‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා

රජය හා හමුදාව අපකීර්තියට පත්වන අයුරින් නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ (ඉගිලෙන මාළුවෝ) චිත්‍රපටයට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි.

මේ චිත්‍රපටය නිපදවීමට හෝ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැති බවට අනාවරණය වී තිබේ. එහි ජවනිකා සඳහා යොදාගෙන ඇති හමුදා නිල ඇඳුම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව යොදාගෙන තිබීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.මේ තත්ත්වයන් පිළිබඳ සොයා බලා නිෂ්පාදක ඇතුළු චිත්‍රපටය පිළිබඳ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගනිමින් තිබේ.

'‍ෆ්ලයින් ෆිෂ්' චිත්‍රපටය ප්‍රංශ තානාපති කාර්යාලය සම්බන්ධ කර ගනිමින් නිපදවා ඇති අතර එසේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණද මෙරටදී එය ප්‍රදර්ශනය කිරීමට අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගත යුතු බව හුළුගල්ලේ මහතා අවධාරණය කළේය.ශ්‍රී ලාංකිකයෙකු වන සංජීව පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් චිත්‍රපටය නිපදවා තිබෙන අතර ජාත්‍යන්තරව එවැන්නක් නිපදවීමේ හා ප්‍රදර්ශනයේ හැකියාවක් තිබුණද මෙරටදී ඊට අවසරය ලබාගැනීම අනිවාර්යය වේ.

කායවර්ධනයට යන ඇතැම් පිරිමින් වඳභාවයට

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.මෙම අවධානම් තත්ත්වය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවල දී පිරිමින්ට, කාන්තා හෝමෝනයක් වන ‘ඊස්ටජන්’හෝමෝනය අන්තර්ගත කළ ආහාරපාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණවලදී හෙලිව ඇත.

මෙම ආහාරපාන අතර චොකලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත්, ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුළින් කාන්තා ගති ලක්‍ෂණ මතුවන බවත් ශුක්‍රාණු නිපදවීමට නොහැකි තත්ත්වයක් මතුවන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.මේවන විට පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවදානම් තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බවත් ඇතැම් තරුණයන් මෙම අවාසනාවන්ත තත්ත්වයට මේවන විට ගොදුරුවී ඇති බවත් සෞධ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී හෙලිදරව් වී තිබේ.

මෙම කිරිපිටි කිලෝ 02ක ටින් එකක් රුපියල් 6000ක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.

තම මරණය පින්තූරයට ගත් ඡායාරූප ශිල්පියා...Photographer Who Captured His Own Death Video

තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි.ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරනවා.
කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිඛෙනවා. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව සදහන්ය.උදෑසන 6ට පමණ මිනිසෙක් ලේ තැවරුණු කැමරාවකුත් රැගෙන තම කාර්යාලයට පැමිණි බවත්, අපේ පුවත්පතේ කෙනෙක් වෙඩි පහරකින් තුවාල වී ඇති බව පැවසූ බවත් අහමඞ් සමීර්ගේ පුවත්පතේ කර්තෘ අහමඞ් අබූ පවසා තිඛෙනවා.

පසුව ගොඩනැගිල්ලක් උඩ ඡුායාරූප ගිනිමින් සිටි අමඞ්ගේ නළලට සෙබලෙක් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති පුවත ලැබුණු බව ඔහු පැවසුවා. සම්පූර්ණ සිද්ධියම මුල සිට අහමඞ්ගේ කැමරාවෙහි සටහන් වී ඇති බවත් ඔහු සදහන් කළා.එදින ඊජිප්තු ආරක්‍ෂක සෙබළුන්ගේ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 51 ක් මරුමුවට පත්වුනා. ත‍්‍රස්තවාදීන් පිරිසක් පහර දීමට උත්සහ කිරීමේදී වෙඩි තැබීම ආරම්භ කළ බවට හමුදාව නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

මේ වසරේ අර්ජුන් අයියයි මායි විවාහ වෙනවා - Ameesha Kavindi

ඉතිං කොහොමද සැප සනීප?
අලුත් ෆිල්ම් එකේ ප්‍රචාරණ කටයුතු කරනවා මේ දවස්වල.

මොකක්ද අලුත් ෆිල්ම් එක?
"ඉගිළෙන්න ඇයි දඟලන්නේ"

ඔබට හිමි වූයේ මොන වගේ චරිතයක්ද?
පාතාලයේ යුවතියන් කණ්ඩායමක නායිකාවකගේ චරිතය මම කරන්නේ.

ගොඩක් දරුණු චරිතයක්ද?
ඔව් ඇත්තටම.

සාමාන්‍ය ජීවිතයේත් එහෙමද?
අනේ නෑ. මම ගොඩක් අහිංසක තැන්පත් චරිතයක්. සැබෑ ජීවිතේ මම හොර බොරු වංචාව නැති චරිතයක්.

එංගලන්තයට සුද්දන්ට වඩා සංක‍්‍රමනිකයෝ හොද වෙලා

විදෙස් රටවල් වලින් එංගලන්තයට සංක‍්‍රමණය වුවන් එරට ආර්ථික දේහයට ලබාදෙන ශක්තිය එංගලන්තය තුළ උපන් පිරිසට වඩා වැඩි බව නවතම වාර්තාවකින් එළිදරවු වේ.ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව එංගලන්තයේ බැංකු, වාණිජ සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ රැකියාවේ නියුතු පිරිසෙන් 17% එංගලන්තයේ උපන් පිරිසෙන් වන විට 21%ක ප‍්‍රතිශතයක් එංගලන්තයට සංක‍්‍රමණය වූ විදේශිකයන් විසින් අත්පත් කරගෙන ඇත.

එමෙන්ම සංක‍්‍රමනිකයන්ගෙන් 38%ක ප‍්‍රතිශතයකට උපාධි හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත වන විට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ස්වදේශිකයන් සිටින්නේ 29%ක ප‍්‍රතිශතයකි.එමෙන්ම එංගලන්තයට සංක‍්‍රමණය වුවන්ගෙන් 90%කට ඉතාමත් හොදින් ඉංගි‍්‍රසි භාෂාව හැසිඑවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දේ.
ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සදහා වන සංවිධානය විසින් මෑතකදි නිකුත් කල වාර්තාවක් මගින්ද එංගලන්තයට සංක‍්‍රමණය වූවන් විසින් එරට තුලදී තමන් ලබාගන්නවාට වඩා වැඩියෙන් යමක් එංගලන්තයට ලබා දෙන බව සහතික කරන ලදි.

මී වදය නිදාගන්න ඇද වතේ බැදලා

‘මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ’ කියලා තමයි දිඹුලාගල,කුඩාවැව ගම්මානයේ ඉන්න එස්.පුංචිහාමි මහත්මියලගේ ගෙදර උදවිය කියන්නේ. මොකද එයාලගේ සිරියහනේ තමයි අලි විසාලෙට මී වදයක් බැදලා තියෙන්නේ.

හරියටම කිව්වොත් ඔවුන් නිදාගන්න ඇද වතේ තමයි මේ මී වදය බැදලා තියෙන්නේ. පහුගිය අප්‍රේල් මාසෙ පසලොස්වක පෝය දවසේ මේ මී වදය බදින්න පටන් අරන් තියෙන්නේ. තවමත් මී වදේ හදන වැඩේ ඉවර නෑ. ටිකෙන් ටික,දවසින් දවස තමයි මී වදේට තව කාමර එහෙම එකතු කරන්නේ.අපොයි මේ මිනිස්සුන්ට මී මැස්සො අනින්නෙ එහෙම නැද්ද කියලනේ දැන් කවුරුත් අහන්නේ. නෑ.නෑ. එහෙම කිසි කරදරයක් නෑ මේ අයගෙන්. තමන්ගෙ පාඩුවෙ මී වදේ බැදගෙන ඉන්නවා මිසක් අහක ඉන්න මිනිස්සුන්ට අනින්න තරම් මේ අය නපුරු නෑ.

අනිත් එක ගෙදර අය නිදාගන්නෙත් මේ ඇදේමයි. ඒ අයගෙන් මේ අයටවත්,මේ අයගෙන් ඒ අයටවත් කිසිම හිංසාවක් මේ වෙනතුරු සිද්ධ වෙලා නෑ. දෙගොල්ලම ඉතාම සාමකාමීව කාලය ගත කරනවා.මේ මී වදයේ දිග අඩි 2ක් පමණ වෙනවා. අඩියක් පළලයි. ඇද වතේ පළලටම හරියන්න මී වදය බදියි කියලයි ගෙදර උදවිය නම් කියන්නේ. ඒ වගේම පුංචිහාමි මහත්මියගේ ගෙදර ඉස්සරහා තියෙන අඹ ගහෙත් මෙවැනිම මී වදයක් බැදලයි තියෙන්නේ.

ලංකාවේ සෑම විනාඩි 90කට වරක් ස්ත්‍රී දූෂණයක්

විනාඩි 90කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව 'අයිතීන් උදෙසා කාන්තාවෝ" සංවිධානය අනාවරණය කරයි. කාන්තා දූෂණ හා අතවර ඉහළ යන තැනට සමාජය පත්ව ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අකටයුතුකම් සඳහා රජයේ දේශපාලන අවසරය ලැබීම හේතුවෙන් බව එම සංවිධානයේ සම සභාපතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කළාය.

කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවැසූ ඇය ගෘහස්ථ හිංසන, ස්ත්‍රී දූෂණ හා අතවර සඳහා සුරාව, මත්පැන් භාවිතය ප්‍රධාන හේතුවක්ව තිබෙන බවත් දිවයිනේ සුරාසල් බොහෝ ගණනක හිමිකරුවන් වී ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයන් වන බවත්ය.ගෙවුණු කාලය මුළුල්ලේ රටේ සිදුවූ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනක වගඋත්තරකරුවන් ප්‍රාදේශීය දේශපාලනඥයන් සිටියදී ඔවුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පැවතීම සමාජයට වන අසාධාරණයක් බවද පැවැසුවාය.

"රටේ අපරාධ රැල්ල ඉහළ යන තරමටම කාන්තාවන්ට සිදුවන අපරාධත් ඉහළ ගිහින් තියෙනවා. මේ වෙද්දි ගෘහස්ථ හිංසනය වසර දෙකකදී සියයට 20කින් ඉහළ ගොස් එය සියයට 80 ක් වෙලා. ගෘහස්ථ හිංසනයේ පස්වැනි තැනට එන්න ලංකාවට හැකිවෙලා තිබෙනවා. සෑම විනාඩි අනූවකටම වරක් කාන්තාවක් දූෂණයට ලක්වෙන තැනට මේ රට පත්වෙලා තිබෙන්නෙ රජයේ අනුග්‍රහය ලබන ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ වරදින්.

මම කැමැති අය දැන් බැඳලා - Sanoja Bibile

නිළියක් විතරක් නෙවෙයි, රූප සුන්දරියක්. දක්‍ෂ ක්‍රීඩිකාවක් වුණු සනෝජා බිබිලේ තාමත් තනිකඩ තාරකාවක්. පාළුව, තනිකම ගැන කතා කරන සනෝජා ඒ පාළුව, තනිකම දුරුකරගන්නත් කැමැත්තෙන් ඉන්නේ. ඇයට ගැලපෙන සහකරු හමුවේවිද? අපි එය අනාගතයට බාර කරමු.

ආදරය ගැන සනෝජාගේ මුල්ම මතකය කොහොමද?
මම මහනුවර උසස් බාලිකා විදුහලේ ඉගෙන ගන්න කාලෙ ධර්මරාජ විදුහලේ සිසුවෙක් එක්ක සුන්දර ආදර සම්බන්ධයක් තිබුණා. තද නීති මැද නේවාසිකාගාරයෙ හිටියත් ලියුම් ලියල යාළුවො අතේ යවනවා. නිතර හමුවෙන්න බැරි වුණත් හරිම සුන්දර පිවිතුරු ආදරයක් ඒ ආදරය. 

මුළු නුවරම දැනගෙන හිටියා අපේ සම්බන්ධය. ඒ නිසාම අම්මලගෙන් ගුටි කෑ වාර අනන්තයි. මුලින් ගෙදර ඉඳන් පාසල් ගියත් නේවාසිකාගාරයට දැම්මෙත් මේ සම්බන්ධෙ නවත්තන්නයි. මම රැකියාවට කොළඹ එනතුරු ඒ බැඳීම තිබුණා. ඒත් අන්තිමට මට හරියටම ඒ ආදරය තේරුම් ගන්න බැරි වුණ නිසාද මන්දාම මම එයින් මිදුණා. ඒක දෛවය. හැබැයි අපේ ආදරය විවාහයකින් කෙළවර වුණා නම් අද මම අසරණ වෙනවා. එයා වෙන කෙනෙක්ව විවාහ කරගෙන ඉඳල පිළිකාවකින් මැරුණා. දඟකාර මම මුලින්ම ආදරය කළ අහිංසක එයාව මට අදත් මතක් වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive