තෙල් ඇමති පිලිගැනීමේ උත්සවයට කෝටියක් වියදම් කරලා

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (12) පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවය නිමිත්තේන් රුපිල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇතැයි වාර්තාවේ.

එම උත්සවය මුල්කරගෙන රුපියල් ලක්‍ෂ හතළිස්‌ දෙකක්‌ (රු. 4,200,000) වැයකර එම ගොඩනැගිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් හාරසිය (400) දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌ (රු. 3,500,000‌) වැයවී ඇතැයි ගණන් බලා ඇත.රුපියල් තුන්දහස්‌ දෙසීයක්‌ (රු. 3200) වටිනා මල් පෝච්චි 35 ක්‌ ද අලුතෙන්ම මිලදී ගෙන ඇති අතර රියදුරන්, ලිපිකරුවන්, ආරක්‍ෂක අංශ නිලධාරීන් සමඟ විධායක ශ්‍රේණි නිලධාරීන්ද දින 04ක්‌ තිස්‌සේ අතිකාල දීමනා ලබමින් උත්සවය සංවිධානය කර තිබේ.

පී‍්‍රමා සමාගම අපට කවන්නේ පොත්ත නැති තිරිඟු පිටි - Wimal Weerawansa

පී‍්‍රමා පිටි සමාගමෙන් දේශීය පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ පෝෂණයෙන් තොර වූ තිරිඟු පිටි බව ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් පී‍්‍රමා සමාගමේ මහත්වරුන්ට අවශ්‍ය නම් තමාට නඩු පැවැරීමටද පුළුවන් යැයි හෙතෙම පවසයි.ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දහම් පාසල් දරු දැරියන්ට පෝෂණයෙන් පිරි දේශීය උදෑසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන් මාලාවේ මුල්ලේරියාව ප්‍රදේශයේ ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පැවැති සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවැසීය.

හොරණ දැරියට ලක්ෂ 2ක බැංකු ගිණුමක්

පොල් අහුලා ගැනීමේ සිද්ධියට අධිකරණය වෙත ගෙන ගිය දැරියගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා අමෙරිකාවේ සිට නිවාඩුවකට මෙරටට පැමිණ සිටි වෛද්‍යවරයකුගේ බිරිය වන කුමාරි සරත්චන්ද්‍ර මහත්මිය හොරණ මහජන බැංකුවේ දැරියගේ නමින් ගිණුමක් විවෘත කොට රුපියල් ලක්‍ෂ දෙකක් ඊයේ තැන්පත්කොට ඇත.
එක්සත් හෙද සංගමයේ සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් මේ සත්කාර්යය සිදුවිය.

ඊයේ උදේ උන්වහන්සේ සමඟ අදාළ දැරියගේ නිවෙසට ගිය සරත්චන්ද්‍ර මහත්මිය මව සහ දැරියද සමඟ එම බැංකු ශාඛාවට ගොස් එම මුදල තැන්පත්කොට එයින් මාසිකව ලැබෙන රුපියල් 2000 පොලී මුදල ඇයට ලබාගත හැකි ලෙස කටයුතු සලසා දී තිබේ.

පාප් වහන්සේ ඉල්ලා අස්වෙයි - Pope Benedict XVI to resign citing poor health

16 වන බෙනඩික් පාප් වහන්සේ මේ මාසය අවසානයේදී සිය පදවියෙන් ඉල්ලා අස්වන බව වතිකානුව තහවුරු කර තිබේ. පාප් වහන්සේ සිය පදවියෙන් ඉල්ලා අස්වීම අසාමාන්‍ය සිදුවීමක් වන අතර, බෙනඩික්ට් පාප් වහන්සේ එම තීරණය ගැනීමට හේතුව තවමත් පැහැදිලි නැහැ.
මේ මස අවසන් වන විට උන්වහන්සේ අදාළ තනතුරෙන් ඉවත් වනු ඇති බව වතිකානු වාර්තා උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.දැනට 85 වැනි වියේ පසුවන උන්වහන්සේ 2005 වසරේ අප්‍රේල් මාසයේදී එම ධුරයට පත්විය.උන්වහන්සේ එම තනතුරට පත්වූයේ දෙවන ජුවාන් පාවුලු පාප් වහන්සේගේ අභාවයෙන් පසුවය.

සාමණේර හිමිගේ අත් පා බැඳ කටේ පාන්කඩ ඔබා පහර දෙති

මහරගම පමුණුව ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ ‍පොඩි හාමුදුරුවන් වහන්සේ නමකට පෙරේදා (10) රාත්‍රී 10.30ට පමණ කිසියම් පුද්ගලයන් සතර දෙනකු විසින් කටේ පාන්කඩ ඔබා අත්පා ගැටගසා පහරදී, විහාරස්ථානයේ ධාතු මන්දිරය අසල දමා සිටියදී ප්‍රදේශයේ දායකයන් විසින් සොයාගෙන තිබේ.

 හිමිනම එදින රාත්‍රියේම ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී එම විහාරස්ථානයේ විහාරාධිපති කෝට්ටේ ඥානාරාම හිමියෝ මෙසේ පැවැසූහ. එවෙ‍ලේ මම පන්ස‍ලේ හිටියේ නැහැ. මගේ පියාගේ පින්කම ගැන වැඩකටයුතුවලට මගේ නිවසට ගොස් සිටියේ. මට පණිවුඩයක් ආවා ‍පොඩි හාමුදුරුවන්ට කරදරයක් වෙලා කියලා. මම නැවත පන්සලට වැඩියා. අහලපහළ සිටි දායකයෙකු කෙඳිරිලි ශබ්දයක් ඇසී ධාතු මන්දිරය ළඟ වැටී සිටින ‍පොඩි හාමුදුරුවන්ව දැක වහා ඝණ්ඨාව නාද කර ප්‍රදේශවාසීන් කැඳවා ඇති බවත් එවිට මා දැනගත්තා. වහාම ‍පොඩි හාමුදුරුවන්ව ජයවර්ධනපුර රෝහලට ගෙන ගියා. එවිට රාත්‍රී 12.00ට පමණ වෙලා. එවෙ‍ලේ මහරගම ‍පොලීසියෙනුත් විහාරස්ථානයට වහා පැමිණියා.

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් කුම්බමේලාවට ආ 36 ක් මරුට

ඉන්දියාවේ අලහබාද් දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපීමකින් 36 ජිවිතක්ෂයට පත් වෙති.මෙලෙස ජීවිතක්ෂයට පත් වූවන් අතර කාන්තාවන් 26 දෙනෙක් සහ 8 හැවිදිරි කුඩා දරුවෙක් ද වන බව ඉන්දීය වාර්තා කියයි.

ඉන්දියාවේ මේ දින වල පැවත්වෙන කුම්භ මේලා උත්සවය සදහා යමින් සිටි බැතිමතුන්ගෙන් එම දුම්රිය ස්ථානය පීරි පැවති අවස්ථාවක දුම්රිය පාලමක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.බොහෝ පිරිසක් මිය යාමට හේතු වී ඇත්තේ එහි ඇති වූ දැඩි තදබදය හේතුවෙන් ඔවුන්ව ප්‍රථිකාර සදහා රැගෙන යාමට ප්‍රමාද වීම නිසා බව වාර්තා වේ.

අරමුණු 7ක "විපක්ෂයේ විරෝධය"

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්,"විපක්ෂයේ විරෝධය" අවබෝධතා ගිවිසුම අද (11) පස්වරුවේ අත්සන් කෙරිණ.

විපක්ෂයේ විරෝධය දේශපාලන පක්ෂ අතර සහ සම්බන්ධතා පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් තිරිමේ උත්සවය පැවැත්වුණේ කොළඹ නවනගර ශාලාවේදීය.ඊට එක්සත් ජාතික පක්ෂය, නව සමසාමජ පක්ෂය, රුහුණු ජනතා පක්ෂය, එක්සත් ජනතා පෙරමුණ, මුස්ලිම් දෙමළ ජාතික සන්ධානය, ද්‍රවිඩ ජාතික සන්ධානය, සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ සමග 'නිදහසේ වේදිකාව' සංවිධානය ද
එක්ව සිටියහ.

මරදානේ ලැගුම්හලක පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානය

ගැබිණි කාන්තාවන් පවා මුදලට අලවි කරලා...

මරදාන ප්‍රදේශයේ රහසිගතව පවත්වාගන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (10) වටලණු ලැබුවා. එහිදී කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් අළෙවි වී තිබුනේ රු. 2500න් ඉහල මිල ගණන්වලට බව අනාවරණ වුණා. එම කාන්තාවන් අතර ගැබිණි කාන්තාවකද වුණා.
මෙම ගණිකා මධ්‍යස්ථානය තරුණියන්ට නවාතැන් සපයන නවාතැන් පොළක් (බෝඩිමක්) ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි යම් හදිසි අවස්ථාවකදී පැනයාමට කුරුබිලියක් සහ එවන් හදිසි අවස්ථාවක සැඟවී සිටිය හැකි කුඩා කුටිද සකස් කර තිබුණා. වැටලූ අවස්ථාවේ වීඩියෝ පහතින් නරඹන්න.

Gossip Lanka Hot News Previous News Archive