ඇමරිකාව හිමෙන් වැසෙයි US north-east braces for 'historic' snowstorm

ඇමරිකා එක්සත් ජනපදයට වාර්තාගත අධික හිම පතනයක් ඇදැ හැලෙයි. විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ ඇතැම් ප්‍රදේශවල අඩි 3ක් පමණ හිමෙන් වැසී ඇති බවයි.
මේ වන විට නිව්යොර්ක් නගරයෙන් ගමන් ආරම්භ ගුවන් යානා අවලංගුකර ඇති අතර දුම්රිය සේවාද අත්හිටුවා තිබේ.කාර්යාල සියල්ලකම පාහේ කටයුතු මේ නිසා අඩාල වි ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.කෙසේ වෙතත් ජනතාවට අවශය තරම් ආහාර රැස්කරගෙන නිවෙස් තුලට වී සිටින ලෙස ආපදා අංශ නිවේදන නිකුත් කර තිබේ.

නිව් ජර්සි ,නිව්යොර්ක් සහ මැසචුසෙට් ආදී ප්‍රෙද්ශවලින් මෙම වාර්තාගත හිම පතනය වාර්තා වෙයි.හිම සමග තරමක තද සුළං ද ඇතිවීමේ තත්වයක් ඇති බවැන් ආරක්ෂාකාරිව සිටින ලෙස එරට කාලගුණ අංශ ජනතාවට දන්වා තිබේ.

ණය බර වැඩි වී පියා දරුවන්ට වසදීලා !

පියා විසින් තම දරුවන් තිදෙනාට වස ලබාදීමෙන් පසු පියා හා දරුදෙදෙනෙකු මියගොස්, අනෙක් දරුවා අසාධ්‍යව රෝහල්ගත කිරීමේ සිද්ධියක් මහනුවර පොලිසියෙන් වාර්තා වේ.

මියගිය දරුවන් දෙදෙනා පිරිමි දරුවන් බවත් ඔවුන් අට හැවිරිදි හා සිවුහැවිරිදි වියේ පසුවන බවත් පැවසේ. මෙසේ මියගොස් ඇත්තේ මහනුවර, අංක 67/ඒ, පේරාදෙණිය පාර,කටුකැලේ ලිපිනය පදිංචිව සිටි උදය කුමාර් (පියා - 44), ලදුර්ෂන් (08) හා ලදිෂ්කර් (04) යන තිදෙනාය.රෝහල්ගතව සිටින දරුවා 14 වන වියේ පසුවන බව පැවසේ.මොවුන්ගේ මෘත ශරීර මහනුවර රෝහලේ මෘත ශරිරාගාරයේ ඇත.

Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012)

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Mitrix චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නවතම චිත්‍රපටය යි Cloud Atlas – ක්ලවුඩ් ඇට්ලස් (2012)

මේ චිත්‍රපටය මිෂෙල් ඩේවිඩ් විසින් රචිත සම්මානනීය විද්‍යා ප්‍රබන්ධයක් වන Cloud Atlas නම් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණය වී ඇති මේ සිනමා නිර්මාණය පුරාවට කතා හයක් පමණ ඇතුලත් වේ. එසේ වුවත් මේ අතීතය වර්ථමාණය හා අනාගතය තුල එකින් එකට සම්බන්ධ මේ කතා 6 හරහා 18 වන සියවසේ සිට 23 වන සියවස දක්වා කාල පරාසය තුල සිදුවන එකිනෙකට සම්බන්ධ සිද්ධි දාමයක් දක්නට ලැබෙනවා.

දියණිය දූෂණය කළ පියාට දස වසරක සිර දඬුවමක්

තම පස් හැවිරිදි දියණිය දූෂණය කළ තිදරු පියාට වසර 10ක බරපතළ සිර දඬුවමක් හා රුපියල් 10,000/=ක දඩ මුදලක් ගෙවීමට කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය නියෝග කළාය.
මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ රුවන්වැල්ල පොලිස් වසමේ අටුලුගම්කන්ද දෙහිඕවිට ලිපිනයේ පදිංචි වෑතරලාගේ ප්‍රේමදාස හෙවත් ඇන්ටන් නමැත්තකුටය.
රුවන්වැල්ල පොලිස් වසමේ අටුලුගම්කන්ද ප්‍රදේශයේදී සිදුකර ඇති මෙම අපරාධයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම හා වැඩිදුර පරීක්‍ෂණ එවකට රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති පො. ප. රොහාන් ප්‍රේමරත්න හා උ. පො. ප. සිරිපාල, කාන්තා පොලිස් කොස්තාපල් ලලිතා යන නිලධාරීන් විසින් සිදුකර තිබූ අතර, මූලික නඩු විභාගය රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකර තිබිණි.

ජනපතිගේ ගංග්නම් නර්තනය - Mahinda Rajapaksa's Gangnam Style

ගංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ගීතය වේ.

එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිබෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

ජනාධිපතිවරයා, විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රෝසි සේනානායක හා අනර්කලී ද ඒ අතර වෙයි.

ලිංගිකව පරිපූර්ණ නොවූ අඹුසැමියන්

 වර්තමානයේ බොහෝ පවුල් ජීවිත දික්‌කසාදවලින් තොරව ගැටගසාගෙන යන්නේ දූ දරුවන් නිසා යෑයි බොහෝ දෙනා පවසති. විවාහ වීමට පෙර කුරුළු ජෝඩු වගේ සිටි පෙම්වතුන් විවාහ වී වසරක්‌ දෙකක්‌ යන විට දරුමල්ලන් ලැබෙන විට එකිනෙකා දුරස්‌ව යැමට පටන් ගන්නා බව ඔවුහු පවසති.

මෙවන් පසුබිමක විවාහ වී අඹුසැමියන් ලෙස ලිංගිකව එක්‌ නොවූවන් අප සමාජයේ සිටින බව පැවසුවහොත් ඔබ පුදුම විය හැකිය. මෙය විවෘත ලෙස කතාබහට ලක්‌ නොවූවද එවැනි පවුල් ශ්‍රී ලංකාවේ සිටිති.

ඩිල්ෂාන්ගේ කැමරාව යාබද නිවසේ නාන තටාකයට එල්ල වී තිබුණේ නැතිලු!

- පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවේ
හිටපු ක්‍රිකට්‌ නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාට අයත් මිරිහානේ පිහිටි නිවසේ සවිකර තිබූ ආරක්‌ෂිත කැමරා පද්ධතිය යාබද නිවසේ නාන තටාකය වෙත එල්ල වී නොතිබූ බව මිරිහාන පොලිසිය කළ පරීක්‍ෂණවල දී හෙළි වී ඇත.අවශ්‍යතාවක්‌ ඇත්නම් නිවසේ තාප්පය උස්‌කර ගන්නා ලෙසද පැමිණිලිකාර පාර්ශ්වයේ කාන්තාව වෙත මිරිහාන පොලිසිය උපදෙස්‌ ලබා දී තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ නිවසේ සවිකර තිබෙන කැමරාව තම ඉඩමේ පිහිටි නාන තටාකය වෙත එල්ල වී තිබෙන බව කියමින් මිරිහාන රජමහා විහාර පාරේ පදිංචි කාන්තාවක්‌ මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක්‌ කර තිබිණි.පැමිණිල්ලට අදාළ පාර්ශ්වයන් දෙක පොලිසියට කැඳවා පරීක්‍ෂණයක්‌ පැවැත් වූ පොලිසිය පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කරන ලදී.

දැරියන් දෙදෙනකුට එකම දිනයේ අතවර කළ විවාහකයා රිමාන්ඩ්

හිනිදුම පොලිස්‌ වසමේ මල්හතාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8 ක්‌ සහ 12 ක්‌ වයසැති කුඩා දැරියන් දෙදෙනකු එකම දිනයේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කළ 40 හැවිරිදි විවාහකයකු හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර මහෙස්‌ත්‍රාත් මහින්ද පිණිදිය මහතා ඔහු ලබන 14 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

සැකකරු පදිංචි නිවස ආසන්නයේ තවත් කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටි දැරියන් දෙදෙනකු නූඩ්ල්ස්‌ කෑමට යෑයි පවසා නිවස තුළට ගෙන දෙදෙනාටම අතවර කොට ඇති බව පරික්‍ෂණවලදී හෙළිවී ඇත.

Gossip Lanka Hot News Previous News Archive