ආණ්ඩුව සියලූ මාධ්‍ය හිරිවට්ටවා තිබෙනවා - පූජ්‍ය දඹර අමිල හිමි

ආණ්ඩුවේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බව අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දුන්නේ අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් රට විනාශ කරන බවයි.
‍අද (03) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියන් ප්‍රකාශ කළේ, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කර ඇති බවත් ඒ සඳහා රටට ආදරය කරන සියලූ දෙනාට ආරාධනා කරන බවත්ය.

අතක් අහිමිවූ සරසවි දියණිය - මේ ඇගේ කථාවයි....

" උයපු ලියපු මගේ හුරු අත නැති වුණා ඒත් මං ජිවිතයට මුහුණ දෙනවා "

වළලූ ලූ දෙඅතක හැඩ දකින දවසක් නැවත ඈ වෙත නොඑන බවනම් සැබෑවකි. කුලවමියක වී පෝරුව මත පය තබන දවසක රන්මුද්දක් පළඳවන්න වම් අතේ වෙදැඟිල්ල ඇයට සදාකාලයටම අහිමි බව සැබෑවකි. වමත හුරු අත වූ නීති සිසුවියට අකුරු ලියන්නට වම් අත අහිමි වූ බව සැබෑවකි. කවරකින් කවර ලෙසකින් පිරිමැසුවත් අහිමි වූ අතේ වටිනාකම ඒ අත ජීවිතයට දුන් ශක්තිය වෙනත් භෞතිකයකින් ඒ සමානවම පූරණය කළ නොහැකි බව නම් සැබෑවකි.
වරද හෝ නොසැලකිල්ල කොතැනක වී දැයි අපි නොදනිමු. මේ අහිමිවීම වරදක ප‍්‍රතිඵලයක්ද නොඑසේනම් නොසැලකිල්ලක ප‍්‍රතිඵලයක්දැයි කියන්නටත් අපි තවම නොදනිමු. එහෙත් වරදකට සමාව නිර්දේශ කළ හැකි වුවත් නොසැලකිල්ලට සමාව නිර්දේශ කළ හැකිද? නොසැලකිල්ල කවර ලෙසකින්වත් සාධාරණීකරණය කළ හැකිද?

වෙන්දේසියට දැමූ සඳකඩ පහන මෙරටින් රැගෙන ගියේ 1948ට කලින්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ වෙන්දේසියකට තබා ඇති සඳකඩ පහන පෞරාණිකත්වය පිළිබද අධ්‍යයනයක් අද දිනයේ ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සදහන් කළේ ඒ සදහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීමේ නිරත රුහුණු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයරත්න බෝහිංගමුව මහතා යොමු කර ඇති බවය‍.ඔහු විසින් සඳකඩ පහන කුමන කාලයකට අයත්ද එහි කලාත්මක වැදගත්කම පිලිබදව පුළුල් අධ්‍යයනයක නිරතවනු ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

65 වැනි නිදහස් සැමරුම දා සිරකරුවන් දහසකට නිදහස

හෙටට (4දා) යෙදෙන 65 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ පොදු සමාව යටතේ දහසකට අධික සිරකරුවන් පිරිසකට නිදහස ලැබෙනු ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා සඳහන් කෙළේ එසේ පොදු සමාව යටතේ නිදහස් කළ යුතු සිරකරුවන් වර්ග කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඊයේ වන විට ලැබී තිබුණු බවයි.
 ඒ අනුව ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම්, රේගු ආඥාපනත යටතේ ගැනෙන වැරැදි, ත්‍රස්තවාදී පනත යටතේ වූ වැරැදි ඇතුළු වැරැදි 27කට ඇතුළත් නොවන පුද්ගලයන්ට එම සහනය ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

තව අවුරුදු හතරකින් මම අපවත් වෙනවා

සොහොන් කොතක් ඉදිකරන්නේ කෙනකු මියගිය පසුවය. සාමාන්‍යයෙන් ජීවත්ව සිටියදී තම සොහොන් කොත ඉදිකරගෙන සිටින කෙනකු ගැන අප අසා නැත්තෙමු. එහෙත් මේ අප කියන්නට යන්නේ අපවත්වීමට පෙර තමන් වහන්සේගේ සොහොන් කොත තමන් විසින්ම පන්සලේ ඉදිකරගත් අංකොක්කාවල හිමරතන හිමියන් ගැනය.
අංකොක්කාවල හිමරතන හිමියන් වැඩවසන්නේ අක්මීමන පින්නදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේය.උන්වහන්සේ විසින්ම විහාරස්ථානයේ ඉදිකොටගෙන ඇති තම සොහොන් කොත තුළ ඇති පුවරුවේ මෙසේ සඳහන්ව ඇත්තේය.

මිනිස්සු විශ්වාස කරන්න බැහැ - Anusha Sonali


.ජීවිතේ ආපස්සට හැරිලා බලන විට මොකද හිතෙන්නේ
පුංචි කාලෙට යන්න තිබුණානම් කියලා හිතෙනවා.
.වැඩිහිටි කාලේ ගැන කැමැත්තක් නැද්ද?
අකැමැත්තක් නෑ... ඒත් ආයෙ කවදාවත්ම පොඩි කාලෙට යන්න බැහැනේ. ඒ නිසයි පොඩි කාලෙට යන්න කැමති.
.අනූෂා සොනාලි පුංචි කාලෙ මොනවගේ චරිතයක්ද?
ඒක ඉතින් අහන්න ඕනෑ ගෙදර අයගෙන්. හැබැයි බොහොම හුරතල් කෙල්ලෙක් කියලා ඒ අය කියනවා.

ක‍්‍රිකට් නීති පොත වෙනස් කිරීමට ඔස්ටේ‍්‍රලියාවෙන් ඉල්ලීමක්

වර්ෂාවෙන් බාධා එල්ල වන අවස්ථාවල තරගය පවත්වනවාද නැද්ද තීරණය කිරීමේදී මීට වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් ලිඛිතව සිදුකළ මෙම ඉල්ලීමෙහි සඳහන් වන්නේ එවැනි අවස්ථාවලදී පේ‍්‍රක්ෂකයන්ට වැඩි සාධාරණයක් වන අයුරින් තරගයේ තීරණය ලබාදිය හැකි පරිදි නීති සංශෝධනය වීම යෝග්‍ය වනු ඇති බවයි.
 වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පසුගියදා ඔස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේ පැවැති තරගය නතර කිරීමත් සමග මතු වූ මතභේදාත්මක තත්ත්වය සලකා ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කවුන්සිලය මෙම ඉල්ලීම සිදුකළා. තරගය නැරඹීමට පැමිණ සිටි අති විශාල පේ‍්‍රක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් විනාඩි 90ක් පුරා පැවති සුළු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කළා.

ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක් හැක් වෙයි - The New York Times and Wall Street Journal Hacked.


ට්විටර් සමාජ වෙබ් අඩවිය සයිබර් ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා.එම වෙබ් අඩවියේ පරිපාලකයන් පවසන්නේ සාමාජික ගිණුම් දෙලක්ෂ පනස්දහසකට වැඩි ප‍්‍රමාණයක් එයින් තර්ජනයට ලක් වූ බවයි.ඒවායේ රහස් අංක ප‍්‍රහාරකයන් විසින් සොරාගන්නට ඇතැයි සැක කෙරෙනවා.

 ඊට හේතුව එම සාමාජික ගිණුම්වල අසාමාන්‍ය වැඩි පිවිසුමක් සහ අසාමාන්‍ය කි‍්‍රයාකාරකම් සිදුවීමයි.ඒ අනුව ඒවායේ රහස් අංක වෙනස් කර නව රහස් අංක විද්‍යුත් තැපෑල මගින් සැබෑ හිමිකරුවන්ට දැනුම් දුන් බව පරිපාලකයන් වැඩිදුරටත් පවසනවා.මේ අතර අමෙරිකාවේ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රවෘත්ති වෙබ් අඩවි දෙකක් ද සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙන බවයි සී.එන්.එන්.රූපවාහිනිය පවසන්නේ. ‘නිව්යෝර්ක් ටයිම්ස්’ සහ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ යන වෙබ් අඩවි එලෙස සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙනවා.මෙම වාර්තාවට අනුව සයිබර් ප‍්‍රහාරකයන් ‘නිව්යෝර්ක් ටයිම්ස්’සහ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’යන වෙබ් අඩවිවල සේවකයන්ගේ රාජකාරි පරිගණකවල රහස් අංක සොරාගෙන තිබෙනවා.පසුව එම පරිගණකවලට ඇතුළු වී දත්ත වෙනස් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

Gossip Lanka Hot News Previous News Archive