65 වන ජාතික නිදහස් උළෙල අනිද්දා ත්‍රිකුණාමලයේදී

65 වන ජාතික නිදහස් දින උළෙල අනිද්දා (04) පෙරවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව මාවත පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් මෙවර ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.මෙවර ජාතික දින උළෙලේ තේමාව වී ඇත්තේ 'අසිරිමත් මව්බිමක් -ඉසුරුමත් හෙට දිනක්' යන්නයි.

එදින ආචාර පෙළපාළිය සඳහා යුද හමුදා නිලධාරීන් 3000ක්, නාවික හමුදා නිලධාරීන් 250ක්, පොලිස් නිලධාරීන් 250ක්, ගුවන් හමුදා නිලධාරීන් 250ක්, සිවිල් ආරක්ෂක අංශයෙන් 250ක්, යොවුන් සේනාංකයෙන් 350ක් හා ජාතික ශිෂ්‍යභටයින් 325කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය.මෙම උත්සවය සංස්කෘතිකාංග රැසකින් ද සමන්විතය.මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

ඇමැති මණ්ඩලය නඩත්තුවට මසකට කෝටි 200ක් !

ජනාධිපති හා අගමැති හැර 64 දෙනකුගෙන් යුතු කැබිනට් ඇමති මණ්ඩලය නඩත්තු කිරීම සදහා මෙරට ජනතාව මාසිකව රුපියල් කෝටි 200 කට අසන්න මුදලක් එනම් වසරක ට රුපියල් කෝටි 2,400 ක් පමණ වැය කෙරෙන බව අනාවරණය වේ.

මෙවර කැබිනට් සංශෝධනය මගින් අලුතින් පත් කළ පත් කළ ඇමතිවරුන් 6 දෙනාට මාසික මූලික වැටුප ගෙවීමට පමණක් වැයවන ජනතා මුදල රුපියල් 4,11,000 (හාරලක්ෂ එකළොස් දාහයි)කි. 
ඔවුන් පත්කිරීමට පෙර, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණුවිට ,සිටි ඇමතිවරුන් 58 දෙනා වෙනුවෙන් මාසික වැටුප් ලෙස රුපියල් 39,73,000 ක් ජනතා මුදලින් වැය කෙරිණි.මේ අනුව වත්මන් රජයේ කැබිනට් ඇමතිවරුන් ගේ මූලික වැටුප සදහා පමණක් වසරකට ජනතා මුදලින් වැයවන මුදල රුපියල් 52,22,4000 කි.මෙයට අමතරව අලුතෙන් පත් කෙරුණු ව්‍යාපෘති ඇමති වරුන් දෙදෙනා සදහා මාසික වැටුප වෙනුවෙන් වසරකට රුපියල් 16,44,0000 ක් ජනතා මුදලින් වැය වෙයි.

හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරයෙන් සමු ගනී

ලෝකය ආරක්ෂිත ස්ථානයක් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරයෙන් සමුගනිමින් හිලරි කිල්න්ටන් පැවසුවා ය.සිය වසර 4ක සේවා කාලය අවසානයේ ඇය මෙම ප්‍රකාශය කරනු ලැබුවේ, රාජ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබූ සමුගැනීමේ සාදයේදී ය.
තම සේවා කාලය අභියෝගාත්මක බව ද අමෙරිකාවේ 67 වන රාජ්‍ය ලේකම්වරිය වශයෙන් රාජකාරි කළ ක්ලින්ටන් ප්‍රකාශ කළා ය.65 වැනි වියේ පසුවන හිලරි ක්ලින්ටන් අමෙරිකාවේ ඉහළම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා වශයෙන් සේවය කළ වසර 4 තුළදී රටවල් 112ක සංචාරය කර ඇති අතර ඇය එම කාලය තුළ ගුවන් සැතපුම් මිලියනයකට වඩා දුරක් ගමන් කර තිබේ.ඇයගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ, 2016 වසරේදී අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබා ගැනීම ය.

දික්කසාද වෙන්නෙ ජනප්‍රිය චරිත විතරක් ‍නෙවෙයිනේ - Piyumi Botheju

පියුමි බොතේජු, වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
මේ හේතුව නිසාම පියුමිගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා සොයන්නට ප්‍රේක්ෂකයන් උනන්දුවක් දක්වනවාපසුගිය දිනවල ඇය සම්බන්ධයෙන් විවිධ තොරතුරු විවිධ මාධ්‍ය ඔස්සේ පළවීමත් එක්ක ඇයට මොකද වුණේ කියලා බොහෝ දෙනෙක් විමසුවා. ඒ නිසාම පියුමිව මේ ආකාරයෙන්  කතාබහකට සම්බන්ධ කර ගනු ලැබුවා.

පසුගිය දවස්වල අන්තර්ජාලයේ ඔබ දික්කසාද වෙන්න සූදානම් වනබවට කතාවක් පළ වුණා?
ප්‍රේක්ෂකයන් අතරින් කලාතුරකින් කෙනෙක් කැමතියි අපි දික්කසාද වෙනවා දකින්න. ඒ විදියේ තොරතුරු හොයන අය වෙනුවෙන් තොරතුරු සපයන්න ඔය කියන මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒ පිරිස් වෙනුවෙන් අපි ඩිවෝස් වෙන්න යන බවට තොරතුරු පළ කරනවා.

ලංකාවේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් පුද්ගයෙකුට දියවැඩියාව - diabetes

මෙරට ජනතාව දියවැඩියා රෝගයට ගොදුරුවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.සීනි භාවිතය වැඩිවීම දියවැඩියා රෝගය බහුල වශයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධකයක් වී ඇති බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.වසර 3 ක කාලයක් 5% න් සීනි භාවිතය අඩු කළහොත් දියවැඩියාව 30% න් අඩුකර ගත හැකි ව තිබේ.

දියවැඩියාව වැළඳුණු පුද්ගලයින් ඒ පිළිබඳව නොදැනුවත්ව සිටීම ද දියවැඩියා රෝගය පාලනය කිරීමට බලපා ඇති තවත් සාධයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.මෙරට පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් පුද්ගයෙකුට මේ වනවිට දියවැඩියා රෝගය වැළඳී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සීනි භාවිතය අවම කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මැරතන් දුවද්දී මියගිය සිසුවිය හෘද රෝගියෙක්

හලාවත ආනන්ද ජාතික පාසලේ ඊයේ (31) පෙරවරුවේ පැවැති මැරතන් ධාවන තරගයේ දී කෞශල්‍යා පවිත්‍රානි (19) සිසුවිය කානුවකට ඇද වැටී මියගොස් ඇත්තේ ඇගේ හෘද වස්තුවේ කාපාටවල පැවැති ගැටළුවක් හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මෙවැනි රෝගි තත්ත්වයකින් යුක්ත සිසුවියක් මැරතන් තරගයකට සහභාගි කරවා ගත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය මෙහිදී මතුවන බව එම පාසලේ සෙසු දරුවන්ගේ දෙමව්පියෝ ප්‍රශ්ණ කරති. මැරතන් තරගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් පහකි.

ඇමති මණ්ඩල සංශෝධනය චම්පිකට ගේමක් දෙන්න ගෙනාපු එකක් !


ජනවාරි 28 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ඇමති මණ්ඩල සංශෝධනය, හිටපු විදුලිබල හා බලශක්ති ඇමති චම්පික රණවක එම ධුරයෙන් ඉවත් කිරීමේ අරමුණෙන්කරන ලද්දක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධ ආයතන පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළට පසුගිය කාලයේ චම්පික රණවක ඇමතිවරයා තදබල ලෙස විරෝධය පෑම හේතුවෙන් ඔහු විදුලිබල ක්ෂේත‍්‍රයෙන් ඉවත් කොට තැබීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළම නිලධාරීන්ට තිබුණු බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරියන් පරදවයි- Sri Lanka women beat England

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලකින්පරාජයට පත් කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් සමග අද (01) සමත් විය.

ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.මුම්බායි හි පැවැති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 238ක් රැස් කළාය.

Gossip Lanka Hot News Previous News Archive