ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමේ මෙහෙයුමක් - Boycott American products

ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙසට සිංහල සංවිධාන විසින් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර ඇත.
පසුගිය 23 වැනි දින කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවකදී සිංහල සංවිධාන විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ක්‍රියා කිරීම හෙලාදැක ඇමෙරිකානු භාණ්ඩ සියල්ල වර්ජනය කළ යුතුයැයි මෙහිදී අවධාරණය කර තිබේ.
''රට වෙනුවෙන් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරමු'' තේමාව සහිත ස්ටිකරයක් එම විරෝධතාකරුවන් විසින් මාර්ගයේ ගමන් කල රථවාහන වල අලවනු ලැබිය.

'කොකා කොලා' සහ 'පෙප්ප්සි කොලා' වර්ජනය කරන ලෙස ද ඔවුන් තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේය.

කරුණානිධිගේ ඞී.එම්.කේ. දෙදරයි

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විරෝධ ආකල්පයක සිටින තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතාගේ ඞී.එම්.කේ. පක්ෂයේ දෙදරා යාමක් සිදුව තිබෙනවා.මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට ඉකුත්දා ගැනුණු තීරණයට කරුණානිධි මහතාගේ පුතණුවන් වන එම්.කේ. අලගිරි මහතා අකමැත්ත පළ කිරීම ඊට හේතුවයි.

පවතින මතභේද සමනය කිරීමේ සහ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීමේ අපේක්ෂාවෙන් ඞී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැන් රැස්වී සිටිනවා. එහෙත්, එම්.කේ. අලගිරි මහතා එම රැස්වීමටද පැමිණ නොමැති බවයි ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ.එම්. කේ. අලගිරි මහතාද මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. ඔහුද ඇතුළුව මධ්‍යම ආණ්ඩුවේ සිය අමාත්‍යවරුන් සියලූදෙනා එම ධූරයන්ගෙන් ඉවත් විය යුතු බවට ඞී.එම්.කේ. පක්ෂය තීරණය කළේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.

අමිල නයනාට වැඳ සමාව ගනි - Amila Abeysekara

  ටෙලි නාට්‍යය නිලියක් මෙන්ම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර අමාරුවේ වැටි තිබේ.අමිල අබේසේකර නයනා කුමාරිගේ නම අමාත්‍යවරයෙකුට සම්බන්ධ කරමින් පවත්වාගෙන යන කතාව ප්‍රවාහන අමාත්‍යවරයා වන වෙල්ගම අමාත්‍යවරයාට සැල වීමත් සමග වෙල්ගම අමාත්‍යවරයා විසින් නයනා කුමාරිව දැනුවත්කොට තිබේ.

තමාගේ චරිතයට සිදුවූ හානිය පිලිබඳ කම්පාවට පත්වූ නයනා කුමාරි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට ඇත.එම පැමිණිල්ල විභාග කිරීමේදී එම සිදුවීම ගොඩින් බේරාගැනීමට උත්සුක වූ අමිල අබේසේකර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඉදිරියේ එම සිදුවීම පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන ඇත.

Updates - අමිල වැඳ සමාව ගත්තේ නෑ ලු එම පුවත මෙතනින්   

මත්තල ගුවන් යානයක් තෙල් නැතිව පමාවෙයි

මත්තල ගුවන් තොටුපලේදී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට තෙල් ලබාදීම ප‍්‍රමාදවීම නිසා පැය එකහමාරක පමණ කාලයක් එම ගුවන් යානය රඳවා තබා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ.මෙසේ ප‍්‍රමාද වී ඇත්තේ UL 273 දරණ ගුවන් යානයයි.

එය කොළඹ සිට සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්වීමට සූදානමින් සිටි බව පැවසේ.මෙය ඊයේ මධ්‍යහනයේ මත්තලින් පිටත්වී ඇති බවත්, එය මත්තලට ගොඩ බස්සා ඇත්තේ තෙල් ලබා ගැනීමට බවද පැවසේ.සිද්ධියෙන් එහි සිටි මගීන් ද අපහසුතාවයට පත්ව ඇති බව බවද ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.පසුගිය කාලයේදී මත්තල ගුවන් තොටට ඉන්ධන ගබඩා සංගීර්ණයක් නොමැති බව පාර්ලිමේන්තුවේදී ද විවාදයට ලක්විය.මෙවැනි පහසුකමක් නැති ලොව එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල මත්තල බවද එජාප මන්තී‍්‍ර රවී කරුණානනායක මහතා එහිදී කියා සිටියේය.රාජගිරීයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.

පකිස්තානයෙන් පලා ගිය මුෂර්රෆ් යලි සිය රට පැමිණේ

වසර හතරක් තිස්සේ රටින් පලා ගොස් සිටි පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂර්රෆ් නැවත පකිස්ථානයට පැමිණියේය.ඔහු කරච්චි ගුවන්තොටුපලට ලඟා වෙද්දී ඔහු පිළිගැනීම පිණිස සිය ගණනක් ආධාරකරුවෝ එහි පැමිණ සිටියහ.ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය සංවිධානය කිරීමටයි ජනරාල් මුෂර්රෆ් යලි සිය රට බලා පැමිණියේ.

නැවත මව් බිමට පය තැබීම ඉතා හැඟීම්බර අවස්ථාවක් වූ බව ජෙනරාල් මුෂර්රෆ් බීබීසී යට කියා සිටියේය.නමුත් තමා මුහුණ දෙන අවදානම පිළිබඳව මිශ්‍ර හැගීම් පවතින බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.ජනරාල් මුෂර්රෆ් මරා දමන බවට තාලිබාන් ව්‍යාපාරය තර්ජනය කර ඇති අතර ආරක්ෂක හේතුන් මත කලින් සංවිධානය කර තිබු ජන රැළියක් ද නතර කර දැමීමට ඔහුට සිදු විය.වසර 1999 දී දියත් වූ හමුදා කුමන්ත්‍රණයකින් ජනරාල් මුෂර්රෆ් පකිස්ථානයේ බලය අත් පත් කර ගත් අතර වසර 2008 දී ඔහුට ජනාධිපති පදවියෙන් ඉවත් වීමට සිදු විය.ඔහු රටින් පිට වූයේ ජනපති පදවියෙන් ඉවත් වී වසරක් ගතවීමෙන් අනතුරුවයි.

අද හර්තාලයේදී කඩවල අයිතිය කවුරුන්ට දැයි බලා ගන්න පුළුවන්

සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්කරමින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇති කරන ලද 'හලාල්' ප්‍රශ්නය නිසා සිංහල ජාතිය අවදිකර ගැනීමේ ස්වර්ණමය අවස්ථාව අපට උදාවුණායි බොදුබල සේනා සංවිධානයේ ජාතික ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

අද (25දා) ඔවුන් රට පුරා හර්තාලයක් කිරීමට සූදානම් බවට තොරතුරු ලැබෙනවා. එමඟින් ඔවුන් අපට තවත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙනවා. අප්පුහාමිගේ කඩේ කියා නම තිබුණාට ඒක අයිතිය අප්පුහාමිට නොවෙයි. සේවකයොත් සිංහල අය නොවෙයි. ඒ නිසා අපට අපහසුවක් තියෙනවා කාගෙද මේ කඩවල අයිතිය කියා දැනගන්න. නමුත් අද දින ඔවුන් කඩ වසා හර්තාල් කළහොත් විවිධ නම්වලින් පවත්වාගෙන යන ඒ කඩ අයිති කාටද කියල දැන ගන්න එමඟින් අපට හැකි වෙනවා. අන්න ඒ නිසා අපිට එය දැන ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙනවා යැයි ඤාණසාර හිමියෝ පැවැසූහ.උන්වහන්සේ එසේ පැවැසුවේ ඉංගිරිය හා හොරණ පැවැති බොදුබල සේනා සංවිධානයේ ජනහමු අමතමිනි. තවදුරටත් කතා කළ ඤාණසාර හිමියෝ මෙසේද පැවැසූහ.

අලි දෙන්නෙක් තෑගි කළත් ජිනීවාවලදී ජපානයත් අපට විරුද්ධ වුණා

මානව හිමිකම් කොමිසම කටේ තිබියදී ජනාධිපතිවරයා ජපානයට ගොස් එහි නායකයන් හමු වී අලි දෙදෙනකු තෑගි දී පැමිණියද ජපානය අපට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟාගත හැකි වන්නේ අපේ විදේශ ප්‍රතිපත්ති පදනම් කරගෙන පමණක් බවත්, 2009 යුද්ධය නිමාවූ පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත්, 13 වැනි සංශෝධනය පදනම් වූ දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් ඉටු කරන බවට ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු හා අස්සන් කළ ගිවිසුම් ඉටු නොකිරීම නිසා ආණ්ඩුවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතවූ බැවින් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

ළමා නිවසේ ළමයින් ලවා මස්‌ කඩයක්‌ කරවයි !

තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝගහපැලැස්‌ස ප්‍රදේශයේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී ඇත.
මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස්‌ පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්‍රදේශවාසීන් හමුවේ පවසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive