දැන් මගේ ජීවිතය සම්පූර්ණයි - Oshadi Hewamadduma

ඕෂධී අපට සිටින දක්ෂතම රංගන ශිල්පිනියකි; එසේම නර්තන ශිල්පිනියකි. ඕෂධී වාසනාවන්ත රංගන ශිල්පිනියක ලෙස හැඳින්වීම ද නිවැරැදිය. ඒ ඉතා කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ද හොඳ චරිත නිරූපණය කිරීමේ අවස්ථා කීපයක්ම ඇය ලද නිසාය. ඕෂධී උතුම් මව් පදවිය ලැබුවේ ළඟදීය. ඕෂධී සමඟ කතාබහට එක්වූයේ ඇයගේ නවතම තොරතුරු දැනගැනීමේ අරමුණෙනි.

මොන වගේ කලා කටයුතුවල ද ඔබ මේ දවස්වල නිරත වෙලා ඉන්නේ...?

කිසිම කලා කටයුත්තක මේ දවස්වල යෙදිල නැහැ. කරන ලොකුම වැඩේ තමයි පුතත් එක්ක ඉන්න එක; පුතාව බලාගන්න එක.

උල්කාපාතයක කැබැලි බත්තරමුල්ලට වැටිලා - Meteorite fragments at Battaramulla

 වැඩිදුර පරීක්ෂණවලින් පසු සත්‍ය හෙළි කරනවා
කිලෝ ග්රෑම් 10-20 අතර අවම බරකින් යුත් පාෂාණ වර්ගයේ උල්කාෂ්මයක් පෙරේදා (07) රාත්‍රියේ දී බත්තරමුල්ල, ජයන්තිපුර නිවසක මිදුලකට ඇද වැටී ඇත.මෙය ධූමකේතුවක කොටස් නොවන බවත්, පාෂාණ වර්ගයේ උල්කාපාතයක් විය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා මෙම උල්කාපාතය වැටුණු ස්ථානයට පැමිණ රේඩියේෂන් මීටරයක් යොදාගනිමින් එම ස්ථානය පරීක්ෂා කළ අතර, උල්කාපාත යැයි සැක සහිත නියැදියන්හි එම අවස්ථාවේ විකිරණශීලීත්වයක් (චුම්බක ශක්තියක්)නොමැති බව තහවුරු කළේය.නමුත් පෙරේදා (07) දිනයේ දී ඇල්ෆා සෙන්චරින් නැමති උල්කාපාත වර්ෂාවක් ඇදහැලී ඇති බව පෙන්වාදුන් ජයරත්න මහතා, එය කුඩා වර්ෂාවක් බවත්, මෙම උල්කාෂ්ම ඊට සම කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනපති ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගනී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රිමහ බෝධීන් වහන්සේ සහ බුද්ධගයාව වැදපුදා ගනි.
අද පෙරවරුවේ ඉන්දියාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස බුද්ධගයාවේ ගයා ගුවන්තොටුලලේදි ජනාධිපතිවරයා ඇතුළු පිරිස බිහාර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිටීෂ් කුමාර් මහතා විසින් පිලිගනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ජනාධීපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් යන මහත්වරු මෙම සංචාරයට එක්ව සිටිති.එහිදී ජනාධිපතිවරයා විසින් මහාබෝධි ඉන්දියානු බුද්ධගයා මධ්‍යස්‌ථානයේ රන්වැට විවෘත කිරීමත් සංස්‌කෘතික මධ්‍යස්‌ථානයකට මුල්ගල තැබීමත් සිදු කෙරෙනු ඇත.මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධගයාවේ පිහිටි බෞද්ධ රටවලට අයත් විහාරස්‌ථාන වෙත ගොස්‌ එම නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමටද නියමිතය.

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - Dullas Alahapperuma

අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයි, හිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි.

ශ‍්‍රී ලංකා කෙල්ලෝ නවසීලන්තයට පරදිති

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති සුපර් සික්ස් වටයේ තරගයෙන් ශ්‍රිලංකාව පරදා නවසීලන්තය කඩුලු 8ක ජයක් වාර්තා කරයි. මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම ලකුනු 103 කට සීමා කිරිමට නවසීලන්ත කණ්ඩායමට හැකි වු අතර නවසීපන්ත කණ්ඩායම පිලීතුරු වශයෙන් කඩුලු 2 කට ලකුනු 108ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.
පන්දුවාර 42කදි සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ 103ක් පමණි.දිලානි සුරංගිකා ල.34 ක්ද දීපිකා රසංගිකා ල.20ක්ද සදමාලි දොලෙහෙවත්ත ල.19ක්ද රැස් කරගැනීම‍ට සමත් විය.

ජනපතිට විරෝධය පෑවාට 1000 ක් අත්අඩංගුවට


ශ්‍රී ලංකානු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට විරුද්ධව චෙන්නාහි සහ නව දිල්ලි නුවරවල දමිළ ජනතාව වීදි බැස විරෝධතා ව්‍යාපාර වෙල යෙදෙන අයුරු විදෙශා වාර්තා සදහන් කර ඇත. ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං මහතාගේ නිල නිවස අවට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින් 1000 ට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මරුමලර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

අද (08) උදෑසන තමිල්නාඩුවේ සිට ගුවන්යානා මගින් නවදිල්ලියට පැමිණ ඇති මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බවට පෙර දැනුම්දීමක් සිදුකර ඇතැයි ද නක්කීරන් වෙබ් අඩවිය උපුටා දක්වයි.ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං මහතාගේ නිල නිවස අවට ප්‍රදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වන වගන්තියට අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් බැවින් මෙම උද්ඝෝෂකයින් පිරිස මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. 

සිවිල් යුද්ධයක් යනු සාදයක් නොවේ - Somawansa Amarasinghe

1988 / 1989 වසරවල දකුණේ ඇතිවු අර්බුදකාරී තත්ත්වය සිවිල් යුද්ධයක් බවත්, සිවිල් යුද්ධයක් යනු සාදයක් නොවන බවත්, එහි පාර්ශවකරුවෙකු බවට ජනතා විමුක්ති පෙරමුණ ද පත්වු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (07) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් රචනා කරන ලද 'නැත්ත වෙනුවට ඇත්ත 'කෘතිය සම්බන්ධයෙන් නඩු විභාගය කොළඹ වාණිජ මහාධිකරණයේදී ඊයේ (07) විභාද වූ අතර, එහිදී විත්තියේ නීතිඥ ගෝමින් දයා ශී‍්‍ර මහතා විසින් ඇසු හරස් ප‍්‍රශ්න හමුවේ අමරසිංහ මහතා එසේ පැවසිය.

ස්කෑන් යන්ත‍්‍රය දැරියක් බිළි ගනියි ! Child dies in MRI scan mishap

කොළඹ නවලෝක රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත‍්‍රයක සිදුවු දෝෂයක් හේතුවෙන් තම පස් හැවිරිදි දියණිය මරණයට පත්ව ඇතැයි එම දැරියකගේ මව චෝදනා කරන්නීය.එම ස්කෑන් යන්ත‍්‍රයකට ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඇතුළත් කළ තම දියණිය එහි දෝෂයක් නිසා එය ඇතුළතදී අවාසනාවන්ත ලෙස මියගිය බව ඇය පවසන්නීය.

මෙසේ මියගොස් ඇත්තේ, කැලනියේ මාබිම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි බුද්ධි රත්නායක නමැති දැරියකි.

Gossip Lanka Hot News Previous News Archive