ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘‘ජිප්සීස්’’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘‘අහිගුණ්ඨික’’ ජන කොට්ඨාශය පිළිබඳ නම් නොවෙයි. ඔවුන් ‘‘ජිප්සීස්’’ නමින් හඳුන්වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘‘ජිප්සීස්’’ සංගීත කණ්ඩායම.
මේ සංගීත කණ්ඩායම ගීත ඇල්බමයක් නිකුත් කරන්නෙ වසර හය හතක කාල පරාසයක් අතරතුර. නමුත් ඔවුන්ගේ ගීත හැමදාමත් විඳින පිරිසක් ලාංකේය සංගීත රසික ප‍්‍රජාව අතරේ ඉන්නවා. මෙය එම සංගීත ප‍්‍රජාව සහ සමස්ථ ලාංකේය සංගීත රසික ප‍්‍රජාව වෙනුවෙන් ‘‘ජිප්සීස්’’ කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා සමඟ පුවත් වෙබ් අඩවියක් පැවැත් වු සම්මුඛ සාකච්ඡාවකි.







