පකිස්තානයෙන් පලා ගිය මුෂර්රෆ් යලි සිය රට පැමිණේ

වසර හතරක් තිස්සේ රටින් පලා ගොස් සිටි පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂර්රෆ් නැවත පකිස්ථානයට පැමිණියේය.ඔහු කරච්චි ගුවන්තොටුපලට ලඟා වෙද්දී ඔහු පිළිගැනීම පිණිස සිය ගණනක් ආධාරකරුවෝ එහි පැමිණ සිටියහ.ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය සංවිධානය කිරීමටයි ජනරාල් මුෂර්රෆ් යලි සිය රට බලා පැමිණියේ.

නැවත මව් බිමට පය තැබීම ඉතා හැඟීම්බර අවස්ථාවක් වූ බව ජෙනරාල් මුෂර්රෆ් බීබීසී යට කියා සිටියේය.නමුත් තමා මුහුණ දෙන අවදානම පිළිබඳව මිශ්‍ර හැගීම් පවතින බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.ජනරාල් මුෂර්රෆ් මරා දමන බවට තාලිබාන් ව්‍යාපාරය තර්ජනය කර ඇති අතර ආරක්ෂක හේතුන් මත කලින් සංවිධානය කර තිබු ජන රැළියක් ද නතර කර දැමීමට ඔහුට සිදු විය.වසර 1999 දී දියත් වූ හමුදා කුමන්ත්‍රණයකින් ජනරාල් මුෂර්රෆ් පකිස්ථානයේ බලය අත් පත් කර ගත් අතර වසර 2008 දී ඔහුට ජනාධිපති පදවියෙන් ඉවත් වීමට සිදු විය.ඔහු රටින් පිට වූයේ ජනපති පදවියෙන් ඉවත් වී වසරක් ගතවීමෙන් අනතුරුවයි.

අද හර්තාලයේදී කඩවල අයිතිය කවුරුන්ට දැයි බලා ගන්න පුළුවන්

සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්කරමින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇති කරන ලද 'හලාල්' ප්‍රශ්නය නිසා සිංහල ජාතිය අවදිකර ගැනීමේ ස්වර්ණමය අවස්ථාව අපට උදාවුණායි බොදුබල සේනා සංවිධානයේ ජාතික ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

අද (25දා) ඔවුන් රට පුරා හර්තාලයක් කිරීමට සූදානම් බවට තොරතුරු ලැබෙනවා. එමඟින් ඔවුන් අපට තවත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙනවා. අප්පුහාමිගේ කඩේ කියා නම තිබුණාට ඒක අයිතිය අප්පුහාමිට නොවෙයි. සේවකයොත් සිංහල අය නොවෙයි. ඒ නිසා අපට අපහසුවක් තියෙනවා කාගෙද මේ කඩවල අයිතිය කියා දැනගන්න. නමුත් අද දින ඔවුන් කඩ වසා හර්තාල් කළහොත් විවිධ නම්වලින් පවත්වාගෙන යන ඒ කඩ අයිති කාටද කියල දැන ගන්න එමඟින් අපට හැකි වෙනවා. අන්න ඒ නිසා අපිට එය දැන ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙනවා යැයි ඤාණසාර හිමියෝ පැවැසූහ.උන්වහන්සේ එසේ පැවැසුවේ ඉංගිරිය හා හොරණ පැවැති බොදුබල සේනා සංවිධානයේ ජනහමු අමතමිනි. තවදුරටත් කතා කළ ඤාණසාර හිමියෝ මෙසේද පැවැසූහ.

අලි දෙන්නෙක් තෑගි කළත් ජිනීවාවලදී ජපානයත් අපට විරුද්ධ වුණා

මානව හිමිකම් කොමිසම කටේ තිබියදී ජනාධිපතිවරයා ජපානයට ගොස් එහි නායකයන් හමු වී අලි දෙදෙනකු තෑගි දී පැමිණියද ජපානය අපට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟාගත හැකි වන්නේ අපේ විදේශ ප්‍රතිපත්ති පදනම් කරගෙන පමණක් බවත්, 2009 යුද්ධය නිමාවූ පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත්, 13 වැනි සංශෝධනය පදනම් වූ දේශපාලන විසඳුමක් ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් ඉටු කරන බවට ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු හා අස්සන් කළ ගිවිසුම් ඉටු නොකිරීම නිසා ආණ්ඩුවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතවූ බැවින් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බව මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරයි.

ළමා නිවසේ ළමයින් ලවා මස්‌ කඩයක්‌ කරවයි !

තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බෝගහපැලැස්‌ස ප්‍රදේශයේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන ළමා නිවාසයක දරුවන්ට විවිධ හිරිහැර කරමින් ඔවුන් ලවා ඌරන් හා කුකුළන් වැනි සතුන් මරා දැමීමේ ම්ලේච්ඡ අපරාධයක තොරතරු දැන් හෙළිවී ඇත.
මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස්‌ පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්‍රදේශවාසීන් හමුවේ පවසා ඇත.

කැසිනෝ රජා ලංකාවට - Australian Casino King, billionaire James Packer, is expected to arrive in Sri Lanka

'කැසිනෝ රජා' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් මෙර ප්‍රබල පුද්ගලියන් සමග අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමිණෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ ව්‍යාපාර සමුහය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රමාණයේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යයි.

තමිල්නාඩුවේදී ගුටිකාපු වතුපොල වංගීස හාමුදුරුවෝ කියන කතාව


කැමරා-මයික් අල්ලන් රෙඩි කිව්වා : ඊට පස්සෙ සිවුර ගලවලා මට ගහන්න පටන් ගත්තා
 කවදද ඔබ වහන්සේ ඇතුළු වන්දනා නඩය ලංකාවෙන් පිටත් වුණේ?

මාර්තු 2 වැනිදා. අපි නඩයේ ඔක්කොම 19ක් හිටියා. දිල්ලියට ගිහින්, බුද්ධගයාව වැඳගෙන, බරණැස, සාවත්ථි, විසාලා මහනුවර, රජගහනුවර, කුසිනාරාමය වැඳගෙන දිල්ලි දුම්රිය පොළෙන් චෙන්නායි මධ්‍යම දුම්රිය පොළ දක්වා එන්න පිටත් වුණා. එතැනදී තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ.

මොකක්ද එදා වුණු සිද්ධිය?
16 වැනිදා හවස දිල්ලි දුම්රිය පොළෙන් අපි කෝච්චියට ගොඩවුණා. 18 වැනිදා උදේ 7.15ට විතර චෙන්නායි දුම්රිය පොළෙන් බහින අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. අපි ආවේ 507 දුම්රිය පෙට්ටියේ.

ලංකාවට විශිෂ්ට ජයක් - Sri Lanka won by 8 wickets

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 108කදී නොදැවී ලකුණු 113ක් ලබා ගනිමින් බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්කරදීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණේය.සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 259ක් ලබා ගන්නා ලදී.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 112ක් ලබාගත් අතර නසීර් හොසේන් නොදැවී ලකුණු 73ක් ලබා ගන්නා ලදී.පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග කඩුලු 2 බැගින් බිඳ හෙළුහ.කෙසේ වෙතත් ක්‍රීඩාංගණයේ ප්‍රධාන අලෝක කුළුණු 2කක විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර මේ නිසා පන්දුවාර 41කදී ශ්‍රී ලංකාව ලබාගත යුතු ඉලක්කය ලකුණු 238ක් විය.

බීට්‌රූට්‌ පිළිකාවට දියවැඩියාවට අධික රුධිර පීඩනයට ආතතියට හොඳම බෙහෙත

රතු පැහැති බීට්‌රූට්‌ අලයක්‌ ඔබට ලැබුණොත් එහි උයා කන ආහාරයකට වඩා වෙනත් යමක්‌ තිබිය හැකි යෑයි ඔබට නිකමටවත් හිතෙනවාද? පිළිකා සෛල විනාශ කිරීමටත් රුධිර පීඩනය පාලනය කිරීමටත් ඉවසීමේ හෙවත් දරාගැනීමේ ශක්‌තිය ඇති කර චිත්ත සන්තාපය තුරන් කිරීමටත් බීට්‌රූට්‌වලට හැකි බව ඔබ නිකමටවත් දැන සිටියද?

ඔස්‌ට්‍රේලියාවේ Baker Heart and Diabetes මධ්‍යස්‌ථානය පසුගියදා බීට්‌රූට්‌ ගැන පර්යේෂණයක්‌ කළා. ඉහතින් ලියෑවුණ කරුණු සියල්ල හෙළිදරව් වුණේ ඒ පර්යේෂණයේදී. බීට්‌ යුෂ මිලිලීටර් 500 ක්‌ පානය කර පැය හයකින් රුධිර පීඩනය ක්‍රමානුකූල ලෙස පහත වැටෙන අයුරු පර්යේෂකයන් අත්දුටුවා. මේ අනුව බීට්‌ යුෂ වීදුරුවක්‌ දිනපතා පානය කිරීමට අධික රුධිර පීඩනය ඇති කෙනකුට හැකි නම් ඔහුගේ හෝ ඇයගේ රෝග තත්ත්වය නැතිවී හෘදයාබාධය සහ නහර පුපුරා යාම් හටනොගන්නා බව පර්යේෂකයන් කියනවා.

Gossip Lanka Hot News Previous News Archive