මහනුවර නගරයේ සිඟන්නන් හා ගණිකාවන් වැඩිවෙලා - More Beggars, Prostitutes in Kandy town

මහනුවර නගරයේ මගී බස්‌රථ වල සහ නගරයේ ජනාකීර්ණ ස්‌ථානවල සිඟමන් අයදින්නන්ගේ වර්ධනය දිනෙන් දින වැඩිවෙති. ඇතැමුන් ඈත ප්‍රදේශවල සිට ජැන්ඩියට ඇඳ පැලැඳගෙන නගරයට පැමිණි පසු කිනම් හෝ ආවරණ සහිත ස්‌ථානයකට ගොස්‌ සිඟාකන නිලඇඳුමට බසිති. මොවුන්ගෙන් ඇතැමුන් තම ශරීරයේ විකෘති අඟ පසඟ ප්‍රදර්ශනය කරමින් බස්‌රථ වල මගීන්ට අවහිර වන ලෙස සිඟාකෑමේ යෙදෙන අතර ඇතැමුන් කිනම් හෝ මුද්‍රිත පත්‍රිකා නැතිනම් ඡායාරූප කිහිපයක්‌ ප්‍රදර්ශනය කරමින් සිඟමන් අයෑදිති.

තවද මීට සමගාමීව ගණිකා වෘත්තියේ යෙදෙන්නියන්ට ද මහනුවර නගරය තෝතැන්නක්‌ වී පවතී. මේ සඳහා ම කුලියට කාමර ලබාදෙන හෝටල් රැසක්‌ නගරය ආසන්නයේම පවතී. මේවාට අධික මිලගණන් අයකරමින් දිනකට හත් අටදෙනකුට එක කාමරයක්‌ ලබාදෙන බව මෙම අශෝභන ක්‍රියාවන්ට එරෙහි වූවෝ පවසති.

මාතලේ සමූහ මිනීවලේ සැකකරුවෝ 'ආණ්ඩුවේ ඉහල තැන්වල'

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සැක කරන පරිදි මාතලේ සමූහ මිනීවලේ ඇත්තේ තමන් රට පාලනය කළ සමයේ මරා දැමූවන් නම් එවකට පළාතේ හමුදා කඳවුරක් භාරව සිටි නිලධාරියකු මහින්ද රාජපක්ෂ රජයේ ඉහල තැනක සිටින බව එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රකාශ කරයි.

එහෙත් හමුදා කඳවුර භාරව සිටි එම නිලධාරියා කවුදැයි එක්සත් ජාතික පක්ෂය හෙළි කළේ නැහැ.මෙම මළ සිරුරු 80 ව දශකයේ අග භාගයේ "භීෂණ සමයේ" දී ඝාතනය කෙරුණු පුද්ගලයන් බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.කෙසේ වුවත් නිසි පරීක්ෂණයකින් තොරව එවැනි කාල වකවානු නීර්ණය කිරීම නොකළ යුත්තක් බවයි, එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි චෝදනා එල්ල කරන බවට ද ඔහු ජවිපෙ ට චෝදනා කරයි.

ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුල මල නැති හෙටක්....

කෲර ඒකාධිපති පාලනයකට වැලන්ටයින් සාමිවරයා කරන ලද අරගලයට සම්බන්ධ වැලන්ටයින් දිනය භාණ්ඩ විකුණන දිනයක් බවට පත්කරගත යුතු නැති බවත් "ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුල මල නැති හෙටක්...." මැයෙන් තරුණ සංගමය විසින් වැලන්ටයින් දිනයේ වැඩසටහන් මාලාවක් කි‍්‍රයාත්මක කරන බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

කැකිරාවට ටොනාඩෝවක් හේතුවෙන් බර හානි

කැකිරාව පොලිස් වසමේ ඉපලෝගම රණජයපුර ප්‍රදේශයට අද (12) දහවල් අධික සුළඟක් සමග ඇති වූ ටොනාඩෝවක් හේතුවෙන් රණජයපුර මහා විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලක පියස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වීය. ටොනාඩෝව සමග වහළයට දමා තිබූ උළු කැට සීසීකඩ විසිරෙන්නට පටන් ගෙන ඇති අතර උළු කැට වැටී ඉගෙනුම ලබමින් සිටි කුඩා සිසුන් 06 දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රදේශයේ නිවාස දහ අටකට බරපතල හානි සිදු වී එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනක්ද තුවාල ලබා ඇත. 

වෙළෙඳසල් 10ට බරපතල හානි සිදු වී ඇත. සමහර කඩවල වහළ සුළඟට ගැල වී ගොස් තිබේ. රණජයපුර නාවික හමුදා කඳවුරටද හානි සිදු වී තිබෙන අතර එහි තිබූ තාවකාලික ගොඩනැගිලි විනාශ වී ඇත. තුවාලකරුවන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නැති බවත්, සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ විජේසූරිය මහතා පවසයි.

පාප් වහන්සේගේ තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමත්

මීළඟ පාප් වහන්සේගේ තනතුර සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නම ද යෝජනා වී තිබේ.16 වන බෙනඩික් පාප් වහන්සේ සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව විදෙස් මාධ්‍ය වාර්තා ඊයේ (11) අනාවරණය කළේය.ඒ අනුව මේ මස අවසානය වනවිට උන්වහන්සේ එම තනතුරෙන් ඉවත් වනු ඇත.
දැනට 85 වන වියේ පසුවන බෙනඩික් පාප් වහන්සේ එම තනතුරට පත්වූයේ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේගේ අභාවයෙන් පසුවය.ඒ අනුව පුරප්පාඩු වන තනතුර සඳහා නව පාප් වහන්සේ නමක් ලබන මාර්තු මස 31 වනදා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකාව සුදුසු බව ෂර්මා කීවේ නැතිලු !

පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදුසු යැයි එහි මහලේකම් කමලේෂ් ෂර්මා මහතා පැවසු බවට මාධ්‍ය මගින් කර ඇති අනාවරණය අසත්‍ය බවත් මහලේකම්වරයා ඒ පිළිබඳ කිසිදු නිවේදනයක් හෝ නිකුත් කර නැති බවත් පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.

කමලේෂ් ෂර්මා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන හැරුණුවිට ඒ ගැන කිසිදු නිවේදනයක් හෝ නිකුත් නොකළ බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල වෙබ් අඩවියේ සඳහන්ය.එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කමලේෂ් ෂර්මා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක් හෙට (13) නිකුත් කරන බවයි.කමලේෂ් ෂර්මා මහතා ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමි‍ණියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට අදාළ කරුණු හා මණ්ඩලයීය රටවල් සම්බන්ධ පොදු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කිරීම සඳහා පමණක් බවද එහි සඳහන්ය.

මොරොක්කෝවේ එළුවෝ බෑ නොකියා ගස් නගිති

මොරොක්කෝවේ එළුවන් ගස් නගින පුවතක් වාර්තා වී තිබේ. සාමාන්‍යයෙන් සිසිල සෞම්‍ය දේශගුණයක් ඇති මොරොක්කෝවේ මේ දිනවල පවතින කර්කෂක දේශගුණය හේතු කොට ගෙන ශාක වර්ගවල වැඩීම වඳවී ඇත. ගස්වල අතු අග ඇති දලු කොළ කා දැමීමට වෙහෙසෙන මේ සිවුපා සතුන් බලවත් උත්සාහයෙන් ගස් මුදුනට ගොඩවීමට දැන් පුරුදු වී සිටිති. මොරොක්කෝවට මායිම්ව පිහිටි ඊශ්‍රායලය සිරියාව හා අනිකුත් මැද පෙරදිග රටවල ද එළුවන් ගස් නගිනු දැකිය හැකි දසුනකි.

 රාත්‍රි කාලයේදී වෘකයන්ගේ තර්ජනයෙන් හා දේශගුණික විපත්වලින් ඇති විය හැකි අවදානම හේතුවෙන් ද එළුවන් ගස් මත නැග සිටිනු දැකිය හැකිය.

ලාංකීය සිසුවෙකුට ලෝක ඡායාරූප සම්මානයක්

ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද "අසමානතාවය" පිළිබද ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයකදී ඉහළම කලාපීය සම්මානය ශ්‍රී ලංකාවේ පාසල් සිසුවෙකුට හිමිව තිබේ.

බීබීසී පුවත් සේවය පැවසුවේ වයස 14 - 17 අතර වයස් ඛාණ්ඩ වෙනුවෙන් දකුණු ආසියානු කලාපයට හිමිවන ඉහළම සම්මානය, මඩකලපුව ප්‍රදේශයේ 17හැවිරිදි පාසල් සිසුවෙකු වන දිව්යරාජ් සයන්තන්ට සහ නේපාල ජාතික දරුවෙකුට හිමිව ඇති බවය.
ඡායාරූප ගැනීම තම විනෝදාංශය බවත් තරගය පිළිබදව අන්තර්ජාල දැන්වීමක් දුටු සිය පියා එයට ඉදිරිපත්වන මෙන් තමන් දිරිමත් කළ බවත් සයන්තන් පවසා තිබේ.එම සම්මානය සයන්තන්ට හිමිව ඇත්තේ ඔහු ඉදිරිපත් කළ සරමකින් පමණක් සැරසී කල්මුණේ - කලවන්චිකුඩි මහාමාර්ගය අසල පොල් විකුණන දරුවෙකුගේ ඡායාරූපයටයි.එම ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ඡායාරූප 756ක් අතරින් දරුවන් 11දෙනෙකුට සම්මාන හිමිවී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive