යන්තර සංවිධානයක් පවසයි. දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තය.

උත්පත්තියක් සඳහා නුසුදුසුම දේශය නයිජීරියාව.රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 63 වැනි ස්ථානය. ලංකාව හා සම තැන ගෙන සිටින්නේ පිලිපීනයයි.රටේ අපරාධ ප්‍රමාණය සහ රජයේ ආයතන පිලිබඳ ජනතා විශ්වාසය වැනි කරුණු පදනම් කරගෙනයි, දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය එම දර්ශකය සකස් කොට තිබෙන්නේ.

බබාලාට Blue පෙන්නලා

ප්‍රංසයේ පිහිටි බාලාංශයක දරුවන් ඉදිරියේ අත්වැරැදීමකින් අසභ්‍ය වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම නිසා පන්ති බාර ගුරුතුමියට එරෙහිව විනයානුකූලව  කටයුතු කිරීමට යති.අවුරුදු 3 - 5 අතර වයසේ පසුවන සිසුන්ට කාටුන් චිත්‍රපටයක් පෙන්වීමේ අදහසින් එම ගුරුවරිය අන්තර්ජාලයෙන් ලබාගත් දර්ශන රූපවාහිනී තිරයකට කවා එහි බොත්තමක් තදකර පන්ති කාමරයෙන් පිටතට ගොස් තිබේ. විනාඩි පහකට පමණ පසු නැවත ඇය පන්ති කාමරයට එන විට ඇයට දෙවියන් සිහිවිය. රූපවාහිනී තිරය මත දිස්වන්නේ කාටුන් රූප නොව 'නිල් චිත්‍රපටයකි.' ඇය වහාම රූපවාහිනිය ක්‍රියා විරහිත කළාය. දරුවන්ගේ මවුපියන්ට කෙසේ හෝ මෙම ආරංචිය කන වැටීම නිසා පැමිණිලි රාශියක් පාසල වෙත ගලා එන්නට විය.

ලැම්බෝගිනිවලින් ගෙනැවිත් විකිණුවත් මෙතරම් මිල ඉහළ යා නොහැකියි

වම්බටු කිලෝව 300යි, බෝංචි කිලෝව 400යි
ආණ්‌ඩුව එදා පොරොන්දු වූ සහන මල්ල කෝ
එජාප නායක රනිල් වික්‍රමසිංහ
ගෙවතුවලින් එකතු කොට ලැම්බෝගිනි කාර්වලින් ගෙනැවිත් විකිණුවත් එළවළු මිල මෙතරම් ඉහළ යා නොහැකි බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුරුණෑගල, දොඩම්ගස්‌ලන්ද ප්‍රදේශයේ පැවැති සංවාදශීලී ජනහමු අමතමින් ඒ මහතා පෙරේදා (20 දා) මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේද කීය.

2014 එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවේ කල් ඉකුත් වීමේ වර්ෂයයි. එම නිසා 2014 න් පසු මෙම රාජපක්‍ෂ රෙජීමය තබා ගැනීමෙන් පළක්‌ නැහැ. මේ ආණ්‌ඩුව තවදුරටත් තබා ගැනීමෙන් ජනතාවට ජීවත් වීමට හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ.

ධනය ලැබෙන තරම ලග්නයෙන් බලාගන්න " Wealth and Astrology "

ලෝකයේ වැඩියෙන්ම මිනිසුන් කතා කරනුයේ මුදල් සොයන ආකාරය පිළිබඳව කියල කිව්වොත් සියලුදෙනාම එකඟ වෙනව ඇති කියල මම දනිමි. සමාජයේ දියුණුවත් සමඟ හැමදෙයකමටම මිලක් නියම වෙලා. අතීත කාලයේදී අද ගෙවන බිල්පත්වලින් 100%ක් වත් මිනිසුන්ට ගෙවන්න සිදුවුණේ නැහැ. ගොඩක් අෑතට නොගියත් අපිත් දන්න දැනට අවුරුදු 40කට 50කට අතීතය ටිකක් එබිල බැලුවොත් අපේ ගමේ පමණක් නෙමෙයි වටපිටාවෙත් විදුලි බලය තිබුණේ නැහැ.

ඒක හොඳයි කියල කියන්න බැරි වුණත් ඒ නිසා බිල් ගොඩක් ගෙවන්න නැතිව ජීවත් වෙන්න හැකියාව තිබුණා. දහස් ගණනින් අද ගෙවන බිල්පත් අතරට ජල බිල, විදුලි බිල, දුරකතන කිහිපයක බිල් ගෙවන්න අපි පුරුදු කරගෙන ඉන්නවා. එදා කි.මී. 5ක් 6ක් දුර වුණත් පාපැදියකින් හෝ දෙපයින් ගමන් කිරීම නිසා ත්‍රීවීල් එකකටවත්, බස් එකකටවත්, පෞද්ගලික වාහනයකටවත් මුදල් වියදම් කරන්න වුණේ නැහැ. ඒ නිසා ඉතිරි වුණු මුදල් ප්‍රමාණය ඉතා විශාලයි. එදා සාමූහිකව කරගත්ත වැඩ ගොඩකට මුදල් ගෙවන්න වෙලා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 5%කට කැරකෙන ලෙඩේ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට පහක් පමණ දීර්ඝකාලීන කැරකැවිල්ල රෝගයෙන් පෙළෙතැයි වෛද්‍යවරු ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.කැරකැවිල්ල නමැති රෝගී තත්ත්වය නිසා එම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව මෑත කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වෙයි.

කණ, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව වෛද්‍යවරු විශාල පිරිසක් සහභාගීත්වයෙන් අද (21) කොළඹ ජාතික රෝහලේ දී කැරකැවිල්ල යන රෝගී තත්ත්වය පිළිබඳව විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.කැරකැවිල්ල ඇති වීමට ඇස්වල ආබාධ, කන් ආබාධ, සන්ධි හා මාංශපේෂී ආබාධ මෙන් ම මොළයේ ආබාධ ද හේතු වී ඇතැයි එම වැඩමුළුවට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරු පැවසූහ.

Gossip Lanka Hot News Previous News Archive