ආණ්ඩුවේ කුමන්ත්‍රණ පරදා රටට වන විනාශය නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේග ඒකරාශී විය යුතු බව අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.උන්වහන්සේ පෙන්වා දුන්නේ අධිරාජ්‍යවාදය, රටට විජාතික බලවේග කැඳවන ආණ්ඩුව ලෙසිනුත් ආණ්ඩුව නිර්මාණය කරන අර්බුදවල ගැලවුම්කරුවා ලෙසිනුත් ආකර දෙකකින් පෙනී සිටිමින් රට විනාශ කරන බවයි.
අද (03) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල හිමියන් ප්‍රකාශ කළේ, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ලෙස එළඹෙන 06වනදා පා ගමන් දෙකක් සහිත දැවැන්ත රැලියක් හයිඩ් පිටියේ සූදානම්කර ඇති බවත් ඒ සඳහා රටට ආදරය කරන සියලූ දෙනාට ආරාධනා කරන බවත්ය.



.jpg)



.jpg)