ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න එපා යැයි පවසා නැතැයි ද ඉදිරි වසර හත තුළ ටෙස්ට් තරග 70ක් ක්‍රීඩා කිරීමට තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් ගෙන ආ සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදයේ අදහස් දක්වමිනි.
හැම ක්‍රිකට් ක්‍රීඩයකුටම ටෙස්ට් ක්‍රිකට් ඉතාම උතුම් දෙයක්. 90-96 කලයේ ක්‍රිකට් හොඳ තත්ත්වයක තිබුණා, අර්ජුන රණතුංග නායකත්වය යටතේ ලෝක කුසලානය දිනුවා.මින් පෙර අයි.සී.සී. එක ටෙස්ට් තරග දුන්නේ නෑ. දැන් අයි.සී.සී. එක ටෙස්ට් තරග දෙනවා. ක්‍රිකට් සඳහා කාල සටහනක් තිබෙනවා.
.jpg)

.jpg)




