ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (12) පළමු වරට කොලොන්නාව තෙල් නිමා සංකීර්ණය වෙත පැමිණීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවය නිමිත්තේන් රුපිල් කෝටියකට අධික මුදලක් වියදම් කර ඇතැයි වාර්තාවේ.
එම උත්සවය මුල්කරගෙන රුපියල් ලක්ෂ හතළිස් දෙකක් (රු. 4,200,000) වැයකර එම ගොඩනැගිලි පරිශ්‍රයේ තීන්ත ආලේප කර තිබේ.එම තීන්ත ආලේප කිරීමේ කටයුතුවල නිරත සේවක සේවිකාවන් හාරසිය (400) දෙනකුට දින හතරකට අතිකාල දීමනා ලෙස රුපියල් ලක්ෂ තිස්පහක් (රු. 3,500,000) වැයවී ඇතැයි ගණන් බලා ඇත.රුපියල් තුන්දහස් දෙසීයක් (රු. 3200) වටිනා මල් පෝච්චි 35 ක් ද අලුතෙන්ම මිලදී ගෙන ඇති අතර රියදුරන්, ලිපිකරුවන්, ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ විධායක ශ්‍රේණි නිලධාරීන්ද දින 04ක් තිස්සේ අතිකාල දීමනා ලබමින් උත්සවය සංවිධානය කර තිබේ.






