මාල කඩා කප් ගැහුවත්, එයා දේශපාලන අතදරුවෙක් - අනුර

වරාය හා මහාමාර්ග ව්‍යාපෘති පිළිබඳ ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සිදුකරන ප්‍රකාශ සම්බන්දයෙන් මාධ්‍යවේදීකු ඇසූ ප්‍රශ්නයකට ප්‍රකාශක් සිදු කරමින් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසූවේ, කොච්චියෙන් චේන් කඩාගෙන පනින්න සහ බීච් එකේ විදේශීකයන්ගෙන් කප්පම් ගන්න කප් ගැහුවට ඔහු දේශපාලනයට අත දරුවෙකු බවයි.

එහිදී අනුර දිසානායක මහතා පැවසූවේ "කෝච්චියේ යන මගීන්ගේ චේන් කඩාගෙන පනින්නේ කොහොමද කියලා මම ඔහු සමග විවාදයකට යන්නෑ මොකද ඔහු ඒකෙන් දිනනවා. බීච් එකට එන විදේශීය සංචාරකයන්ගෙන් කප්පම් ගන්නෙ කොහොමද කියලා වැඩපිළිවෙලක් හැදුවොත් ඔහු ඒකෙන් කප් එක ගන්නවා. ඒත් ඔහු දේශපාලනයට අතදරුවෙක් පමණයි." යනුවෙනි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එබව සදහන් කළේය.

අපි ඇප කැප වී සිටින්නේ නාමල් රාජපක්ෂ ජනපති කරවන්නයි - රෝහිත අබේගුණවර්ධන

තමන් ඇප කැපවී සිටින්නේ නාමල් රාපක්‍ෂ ජනාධිපති කරවීම සඳහා යයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. පානදුර නල්ලූරුවේ ගල්වැටිමෝදර ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයක දී අබේගුණවර්ධන මහතා එසේ කීවේ ය.
ඒ මහතා මෙසේද එහිදී වැඩි දුරටත් කීවේය.
‘අද මේ විහාරස්ථානයේ වාහල්කඩ සහ බුදුමැදුර විවෘත කිරීමට මගේ ආරාධනය සිට සහභාගි වුණේ අපේ අනාගත ජනාධිපතිවරයා යි. අපි ලෑස්ති වෙන්නේ අනාගතයේ දී එයාට රට භාරදෙන්න යි. රටේ අනාගත නායකයා වීමට සිටින නාමල් රාජපක්‍ෂ මහතා මේ උත්සවයට සහභාගී කරවා ගැනීම නම් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගත් බුද්ධිමත් තීරණයක්.

දක්‍ෂතා දක්වන්නේ නැතිනම් මහේල නෙමෙයි කවුරු උනත් එළියේ - Sanath Jayasuriya


කලක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොව බැබලවූ පිතිකරු ඔහුය. ලොව  ඕනෑම පන්දු යවන්නෙක් භිතියට පත් කලේ ඔහුය. 
සුද්දාගේ ක‍්‍රමයෙන් පිට පැන අපේ ක‍්‍රමයට රිදෙන්නට ගසමින් වහලයට උඩින් යන්නට පන්දුවට ගැහුවේ ඔහුය. හද්දා පිටිසර අම්මලා දන්නා ක‍්‍රිකට්ටුවක් නැතත් එකල උන්ගේ බත් මුට්ටිය රොස් කලේ ඔහුය.
අපේ කාලයේ ක‍්‍රිකට් වීරයා ඔහුය.
සනත්  ජයසූරිය’ ඔහු ගැන අමුතු හදුන්වාදීමක් අවශ්‍ය නොවේ.එහෙත් ඔහු දේශපාලඥයෙකු ලෙස කටයුතු කරමින් ක‍්‍රිකට් තේරීම් කමුටුවේ සභාපතිවරයා වීම පිලිබද විවිධ කතාබහ ඇතිවෙමින් පවතී.

'දිවි මකුළු' විශේෂයක් ලොවට හදුන්වා දේ

තලංකාවපුරා දීපව්‍යාප්තව පසුගිය වසර හතර තුළ සිදුකළ සමීක්ෂණයකින් පසුව නවතම \'දිවි මකුළු\' විශේෂයක් ලෝකයට අනාවරණය කිරීමට මෙරට පරිසරවේදීහු පිරිසක් සමත්ව සිටිති. 
Poecilotheria Rajaei යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ දිවි මකුළු විශේෂය පිළිබඳ විද්‍යාත්මක පත්‍රිකාව British Tarantula Socity නම් ජර්නලයේ ආසන්නම කලාපයේ පළකර ඇත.  මෙම දිවිමකුළු විශේෂයෙහි පළමු නිදර්ශකය 2009 වර්ෂයේදී හමුවී ඇත්තේ මාන්නකුලම් ආශ්‍රිත ගම්මානයකදීය. 

එහිදී පර්යේෂකයන්ට හමුවී ඇත්තේ ගම්මුන් විසින් මරා දමන ලද දිවිමකුළුවකුගේ නිදර්ශකයකි. මේ වනවිට ලංකාවේ දිවිමකුළු විශේෂ 7 ක් හඳුනාගෙන ඇති අතර මෙම නවතම Poecilotheria Rajaei දිවිමකුළු විශේෂයත් සමඟ එය අටක් බවට පත්වේ.

සිංහල ජාතිය රැක ගන්න තවමත් අපි පරක්කු නැහැ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය,
පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති
මැදගොඩ අභයතිස්ස හිමි
බහුජාතික, බහුආගමික ජනතාව ජීවත්වන අපේ රටේ තවමත් මහජාතිය ලෙස සැලකෙන්නේ සිංහල ජාතියයි. නමුත් අතීතය හා සසඳා බලද්දී අද සිංහල ජාතියේ දකින්නට ලැබෙන්නේ අපගමනයකි. මේ ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

අතීතයේ පටන් සිංහල, බෞද්ධ රටක් ලෙස හැඳින්වූ අපේ රටේ වර්තමානයේ සිංහල ජාතියට තිබෙන ස්ථානය කෙබඳුද?

සරසවි පිවිසුම අවුලෙන් අවුලට - 2012 A/L Results Issue

 මෙවර උසස් පෙළත් අවුල්ලූ

පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මුහුණ දෙන ඛේදවාචකයයි මේ. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී උසස් පෙළ සිසුන් විභාගය සමත් සිසුන්ට විඳින්නට සිදුවන දුක, මානසික පීඩනය ගැන ඉහත තොරතුරු අනාවරණය කෙළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතායි.

එම පක්ෂය විසින් ඊයේ (4දා) කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාව දිනාගැනීම වෙනුවෙන් සිසුන් අරගල මාවතට ප්‍රවේශ විය යුතු යැයි කී ඒ මහතා මෙසේද කීය.

මගේ බෙදිල්ල නවත්තන්න කාටවත් බෑ - Sajith Premadasa

කුමන බාධා එල්ල වුවත් ජනතා මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.පසුගියදා සුරියවැව ප්‍රෙද්ශයේ සහන යාත්‍රා වැඩසටහන ක්‍රියාත්මක කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්වයෙන් විපතට පත්වු පවුල් වෙත වන්දි පිරිනැමීම සජිත්ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා

“අප මේ බෙදාගෙන බෙදාගෙන යන හැටි දැක්කම සමහරු පුදුමයට පත්ව සිටිනවා.අප මේ සියලුදේ බෙදන්නේ මේ රටේ අසරණ භාවයට පත්වෙලා ඉන්න ජනතාවට බව අමත කරන්න එපා.ඇතැම් පුද්ගලයින්ට මේ බෙදිල්ල පුරුදු නෑ.ඒ අය පුරුදු වී සිටින්නේ තමන්ටම බෙදා ගන්නටයි.අද තමුන්නාන්සේලාට රජයේ ලැබිය යුතු සහන පේන තෙක් මානයක් වත් නැත්තේ ඒ නිසයි.

සේමිණි ගැහැණියෙක් නොවුනා නම් පිරිමියෙක් වෙන්නේ පැනලා ලු ! Chat with Semini Iddamalgoda

සේමිණි ඉද්දමල්ගොඩ පුවත්පතක අතිරේකයක සංවාදයකට එක් වෙමින් ඔවුන් විසින් අසන ලද කෙටි ප්‍රශ්න වලට පිළිතුරු සපයා තිබුනේ පහත පරිදිය. එහිදී පැකේජ් ක්‍රමයට විකිනෙන නිලියක් යන කටකටතාවට ද ඇය කෙටි පිළිතුරක් සපයා තිබේ. 






Gossip Lanka Hot News Previous News Archive