උසාවි අවසරයෙන් සිය දිවි නසාගෙන

උපතින්ම බිහිරි, පසු කාලයකදී දෙනෙත්ද අන්ධ වූ බෙල්ජියම් ජාතික නිවුන් සහෝදරයන් දෙදෙනකුට තම තමන්ගේ කැමැත්ත මත සියදිවි හානි කර ගැනීමට නඩු තීන්දුවක් මඟින් අවසර ලැබී ඇත. 45 හැවිරිදි මෙම නිවුන් සහෝදරයන්ට වෛද්‍යවරයකු විස සහිත ඔෟෂධයන් එන්නත් කිරීමෙන් පසු දෙදෙනා මිය ගිය බව යූ. ඉසෙඩ් බ්‍රසල්ස් රෝහල් ආරංචි මාර්ග පැවැසීය. 

'ඔවුන් දෙදෙනාගේ කැමැත්තට ඉඩ ලැබුණේ එම දෙදෙනා අන්ධ හෝ බිහිරි නිසා නොවේ.
දෙදෙනාටම දෙදෙනා බලා ගැනීමට හෝ කට හඬවල් අසා ගැනීමට නොහැකි නිසා ඇතිවන දරාගත නොහැකි දුක නිසා යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැවැසීය. 

බස් රියේ ගිය නාගයින් !

නාගයන් ඔබමොබ සැරිසැරීම හේතුවෙන් මහනුවර සිට කුරණෑගල බලා ධාවනය වූ බස්රථයක් තුළ නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.පොලිසිය පැවසුවවේ, මගීන් කල දැනුම්දීමට අනුව ඊයේ රාත්‍රියේ අදාළ බස් රථය ගලගෙදර ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කළ බවය.

එහිදී බස් රථය තුළ සිට නාගයන් 09 දෙනෙක්, පිඹූරන් 02කු හා රිලවෙකු ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.අහිංකුන්ටකයින් සිව් දෙනෙකු විසින් මෙම නාගයන් හා රිලවා බස් රථයේ රැ‍ගෙන යමින් සිට ඇති අතර එම පුද්ගලයින් බීමත්ව සිට තිබේ.පොලිසිය පැවසුවේ, එම පුද්ගලයින් සිව්දෙනා, වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව තහවුරු වූ බවය.අත්අඩංගුවට පත් සැකකරුවන් හතර දෙනා, අද ගලගෙදර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

The Collection

‘ද කලෙක්ෂන්’ මාකස් ඩන්ස්ටන් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක කතා පුවතක් රැගත් චිත්‍රපටයක්. 2009 වසරේදී තිරගත වූ ‘ද කලෙක්ට’ චිත්‍රපටයේ ඊළඟ කොටසක් වූ මෙහි ජෝෂ් ස්ටෙවාර්ට්, එමා ෆිට්ස් පැට්‍රික්, ලී ට්‍රෙජෙසන්, ක්‍රිස්ටෝපර් මැක් ඩොනල්ඩ් රංගනයෙන් දායක වෙති.

කලෙක්ෂන් මිනිත්තු 82 ක ධාවන කාලයකින් යුක්ත වේ.

ශ්‍රී ලංකා 2-0 කින් විස්සයි20 තරගාවලිය ජය ලබයි - Sri Lanka won by 3 runs

ඕස්ටේ‍්‍රලියාව එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙල්බන්හිදී අද (28) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි2-0 තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 3 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) තියුණු ජයක් ලැබූහ.
වර්ෂාව නිසා අත්හිටුවා තිබූ තරගය නැවත ආරම්භ වන විට ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 15 කදී ලකුණු 122 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර රැුස්කළ හැකි වූයේ ලකුණු 119 ක් පමණි.
ලකුණු 162 ක ඉලක්කය හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය. එම අවස්ථාවේ තරගය අතහැර දැමුවේ නම් ශ්‍රී ලංකාවට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 15 ක ජයක් හිමිවීමේ අවස්ථාව තිබුණි.

ඒගොල්ලෝ මගේ අත මෙතනින් වෙන්කරා - මේ ඇගේ කථාවයි....

මාතර අචලා ප්‍රියදර්ශනී නමැති නීති විද්‍යාල සිසුවියගේ අත කපා දැමීම වෛද්‍යවරුන්ගේ බලවත් නොසැලකිල්ල මත වූවක් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. වෛද්‍ය විද්‍යාලයේ සිට උගන්වනුයේ අස්ථි බිඳීමකදී එය සවි වීම සඳහා පිටතින් ආවරණයක් (ප්ලාස්ටරයක්) දමන්නේ නම් එය මාංශ පේෂීන්වලට අපහසුතාවයක් නොවන ලෙස දැමිය යුතු බවය.

එහෙත් මෙම ශිෂ්‍යාවගේ අත කැඩී ගොස් තිබූ තැන ඉහළින් මාංශ පේෂී ඉදිමී තදබල වේදනාවක් ඇති වූ බවත් එම වේදනාව නතර කිරීම සඳහා රෝහ‍ලේ වෛද්‍යවරු පෙතිබින් නමැති ප්‍රබල වේදනා නාශක ඖෂධය දී ඇති බවත් ඇඳ ඉහපත් වාර්තාවේ සටහන්ව ඇතැයි අමාත්‍යංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.අනතුරුව ඇය කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බවද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

මේ හදන්නේ ජාතික ගීය අච්චාරුවක් කරන්න - පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ

මෙහෙම ගියොත් ජාතික ගීයට වැදි භාෂාවත් එක්කරන්නත් වෙයි


ජාතික ගීයට දෙමළ භාෂාව එකතු කරනවානම් ඉදිරියේදී ආදිවාසීන්ගේ ඉල්ලීම පරිදි එයට වැදි භාෂාවත් එක් කිරීමට සිදුවන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ. ඕනම රටක ජාතික ගීය පවතින්නේ රටේ ප්‍රධාන භාෂාවෙන් මිස භාෂා ගණනාවකින් නොවේ. භාෂාවන් රැසක් කතාකරන ඉන්දියාවේ ජාතික ගීය ගයන්නේ එකම භාෂාවකින්.අපේ ජාතික ගීයට දමිළ භාෂාව එකතු කිරීමෙන් දමිළ ජනයාට වෙන වාසියක් නැත.මෙය ලකුණු දමා ගන්නට ගෙනා යෝජනාවක්.භාෂාවන් කිහිපයක් දමා ජාතික ගීය අච්චාරුවක් කරන්නයි මේ උත්සාහය යැයි මේධානන්ද හිමි පැවසීය.

නව ඇමතිවරු 10 යි. නියෝජ්‍ය ඇමතිවරු 6යි- Cabinet Reshuffle

නව හා සංශෝධිත ඇමැති පදවි සඳහා ඇමැතිවරු දස දෙනෙක්, ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ මින් මද වෙලාවකට පෙර දිවුරුම් දී තිබේ.

එසේ දිවුරුම් දුන් ඇමතිවරු මෙසේය

01- සුසිල් ප්‍රේමජයන්ත මහතා - පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
02- පාඨලී චම්පික රණවක මහතා - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
03- පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - විදුලිබල හා බලශක්ති
04- අනුර ප්‍රියදර්ශන යාපා මහතා - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය

අලියා ලකුණ යටතේ ජනාධිපති පුටුව හම්බන්තොටට ගේනවා - Sajith Premadasa

අලියා ලකුණ යටතේ ජනාධිපති පුටුව හම්බන්තොටට ගෙන ඒම තමාගේ එකම අරමුණ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා කීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අත්තනයාල නැඟෙනහිරදී පැවැති රැස්වීමකදීය.

කුඩා දරු දැරියන් පිරිසකට ටිකිරි ළමා ගිණුම් පොත් සහ පාසල් උපකරණ බෙදාදීම නිමිත්තෙන් මෙම රැස්වීම පැවැත්විණි.එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.සජිත් ප්‍රේමදාස මේ රටේ දුක් විඳින පුංචි පන්තියේ ජනතාවට සේවයක් කරන විට එහි ගෞරවය හිමිවන්නේ එජාපයට ඡන්දය දී මාව මන්ත්‍රිවරයෙක් කළ හම්බන්තොට ජනතාවටයි. ඒ වගේම මගේ මේ සංවර්ධන වැඩසටහන් තුළින් එජාපය ගෞරවයට ලක්වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive