විශ්වරූපම් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය

 ඉන්දීය සිනමා ශිල්පී කමල හසන් විසින් නිර්මාණය කරන ලද මතභේදයට තුඩු දුන් විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය පළ කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

චිත්‍රපටයේ දර්ශන තුනක් පමණක් ඉවත් කොට එය ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය තීරණය කළ බවයි, සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක කියා සිටියේ.මුස්ලිම් ජනතාවට අපහාස වන අන්දමේ දර්ශන ඇතුලත් බව පවසමින් මුලින්ම ඉන්දියාවේ එයට විරෝධය පළ වූ අතර, ජාතික සමගියට හානි වීමේ තර්ජනයක් ඇති බැවින් එය තාවකාලිකව තහනම් කරන බව ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද නිවේදනය කළේය.

සමලිංගික තහනම 'යල් පැනගිය බ්‍රිතාන්‍ය නීතියක්'

සමලිංගික සම්බන්ධතා "ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්" සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන වත්මන් ලාංකීය නීතිය අධිරාජ්‍යවාදී යුගයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සම්පාදනය කරන ලද්දක් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.
එම "යල් පැන ගිය" නීතිය සම්පාදනය කළ බ්‍රිතාන්‍යය, සමලිංගික විවාහය නීතිගත කිරීමට පවා කටයුතු කරද්දී ශ්‍රී ලංකාව තවමත් සමලිංගික සම්බන්ධතා තහනම් කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් ගේ නීතියක් යොදා ගනිමින් සිටින බව ද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground ) ආයතනය ඒ බව පෙන්වා දෙන්නේ සමලිංගික විවාහය නීතිගත කිරීමේ යෝජනාවකටපසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය පලවීම පිළිබඳව අදහස් දක්වමිනි.

සල්ලි ඔට්ටුවට පොර කුකුළන් කොටවන හැටි

කුකුළන් කෙටවීම පුරාණ ලංකාවේ කී‍්‍රඩාවක්ව තිබූ බව කියති. එහෙත් අද වන විට කුකුළු පොරය ගැනෙන්නේ සත්ව හිංසාව යටතටය. කුකුළන් කෙටවෙන්නේ ද සූදුවක් හැටියටය. ඒ රුපියල් සියය දෙසීය වැනි මිල ගණන්වලට නොව රුපියල් දහස, දස දහස, ලක්ෂය -දෙක ඇතැම් විට වාහන, ඉඩකඩම් ආදී සම්පත් වල හිලවුවටය.

මෙම අමානුෂික ක‍්‍රීඩාව නීතියෙන් කොතරම් තහනම් වුවද ගම් මට්ටමින් මෙන්ම නගර මට්ටමින් යන දෙකෙන්ම මිනිස්සු මෙහි රහසිගතව නිරත වෙති. පසුගිය දා ඉංගිරියට නුදුරු කිරිගල, කෝම්පේ, මාලිගාකන්ද ප‍්‍රදේශයේදී ඉංගිරිය පොලීසිය සහ හොරණ පොලීසිය ඒකාබද්ධව වැටලූවේ ද එවන් අමානුෂික පොර කුකුළු පිටියකි. කෝම්පේ, මාලිගාකන්ද ප‍්‍රදේශයේ නිවසක ජයටම කෙරෙමින් පැවති මෙම පොර කුකුළු පිටියට පොලීසියෙන් පනින තුරුම ඒ ගැන කිසිවක් නොදැන සිටි පිරිස එක්වරම පොලිස් නිලධාරින්ගේ කඩාපාත්වීමෙන් තූෂ්නිම්භූතව හිස් ලූ ලූ අත දිවගියේ තමන්ට හිමි වාහන පවා එම ස්ථානයේ දමාය.

ලංකාව පරදා ඔස්ට්‍රේලියාව අවසන් තරගයට වරම් ලබයි

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරදා අවසන් තරගයට පිවිසීමට ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම මිට ටික වේලාවකට පෙර සමත් විය.එම තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලුදෙනා ලකුණු 131ට දැවී ගියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දීපිකා රසාංගිකා ලකුණු 43ක් ලබා ගත් අතර සෙසු ක්‍රීඩිකාවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වුයේ නැත.ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 22.2කදී ලකුණු 132ක් ලබා ජය වාර්තා කළේය.මීළඟ වටයට යාම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම ඉතා තීරණාත්මක විය.සුපිරි 06 වටයේ මුල් තරගයේදීත් නවසීලන්තය හමුවේ ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්විය.අද ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තවමත් මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටියි.

නීති ශිෂ්‍ය අචලාගේ මව දිවයිනට

 නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනීට ඊයේ අතිශය හැඟීම්බර දිනයක් වූවාය.ඒ, ඇය මෙලොවට බිහි කළ ඇගේ ආදරණීය මව ලෙබනනයේ සිට යළි දිවයිනට පැමිණීම හේතුවෙනි.

අචලා ප්‍රියදර්ශනීගේ මව ඊයේ සවස කොළඹ ජාතික රෝහලට පැමිණියේ සිය දියණියගේ වම් අත ශල්‍ය කර්මයකින් කපා ඉවත් කිරිමෙන් පසු පළමුවරට දැකගැනීමේ අපේක්ෂාවෙනි.එය, එහි සිටි සැමගේ නෙතට කඳුලක් එක් වූ සංවේදජනක අවස්ථාවක් විය.එම අවස්ථාවේ ඇගේ ඥාතීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු පැමිණ සිටි අප වාර්තාකරු පැවසිය.කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අචලා ප්‍රියදර්ශනි මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ තරුණියකි.

කුම්භ මේලා ආගමික උත්සවය අදයි- India's Kumbh Mela festival

ලොව වැඩිම ජනගහනය එක්වන ආගමික උත්සවය ලෙස සැලකෙන“ කුම්භ මේලා “උත්සවය වඩාත් ශුභ දිනය අදයි.ඒ අනුව අද දිනයේ මිලියන 30 කට අධික ජනතාවක් ගංගා සහ යමුනා ගංගාවල ගිලී කුම්භ මේලා උත්සවය සැමරීමට නියමිත බව ඉන්දීය වාර්තා කියයි.

පසුගිය ජනවාරි 14 වනදායින් ඇරඹි මෙම කුමභ මේලා උළෙල දින 55 ක් පුරා ක්‍රියිත්මක අතර ඒ අතර ශුභ දවස් 6ක් උදාවෙයි.ඒ අතරින් වඩාත් සුභ දිනය අද ලෙස විශ්වාසයක් පවතී.මේ නිසා අන් සියලු දිනවලට වඩා වැඩි බැතිමතුන් පිරිසක් කුම්භ මේලා සමරමින් ගංගා සහ යමුනා ගංගා වල ගිලි දෙවියන් ඉදිරියේ පාරිශුද්ධත්වයට පත්වීමට නියමිකි බව ඉන්දීය වාර්තා කියයි

රාජපක්ෂ රටේ ඒකාධිපතියා, රණිල් පක්ෂයේ ඒකාධිපතියා, තට්ටුමාරුවෙන් ධනවාදයේ අර්බුදවලට විසඳුම් නැහැ - ටිල්වින් සිල්වා

රාජපක්ෂ රටේ ඒකාධිපතියා බවත් රණිල් වික්‍රමසිංහ එජාපයේ ඒකාධිපතියාබවත් තට්ටුමාරු දේශපාලනයෙන් ධනවාදයේ අර්බුදයන්ට උත්තර නැතිබවත් කී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමාජ ක‍්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයිද රාජපක්ෂලාට එයට උත්තර නැතැයිද මේ ඛේදවාචකවලට උත්තර තිබෙන්නේ නිවැරදි දේශපාලන නායකත්වයකින් පමණක් යැයිද පැවසීය.

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූවේ ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රටපුරා පවත්වාගෙන යනු ලබන ‘ජනතා කථිකාව’ අවස්ථාවකට එක්වෙමිණි. එය ඊයේ (09) පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්විණි.

බස් රථ වලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ඉහලටම

පොදු ප්‍රවාහන සේවාවල අධික තදබදයක් ඇති අවස්ථාවලදී සහ රාත්‍රි කාලයේදී ඒවායේ ගමන් ගන්නා කාන්තාවන් කායිකව, ලිංගිකව හා මානසිකව ප්‍රචණ්ඩත්වයට ලක්වීම වැඩි වී ඇති බව නීති ආධාර කොමිසම විසින් මෑතදී කරන ලද සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ. 
 නීති ආධාර කොමිසමේ සභාපති එස්.එස්. විජේරත්න මහතා සඳහන් කළේ ලබන මාර්තු 08දාට යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනයට පෙර මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන පැමිණිලි ලබාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කරගෙන යන බවයි.

Gossip Lanka Hot News Previous News Archive