එක්සත් ජාතික පක්‍ෂයත් අද පත්වී තිබෙන්නේ කාලය ඉකුත් වූ තත්ත්වයකටයි. පක්‍ෂ නායකයා වම්බටු මිල ගැන කතා කර තිබුණා. එයාගේ කතාවත් හරියට පතෝල වගෙයි. කිසිම ගුණයක් නැහැ.
නියඟයෙන් හා ගංවතුරින් වාසි ලබාගන්නට උත්සාහ කළ විපක්‍ෂය දැන් එළවළු මිල ඉහළ ගිය විට එයත් රජයේ වැඩපිළිවෙළට එකතු කරන්නට උත්සාහ දරනවා. එක්සත් ජාතික පක්‍ෂය හා අනිකුත් පක්‍ෂවල සමඟියක්වත් දක්නට නැහැ. රජයේ බලාපොරොත්තුව ගොවියා ආරක්‍ෂා කිරීම වන හෙයින් විපක්‍ෂයේ විහිළුවලට රටේ ජනතාව නොරැවටෙන බව විශ්වාස යැයි සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සහාය මත කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියඟයෙන් අවතැන්ව සිටි ගොවි පවුල් දෙසීයකට සහනාධාර ලබාදීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය
වැඩිදුරටත් කතා කළ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
.jpg)






.bmp)