ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ධූරයට සනත් ජයසූරිය ගේ නමත්


ලබන මාසයේ සිට වෙනස් කිරීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ධූරය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් ජයසූරිය පත්කිරීමට යෝජනාවී ඇතැයි වාර්තා වෙයි.
 නව කි‍්‍රකට් තේරීම් කමිටුව සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් කර ඇති ඉල්ලීමකට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් යෝජනා කර ඇති නම් ලයිස්තුවේ ජයසුරියගේ නමද සඳහන්ය.

අදාල ලයිස්තුව 13 දෙනෙකුගෙන් සමන්විතය.

රහසඟ වටේ මත්කුඩු බැඳගෙන ගිහින් මාට්ටු

මාතලේට මත් කුඩු ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරු/මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළාය.කොළඹ සිට පැමිණ ඇති සැකකරු හෙරොයින් මත් කුඩු පැකට් 60ක් රහසඟ වටේ ගැට ගසා ගෙන නගරාන්තර බසයකින් මාතලේට පැමිණෙමින් සිටින බවට ලැබුණ තොරතුරක් අනුව මාතලේ නුගගහමුල්ල බස් නැවතුම්පොළේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී සංජීව මැදවත්ත මහතාට ලැබුණු තොරතුරක් අනුව මාතලේ සහකාර පොලිස් අධිකාරි 1 ගීගනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශනය කිරීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ වැටලීම සිදු කර ඇත.

විදුලි ගාස්තු නැවතත් ඉහලට යන ලකුණු

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අරමුනින් ලංකා විදුලි බල මණ්ඩලය 2013 ඇස්තමේන්තුගත වියදම් වාර්ථාවක් ශ්‍රීලංකා මහජන උපයොගිතා කොමිෂන් සභාව වෙත යොමු කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කර ඇත්තේ මෙවැනි වියදම් ඇස්තමේන්තු ගොනු කිරීමක අරමුණ එම වියදම් පියවීම සදහා ගාස්තු සංශෝධනයක් හෝ සහනාධාර ලබාගැනීමට කොමිෂන් සභාවේ අවධානය යොමු කරවීම බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය 2013 වසරේ ඇස්තමේන්තුගත වියදම් වශයෙන් රුපියල් බිලියන 268 ක් සදහන් කර ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම ඇස්තමේන්තු මේ විට අධ්‍යනය කරමින් සිටින බවත්එම නිවේදනයේ දැක්වේ.

එජාප මන්ත්‍රීන්ට පෞද්ගලික මාධ්‍ය සාකච්ජා තහනම්!

පක්ෂයේ නිල අනුමැතියකින් තොරව මින් ඉදිරියට මාධ්‍ය සාකච්ජා පැවැත්වීම හා රුපවාහිනි - ගුවන් විදුලි සාකච්ජාවලට සහභාගිවීම මුළුමනින්ම තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයින් වන කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් මේවනවිට තමන්ගේ පෞද්ගලික කාර්යාලවල සතිපතා මාධ්‍ය සාකච්ජා පැවැත්වීම සිදුකරයි. එහෙත් මින් ඉදිරියේදී ඔවුන් දෙදෙනාට සතියට එක් දින බැගින් පක්ෂයේ අධීක්ෂණය යටතේ මාධ්‍ය සාකච්ජා පැවැත්වීමට ඉඩසලසා දීමට නායකත්වය යෝජනා කර ඇත.

පුරුෂ ශක්තිය වසරකට 2% කින් පහල බසින බවට වාර්තා

දශකයක් තුළ දී පුරුෂ ශුක්‍රාණු 38% ක ප්‍රතිශයකින් පහල බැස ඇතැයි ස්පාඤ අධ්‍යයන වාර්තාවකින් හෙලිවී තිබෙනවා.තරුණයින්ගේ පවා ශුක්‍රාණු ප්‍රතිශතය වසරක් පාසා 2% ප්‍රමාණයකින් පහල බසින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. මෙය ඉතා භයානක තත්ත්වයක් වන අතර ගන්නා ආහාර සහ ජීවන විධි මේ සඳහා ප්‍රභල හේතුව වී තිබෙන බව ඔවුන් පෙන්වාදි තිබෙනවා.
මේ පරීක්ෂණය සඳහා වසර 10 ක් තිස්සේ පුරුෂයින් 200 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 2001 වසරේ දී තරල මිලි ලීටරයක් තුල ශුක්‍රාණු සෛල මිලියන 72 ක් තිබී ඇති අතර 2011 වන විට එය තරල මිලි ලීටරයට මිලියන 52 දක්වා පහල වැටී ඇත. මෙම සංඛ්‍යාව මිලියන 40 දක්වා අඩු වුවහොතින් පිළිසිඳගැනීමෙ හැකියාව ඉතා අවධානම් බවයි විශේෂඥයන් පවසන්නේ.

ජැකලින් සිප්එක ඇරගෙන පිංතූර අරං !

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය එෆ් එච් එම් (FHM) සගරාව ජනවාරි මාස කලාපයේ කවරයට සරාගී ලෙස පෙනී සිට තිබේ.ඇගේ තවත් සරාගී ජායාරූප කිහිපයක්ද එම කලාපයේ අන්තර්ගතව ඇත.

ජැකලින් අදාල කවරයට පෙනී සිට ඇත්තේ ඩෙනිම් ජම්ප්සූට් (denim jumpsuit) එකක් ඇඳගෙන වන අතර එහි සිපරය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇය මෙම ජායාරූපය සඳහා පෙනී සිට තිබේ.ඇය මේවන විට බොලිවුඩ් සිනමාවට පිවිස වසර තුනක් බවද පැවසේ
ජැකලින් සිය පළමු චිත‍‍්‍රපටය වූ ‘ඇලඩින්’ හට එක්වී ඇත්තේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදීය.ඇය පිළිබඳව වඩාත් කතාබහට ලක්වූ චිත‍්‍රපටය වූයේ ‘මර්ඩර් - 2’ චිත‍්‍රපටයයි.

ශිරාණි යළි පත් කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලීම්

හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරණායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් එල්ල කර ඇය ධුරයෙන් පහ කිරීම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙළා දකියි.එම සංවිධානය මේ බව සදහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.
හිටපු අගවිනිසුරුවරිය ධුරයෙන් නෙරපා හැරීම ව්‍යවස්ථා විරෝධී බැවින් යලී ශිරාණි බණ්ඩාරණායක මහත්මිය සේවයෙහි පිහිටුවන ලෙස එම සංගමය මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විනිසුරුවරයෙකු ඉවත් කිරීමි හා බැදුනු ජාත්‍යන්තර නියමයන් ඇති බවත් එකසත් ජාතීන්ගේ සංවිධානය දක්වා ඇති අධිකරණයේ ස්වාධිනත්වය පිළිබද නියමයන්ට මෙහිදී ගරුකළ යුතු බවත් මෙම සංවිධානය පෙන්වා දෙයි.

බිරිඳ රටින් ගෙන්වා ගැනීමට නොහැකිව සිව්දරු පියා දිවි නසා ගනී

ගල්පාත පාතකඩ පොල්බිඳිනා කන්දේ වතු නිවාසයක පදිංචි පලනි සුබ්‍රමනියම් නමැති සිව් දරු පියකු ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. ඔහු සියදිවි හානිකර ගත්තේ බිරිඳ රට රැකියාවකට ගොස්‌ කාලසීමාව අවසන් වීමෙන්, පසුව බිරිඳව ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව බව මරණ පරීක්‌ෂණයේදී අනාවරණය විය.
ඔහුගේ බිරිඳ වසර දෙකකට සෞදියේ රැකියාවකට ගියේ 2009.08.30 දිනය දැනට වසර තුනයි මාස 04 ක්‌ ගතවී ඇත. ගාන්ධිමදී සිව්දරු මවකි.පුද්ගලික ඒජන්සියකින් ගාන්ධිමදී සෞදියේ රියාද්වල රැකියාවකට ගියා. ඒජන්සියෙන් ඇය පිළිබඳව විමසුවාම ඔවුන් පවසන්නේ බයවෙන්න දෙයක්‌ නැහැ. ඇය හොඳින් ඉන්නවා කියායි. මාස දෙකෙන් දෙකට ඇය ගෙදරට කතා කරනවා.

Gossip Lanka Hot News Previous News Archive