මා ලබාගත් ඡන්ද එජාප නායකතුමාගේ දෙපා මුල තබා ආණ්‌ඩුවට එක්‌වෙනවා

"සීසර්ට අයිති දේ සීසර්ට දෙනවා වගේ මා ලබාගත් ලක්‌ෂ ගණනක ඡන්ද සංඛ්‍යාව එජාප නායකතුමාගේ දෙපා මුල තියා ආණ්‌ඩුවට එක්‌ව වයඹට තරග කරන්න තීරණය කළා..." යෑයි දයාසිරි ජයසේකර මහතා ඊයේ (24 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී කතානායක චමල් රාජපක්‌ෂ මහතාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක්‌ කළ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.මම මේ කතාව පටන් ගන්නම් එස්‌. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්‌ඩාරනායක මහතා 1959 දී හොරණ ශ්‍රීපාලි විදුහලේ දී කළ කතාවක කොටසකින්.

"මිනිසුන් දැඩි සේ එල්බගෙන සිටිය යුතු නිදහසක්‌ ඇත. ඒ මිනිසා සතු සිතීමේ නිදහසයි. එකී නිදහස නැතිව යැම සකල මානව ජනයාටම ෙ€දජනක කාලයක්‌ උදාකරනු ඇත..."

ගයාන් හා චතුරිකාගේ ප්‍රේමයට CIC අතහිත

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති, 'ශූර ගොවියා' තරගාවලියේ අභිෂේක මංගල්‍ය, ජනප්‍රිය නළු නිලියන් දේපලක් වූ, ගයාන් වික‍්‍රමතිලකගේ සහ චතුරිකා පීරිස් ගේ ප්‍රේමය රටට කියා පෑමට, දෙරණ නාලිකා සහ සීඅයිසී (CIC) සමගම තනාදුන් වේදිකාවක් වුවා යයි මෙම අවස්ථාවට සහභාගිවූ සෙසු කලාකරුවන් පවසති.

තරග අවසානයේ ශූර ගොවියා තරගාවලියේ ශූරතාවය දිනු ගයාන් වික‍්‍රමතිලකගේ ඌව පළාතේ ශූර ගොවියාට දිමට කියා චතුරිකාට දෙනු ලැබු මල් කළඹ, ඇය විසින් පැමිණ ගයාන්ට දී ඔහුට සුභපතා වේදිකාවෙන් බැස යාම ඊට හේතුවී ඇත.

CIC සමගම විසින් සංවිධානය කරනු ලැබු, 'ශූර ගොවියා' තරගාවලියේ එම අභිෂේක මංගල්‍ය ආර්ථික සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුලූ මැති ඇමතිවරු රැසකගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.අපුරු විලාසිතා දැක්මකින් මෙන්ම සංගීතමය හා නර්තන අංගයන්ගෙන් පිරුණු ශූර ගොවියා ප‍්‍රසාංගික අද්දැකිම වසන්ත දුක්ගන්නාරළ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.ලංකාවේ සතර දෙසම අවරණය වන පරිදි දියත් කෙරුණු ශූර ගොවිය වැඩසටහන සඳහා කලාකරුවන්ගේද සහය ලබාගෙන තිබු අතර ප්‍රවීන කල ශිල්පින් අට දෙනෙකු, පළාත් අටකට බෙදා වෙන්කර ඒවායේ තනාපතිවරුන් ලෙස පත්කොට තිබිණ .

එක්සත් ජාතික පක්‍ෂයේන් මම ඉවත්වෙනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර

තමන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරයෙන් සහ පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් මහ ඇමති අපේක්‍ෂක ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.

 මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී හෙළි කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය. මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තුවේ අද විශේෂ දෙයක් සිදුවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නියමිත වෙලාවටම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයෙන් දුරකතන මගින් දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ අනුව දයාසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී, සන්ධානයෙන් පළාත් සභා නාමයෝජනා බාරදීමට නියමිතය.සන්ධානයෙන් අපේක්ෂකත්ව ලබාදුන්නද මහ ඇමති අපේක්ෂකත්වය ඔහුට ලබාදිය නොහැකි බව ප්‍රබලයින් පැවසීම නිසා ඔහු ආණ්ඩුවට එක්වීමේ අදහස තාවකාලිකව අතහැර දැමූ නමුත් ඔහුගේ අදහස මල්ඵල ගැන්වී මේ තීරණය ලැබුණ බවත් වාර්තා වුණා.දයාසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුවට ඒමේ අදහස අත්හැර දැමු බව ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමග, මහ ඇමති අපේක්ෂකත්වය දෙන බවට ඔහුට ලිඛිතව දැනුම් දුන්නැයි දේශපාලන ආරංචි වාර්තා කළා.

ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් ජය දෙයි - Sri Lanka 2-0 up after rainy day

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 17ක ජයක් අත්විය. වර්ෂාවෙන් දිගින් දිගටම බාධාවූ මේ තරගයේ පැය තුනකට ආසන්න කාලයක් අපතේ ගිය හෙයින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය තීරණය විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දිවා-රාත්‍රී තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර් 49.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා ගත් අතර වර්ෂාවෙන් අපතේ ගිය කාලය සසදා දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඕවර් 29කදී ලකුණු 176ක ඉලක්කයක් එල්ල විය.

දකුණු අප්‍රිකාව ඕවර් 21කදී කඩුලු 5කට ලකුණු 104ක් ලබා සිටියදී වර්ෂාව නැවැත ඇද හැලුණ හෙයින් තරගය නවතා දැමුණි. ඩක්වර්ත් ලුවිස් ගණනය අනුව ඕවර් 21ක් වෙද්දී දකුණු අප්‍රිකාව ජයග්‍රහණය සදහා ලකුණු 122ක් ලබා සිටිය යුතුව තිබූ හෙයින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි බව විනිසුරුවෝ ප්‍රකාශ කළහ.මේ තරගයේදී කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත්වූ අතර රංගන හේරත් තම 50වැනි එක්දින තරගයේදී කඩුලු 50ක් ලබා ගැනීම කැපී පෙනුණි.මෙතෙක් දෙරට අතර පැවැති එක්දින තරග ඉතිහාසයේදී ජැක් කලීස් ලකුණු 1429ක් ලබා සිටි අතර සංගක්කාර ඊයේ තරගයේදී ලබාගත් ලකුණු 37 සමග ලකුණු 1447ක් ලබා කලීස් අභිබවමින් වැඩිම ලකුණු ලාභියාගේ වාර්තාව පිහිටු විය.

ඔටුන්න හිමිකුමරා පළමුවරට මහජනයා හමුවට

කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන විලියම් හා කේට් සිය කුළුඳුල් දරුවා සමග පළමු වරට මහජනයා හමුවට පැමිණ තිබේ.ඊයේ (23) බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 7.15ට පමණ බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලෙන් පිටතට ආ ඔවුන්, රාජකීය පවුලේ අළුත්ම සාමාජිකයා දැකබලා ගැනීමට රොක් වූ මහජනයා හා මාධ්‍යෙව්දීන් සමග කතාබස් කර තිබේ.

තවමත් සිය බිළිඳාට නමක් යොදා නැති බවත්, මෙය මුළු පවුලටම සුවිශේෂී හා සංවේදී අවස්ථාවක් බවත් ඔවුන් මෙහිදී පවසා තිබේ.පසුව ඔවුන් කෙන්සින්ටන් මාළිගය වෙත ගොස් ඇති අතර, එය අවටද ජනකායක් රොක් ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

කේම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන ඊයේ උපත ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පැවැත්වුන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කෙරිණ.බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබුණි.

කේට් කුමරිය පුතෙකු බිහි කරයි - Kate gives birth to a boy

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිද වන කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය නොහොත් කේට් මිඞ්ල්ටන් ඊයේ (22) පුත් කුමරෙකු බිහි කළා. බි‍්‍රතාන්‍ය වේලාවෙන් ඊයේ පස්වරු 4.24ට ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ දී උපත ලැබූ පුත් කුමරු රාත්තල් 8යි අවුන්ස 6ක බරකින් යුක්තයි. කේට් කුමරිය පුත් කුමරු බිහි කළේ විලිරුදාව හේතුවෙන් වින්නඹු කාමරයට ඇතුළු කර පැය 12කට පසුවයි. විලියම් කේට් යුවළගේ දරුවා බිහි වන පුවත වාර්තා කිරීම සඳහා සතියක් තිස්සේ ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල ඉදිරිපිට කඳවුරු බැද සිටි ලොව පුරා මාධ්‍යකරුවන්ට එය දීර්ඝ කාලයක් වුණා.

රාජකීය දරු උපත පළමුව දැනුම්දෙනු ලැබුවේ දෙවන එළිසබෙත් මහ රැජිණටයි.ඉන් පසුව බකිංහැම් මාළිගයේ විශේෂ පණිවිඩකරුවෙකු විසින් කුමරුගේ උපත ලෝකවාසී ජනතාවට දැනුම්දෙනු ලැබිය.

ඉන් අනතුරුව එය බකිංහැම් මාළිගයේ ප‍්‍රධාන දැන්වීම් පුවරුවේද පළකර තිබේ.කෙසේවෙතත් අලූත උපන් කුමරුට මෙතෙක් නමක් තබා නොමැත. ඊට දින දහයක් පමණ ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියි.ඔටුන්න හිමි කුමරුගේ උත්පත්තිය පිළිබඳ ප‍්‍රවෘත්තිය වාර්තා වූ විගස බි‍්‍රතාන්‍ය වැසියන් ප‍්‍රීති ඝෝෂා පවත්වමින් වීදි පුරා ගමන් කරමින් සිටි බව වාර්තාවේ.මෙම නව කුමාරයා බ්‍රිතාන්‍ය කිරුළ හිමි තෙවැන්නා ලෙස රජ පවුලට අලුතෙන් එක්ව ඇත.

දියණියගේ ඇඟිලි පහක් පලා ලුණු දැමූ නරුම පියා

චුයිංගම් දෙකක් සොරා ගත් වරදට සිය අට හැවිරිදි දියණියගේ සුරතේ ඇඟිලි පහම පලා ලුණු දැමූ පියකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් ගයාන් මීග‍හගේ මහතා සැකකරුට යළිත් මෙමස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී ‍සිටින ලෙස නියම කළේය.මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ හොරොව්පතාන ඇලපැත්තෑව ප්‍රදේශයේ පදිංචි සරත් ධර්මසිරි (28) නැමැති දෙදරු පියෙකි. මවට හෝ දරුවන්ට යළිත් හිරිහැර නොකරන ලෙස සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා එසේ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව පැවසීය.

දැරිය මවගේ භාරයට පත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඩී. එල්. වෛද්‍යරත්න මහතා හමුවට දැරිය පමුණුවා තුවාල සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. ඇලපැත්තෑව හන්දියේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන සැකකරු දරුවන්ට සහ මවට නිතරම පහර දෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පහරදීම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට ගිය මව චුයිංගම් දෙකක් සොරා ගැනීම නිසා දියණියගේ ඇඟිලි පලා ලුනු දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇත. පසුගිය මාර්තු මාසයේදී සිදු වූ මෙම ‍සිද්ධිය වසන් කිරීමේ අරමුණින් සැකකරු දැරිය පාසල් නොයවා නිවෙසේ නතර කරගෙන ඇති බවටත් මව පොලීසියට පවසා ඇත.‍ හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය මහානාම මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගණිකා නිවාස 2ක් වටලා 12ක් අත්අඩංගුවට

මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා හදිසියේ කරනු ලැබූ වැටලීම් දෙකකදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් 11ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් මෙම ස්ථාන ගණිකා නිවාස බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියන් වයස අවුරුදු 20, 23, 37, සහ 49 යන වයස්වල පසුවන තරුණියන් සහ කාන්තාවන් බව පොලිසිය ප්‍රකශ කරයි.

වටලනු ලැබූ එක් ගණිකා නිවෙසක් පිටකෝට්ට බැද්දගාන පාරේ පවත්වාගෙන ගොස් ඇති අතර අනෙක කන්දෙවත්ත පාර, නාවල, නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබේ. එම ගණිකා නිවාස දෙකේම කළමනාකාරිනියන් දෙදෙනාද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් පිටකෝට්ටේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට බලපත්‍රද නිකුත් කර ඇති බවද පවසමින් එහි කළමනාකාරිය පොලිස් නිලධාරීන් සමඟද බහින් බස් වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive