පහළොවට අඩු නම් මැරතන් තහනම්

වයස අවුරුදු පහළොවට අඩු දරුවන් සඳහා මැරතන් ධාවන තරඟ හෝ ගම හරහා දිවීමේ තරඟ හෝ සංවිධාන කිරීම තහනම් බවත්, එබඳු තරඟ සඳහා වයස අවුරුදු පහළොවට අඩු දරුවන් ඉදිරිපත් වීම ද තහනම් බවත් ක්‍රීඩා වෛද්‍ය ආයතනය කියා සිටී.මෙබඳු ධාවන තරඟ සඳහා සහභාගී වූ දරුවන් හිටිහැටියේ මරණයට පත්වීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ද උපදෙස් ලබාදී ඇත. එම උපදේශන ද සැලැකිල්ලට ගනිමින් මේ තීන්දුව ගත් බව ක්‍රීඩා වෛද්‍ය ආයතනය තවදුරටත් පෙන්වා දෙයි.

ක්‍රීඩාවේ යෙදීමේදී විවිධ රෝගාබාධ මතුවී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීමේ මූලික පියවරක් ලෙස එම තීරණය ගත් බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මීටර් 3000, මීටර් 5000 ගම හරහා දිවීම, අර්ධ මැරතන් හා පා පැදි තරඟවලට ළමුන් සහභාගී කරවීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්ය වන අතර ශාරීරික යෝග්‍යතා සහතිකයක් ලබා තිබිය යුතු වේ.මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රට පුරා සියලු පාසල්වලට චක්‍ර ලේඛයක් යවා ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා පැවැසුවේ එවැනි උපදෙස් පරිදි කටයුතු නොකරන සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී ඇති බවයි.

හඳෙ පස්‌ දැයට කිරුළ ප්‍රදර්ශනයේ - Stones from first moon landing at Deyata Kirula

ප්‍රථම වරට සඳ මත පා තැබූ ගගනගාමීන් දෙදෙනා විසින් පෘථිවියට රැගෙන ආ පාෂාණ කොටස්‌වලින් ශ්‍රී ලංකාවට ලැබුණු පාෂාණ අම්පාරේ දැයට කිරුළ භූමියේදී ප්‍රදර්ශනය කෙරේ.1969 දී නීල් ආම්ස්‌ට්‍රොන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් දෙදෙනා විසින් පාෂාණ කිලෝ 25 ක්‌ සඳෙන් රැගෙන එන ලදී.

ඇමරිකානු ගගනගාමීන් විසින් ගෙන එන ලද පාෂාණ කොටස්‌ එවකට ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්‌සන් මහතා විසින් එක්‌සත් ජාතීන්ගේ රටවල් 136 කට සුළු වශයෙන් පරිත්‍යාග කළ අතර එහිදී ශ්‍රී ලංකාවට ද කොටසක්‌ ලැබිණි.දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශ විශේෂ ජංගම ප්‍රදර්ශන බස්‌ රථය තුළ මෙම පාෂාණ ප්‍රදර්ශනය කෙරේ.

සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් ඇන්දොත් දඩ - දකුණු කොරියාව

සිරුර නිරවරණය වන ඇඳීම තහනම් කිරීමේ නව නීතියක් හඳුන්වා දීමට දකුණු කොරියාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම නීති ය‍ටතේ දකුණු කොරියාවේ කතුන් අතර අති ජනපි‍්‍රය කෙටි සායවල් ද තහනම් වනු ඇතැයි පැවසේ. නව ජනාධිපතිනිය වන පාක් ගුන් හේ විසින් සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත වී ඇති මෙම යෝජනාව නුදුරු දින‍යකදී ම නීතිගත වනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. අදාල නීතිය යටතේ සිරුර අනිසි ලෙස සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් ඇඳ සිටින්නකුට වොන් 50,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

 කෙසේවෙතත් මෙම නීතිය පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට එරෙහිව විරෝධතා රැසක් මතුවී ඇති අතර ඇතැමුන් පවසන්නේමෙය ඒකාධිකාරී පලානයකට මුලපිරීමක් විය හැකි බවයි. කොරියාවේ ජනප‍්‍රියම තරු රැසක් මෙම නීතියට විරෝධය පාමින් සිය සිරුර නිරවරණයවී ඇති ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙන බවද විදෙස් වාර්තා වල දැක්වේ.‍

ඉන්දියාවේ සිටින ලංකික සිසුන් අනතුරේ - 'රාවණා බලය' සංවිධානය

ශ්‍රී ලංකා රජයට එරෙහිව, තමිල්නාඩුව ආශ්‍රිතව දැනට මතුව ඇති විරෝධය හේතුවෙන් එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ මෙන්ම, භික්ෂූන්වහන්සේලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බවත්, ඒ පිළිබඳව බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සංවිධානය අවධානයෙන් පසුවන බවත් 'රාවණා බලය' සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියේ, එරට සිටින ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප‍්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බවයි. එසේම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්

ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමේ මෙහෙයුමක් - Boycott American products

ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙසට සිංහල සංවිධාන විසින් ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර ඇත.
පසුගිය 23 වැනි දින කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවකදී සිංහල සංවිධාන විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ක්‍රියා කිරීම හෙලාදැක ඇමෙරිකානු භාණ්ඩ සියල්ල වර්ජනය කළ යුතුයැයි මෙහිදී අවධාරණය කර තිබේ.
''රට වෙනුවෙන් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරමු'' තේමාව සහිත ස්ටිකරයක් එම විරෝධතාකරුවන් විසින් මාර්ගයේ ගමන් කල රථවාහන වල අලවනු ලැබිය.

'කොකා කොලා' සහ 'පෙප්ප්සි කොලා' වර්ජනය කරන ලෙස ද ඔවුන් තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කළේය.

කරුණානිධිගේ ඞී.එම්.කේ. දෙදරයි

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විරෝධ ආකල්පයක සිටින තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතාගේ ඞී.එම්.කේ. පක්ෂයේ දෙදරා යාමක් සිදුව තිබෙනවා.මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට ඉකුත්දා ගැනුණු තීරණයට කරුණානිධි මහතාගේ පුතණුවන් වන එම්.කේ. අලගිරි මහතා අකමැත්ත පළ කිරීම ඊට හේතුවයි.

පවතින මතභේද සමනය කිරීමේ සහ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීමේ අපේක්ෂාවෙන් ඞී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැන් රැස්වී සිටිනවා. එහෙත්, එම්.කේ. අලගිරි මහතා එම රැස්වීමටද පැමිණ නොමැති බවයි ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ.එම්. කේ. අලගිරි මහතාද මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. ඔහුද ඇතුළුව මධ්‍යම ආණ්ඩුවේ සිය අමාත්‍යවරුන් සියලූදෙනා එම ධූරයන්ගෙන් ඉවත් විය යුතු බවට ඞී.එම්.කේ. පක්ෂය තීරණය කළේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.

අමිල නයනාට වැඳ සමාව ගනි - Amila Abeysekara

  ටෙලි නාට්‍යය නිලියක් මෙන්ම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර අමාරුවේ වැටි තිබේ.අමිල අබේසේකර නයනා කුමාරිගේ නම අමාත්‍යවරයෙකුට සම්බන්ධ කරමින් පවත්වාගෙන යන කතාව ප්‍රවාහන අමාත්‍යවරයා වන වෙල්ගම අමාත්‍යවරයාට සැල වීමත් සමග වෙල්ගම අමාත්‍යවරයා විසින් නයනා කුමාරිව දැනුවත්කොට තිබේ.

තමාගේ චරිතයට සිදුවූ හානිය පිලිබඳ කම්පාවට පත්වූ නයනා කුමාරි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට ඇත.එම පැමිණිල්ල විභාග කිරීමේදී එම සිදුවීම ගොඩින් බේරාගැනීමට උත්සුක වූ අමිල අබේසේකර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඉදිරියේ එම සිදුවීම පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන ඇත.

Updates - අමිල වැඳ සමාව ගත්තේ නෑ ලු එම පුවත මෙතනින්   

මත්තල ගුවන් යානයක් තෙල් නැතිව පමාවෙයි

මත්තල ගුවන් තොටුපලේදී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට තෙල් ලබාදීම ප‍්‍රමාදවීම නිසා පැය එකහමාරක පමණ කාලයක් එම ගුවන් යානය රඳවා තබා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ.මෙසේ ප‍්‍රමාද වී ඇත්තේ UL 273 දරණ ගුවන් යානයයි.

එය කොළඹ සිට සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්වීමට සූදානමින් සිටි බව පැවසේ.මෙය ඊයේ මධ්‍යහනයේ මත්තලින් පිටත්වී ඇති බවත්, එය මත්තලට ගොඩ බස්සා ඇත්තේ තෙල් ලබා ගැනීමට බවද පැවසේ.සිද්ධියෙන් එහි සිටි මගීන් ද අපහසුතාවයට පත්ව ඇති බව බවද ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.පසුගිය කාලයේදී මත්තල ගුවන් තොටට ඉන්ධන ගබඩා සංගීර්ණයක් නොමැති බව පාර්ලිමේන්තුවේදී ද විවාදයට ලක්විය.මෙවැනි පහසුකමක් නැති ලොව එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල මත්තල බවද එජාප මන්තී‍්‍ර රවී කරුණානනායක මහතා එහිදී කියා සිටියේය.රාජගිරීයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.

Gossip Lanka Hot News Previous News Archive