"සීසර්ට අයිති දේ සීසර්ට දෙනවා වගේ මා ලබාගත් ලක්ෂ ගණනක ඡන්ද සංඛ්‍යාව එජාප නායකතුමාගේ දෙපා මුල තියා ආණ්ඩුවට එක්ව වයඹට තරග කරන්න තීරණය කළා..." යෑයි දයාසිරි ජයසේකර මහතා ඊයේ (24 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී කතානායක චමල් රාජපක්ෂ මහතාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් කළ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.මම මේ කතාව පටන් ගන්නම් එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 දී හොරණ ශ්‍රීපාලි විදුහලේ දී කළ කතාවක කොටසකින්.
"මිනිසුන් දැඩි සේ එල්බගෙන සිටිය යුතු නිදහසක් ඇත. ඒ මිනිසා සතු සිතීමේ නිදහසයි. එකී නිදහස නැතිව යැම සකල මානව ජනයාටම ෙ€දජනක කාලයක් උදාකරනු ඇත..."





