විමලවංශ හිමියන් ඝාතනය සම්බන්ධයැයි සැකපිට උපනගරාධිපති අත්අඩංගුවට

මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමිපානන් වහන්සේ කපා කොටා මරා දැමීමට සම්බන්ධයැයි සැක පිට මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා අදාල ඉඩම් ආරව්ල සම්බන්ධයෙන් කලක සිට මෙම භික්ෂූන් වහන්සේ සමග දැඩි මතගැටුමක සිටි ඇත. වරෙක ඔහු නගරසභා රැස්වීමකදී විමලවංශ හිමියන්ට එරෙහිව ඉතා අසභ්‍ය ආකාරයේ ප්‍රකාශයක්ද සිදුකර ඇත.

සැමියාට ජීවත් වෙන්න වකුගඩුවක් දන් දුන් ආදරණීය බිරියක්

බිරිය විසින් සැමියා ඝාතනය කරන එසේත් නැත්නම් සැමියා විසින් බිරිය ඝාතනය කරන වකවානුවක තම සැමියාගේ ජීවිතය බේරාගැනීමට තම වකුගඩු 02න් එකක් පරිත්‍යාග කළ ආදර්ශවත් දිරිය කාන්තාවක් මිරහවත්ත ප්‍රදේශයේදී  හමුවිය.ඇය වැලිමඩ මිරහවත්ත, උඩවෙල හන්දිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. බූමාලීය. එක වකුගඩුවකින් සැමියාට ජීවත් වීමට ඉඩ සලසා දුන් ඇය ද එක් වකුගඩුවකින් ජීවත් වෙමින් ‘බයිට්ස්’ නිපදවා තම පවුල නඩත්තු කිරීමට දරන වෙහෙස ආදර්ශවත්ය.
ඇය මෙසේ පැවැසීය.

“මගේ උපන් ගම වැලිමඩ උඩයල්කුඹුරේ. මගේ මව ඒ.එම්. බණ්ඩාර මැණිකා. පියා කේ.ඒ. ෂෙල්ටන්. තාත්තා ගොවිතැන් තමයි කළේ. මට නංගිලා දෙන්නෙක් සහ මල්ලිලා දෙන්නෙක් සිටිනවා. මම පවුලේ වැඩිමලා."

ළමා කාලය අසතුටුදායක නම් මැදිවයසේදී හෘද රෝග

ළමා කාලය අසතුටුදායක ලෙස ගත කරන්නන්ට මැදි වයසේ දී හෘද රෝගවලට ලක්වීමේ ඉහළ අවදානමක් පවතින බවට අනාවරණය වී තිබේ.අමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ කාන්තාවන්ට මෙම අවදානම ඇති වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා බවයි.
පුද්ගලයන් 377 දෙනෙකු යොදා ගනිමින් දීර්ඝ වශයෙන් සිදුකළ පර්යේෂණයකින් මේ පිළිබඳ අනාවරණය වී තිබේ.හෘද රෝග ඇති වීමට තුඩු දෙන වෙනත් සාධක පාලනය කිරීමෙන් පසු වයස අවුරුදු හතේ දී දැඩි වේදනාවන්ට මුහුණදුන් කාන්තාවන්ට හෘද රෝග ඇති වීමේ අවදානම සියයට 31කින් ඉහළ ගොස් තිබේ.පිරිමි පුද්ගලයින්ගේ එම අවදානම සියයට 17ක් බව එම පර්යේෂකයින් පෙන්වාදී ඇත.

මොරටුවේ විහාරාධිපති නමක ඝාතනය කෙරේ

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් කපා කොටා ඝාතනය කෙරේ.මොරටුව එගොඩ උයන සුනන්ද උපනන්ද විහාස්ථානයේ වැඩ විසු මෙම හිමි නම එම විහාරස්ථානයේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් පෙහරදී ඝාතනය කිරීමට උත්සහ දරා තිබේ.
මෙහිදී කැපුම් තුවාල ලැබු හිමිනම පානදුර රොහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ(3)රාත්‍රියේ අපවත් වී තිබේ.

මෙම ඝාතනයට අදාල සැකකරුවන් දෙදෙනාගේ මල සිරුරු ද බණ්ඩාරගම දැල්කඩ ප්‍රෙද්ශයේදි සොයාගෙන ඇති බව පොලීසිය කියයි.ඔවුන් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

ජාතිවාදයට ලංකාවෙ ඉඩක් නෑ - President Mahinda Rajapaksa

ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ‍්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ජනධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියයි.ත‍්‍රිකුණාමලයේ අද (04) පැවැති 65 වැනි නිදහස් දින සැමරුම් උ‍ළෙළ අමතමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් සේ සලකන බවත්, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයිද ඔහු කීය.

ශ‍්‍රී ලංකාව නිදහස වෙනුවෙන් අප‍්‍රමාණ දුක් පීඩාවට පත් වූ රාජ්‍යයක් බවත්, එසේ දිනාගත් නිදහස රැක ගැනීමේ වගකීම රජයට පමණක් නොව විපක්ෂයටද ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ශ‍්‍රී ලංකාවට විරුද්ධව විදෙස් රටවලට දිය හැකි හොඳම පිළිතුර වන්නේ අප රටේ ඇති සංවර්ධනය හා සංහිඳියාව බවද පැවසූ සජනාධිපතිවරයා වාර්තා දුටු පමණින්, මාධ්‍ය කී පමණින් කිසිවක් විශ්වාස නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

අජන්ත හා තිසර ඩොලර්වලට විකිණෙයි - IPL 2013 Player Auction

ඉන්දීය ප‍්‍රමුඛ පෙල ක‍්‍රිකට් තරඟාවලිය සඳහා පැවැත්වු ක‍්‍රීඩක වෙන්දේසියේදී වැඩිම විටිනාකම ඔස්ට්‍රේලියාවේ ග්ලින් මැක්ස්වෙල්ට හිමිවෙයි.එහිදී මුමබායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඩොලර් ලක්ෂ 10 කට ග්ලන් මැක්ස්වෙල් මිලදී ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් මීලගට ඉහළම ලංසුවට අලවි වී ඇති අතර ඔහු ඇමරිකානු ඩොලර් 725,000කට පුනේ වොරියස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.

ඉදිරියේදී “වස”දෙන්නේ ගොවීන්ට පමණයි

ඉදිරියේ දී වෙළඳපළට නිකුත් කෙරෙන කෘමිනාශක වල් නාශක හා රසායනික පොහොර මිලදී ගැනීමට හැකි වන්නේ ගොවීන්ට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අවිධිමත් ලෙස කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන හානි අවම කිරීමේ අදහසින් ඉදිරි කාලය තුළ මෙම නව නීති ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 කෘමිනාශක වල්නාශක හා රසායනික පොහොර විෂවීමෙන් වාර්ෂිකව පුද්ගලයින් 10000 ක් පමණ රෝහල් ගත කරන අතර ඉන් 2000 ක් පමණ මිය යන බවත් තවත් විශාල පිරිසක් විවිධ රෝග තත්වයන්ට ගොදුරු වන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රටේ යහපැවැත්ම වෙනුවෙන් වීසා දුන්නේ නෑ- ආගමන විගමන පාලක

ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් නිකුත් නොකළේ රටේ යහපැවැත්ම වෙනුවෙන් බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා පවසයි. ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිතයන් ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු සදහන් කර තිබේ.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග ක‍්‍රියාවලියක් මගින් ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය විසින් මෙරටට එවීමට සැළසුම් කර තිබුණි.මෙම කණ්ඩායම පසුගිය සිකුරාදා මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දී තිබුණු අවසරය ශ්‍රී ලංකා ආණ්ඩුව අවසාන මොහොතේ ඉවත්කර ගැනීම හේතුවෙන් සිය දූත පිරිසක සංචාරය අවලංගු කිරීමට බල කෙරී තිබෙන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය සදහන් කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive