Malee1 පසුගිය කාලෙ දෙරණ නාලිකාවේ විකාශය වූ ‘මලී’ ටෙලිනාට්‍යයේ අසීමිත ප්‍රේක්ෂක ප්රතිචාරයන් ලැබූ නිර්මාණයක්. මලීගේ චරිතයට පණපෙවූ සමාධි අරුණචායාට ඇගේ සැබෑ නාමය අහිමි කරවන තරමට මේ ජනතා ප්‍රසාදය ප්‍රබල වුණා. පාරේ තොටේ දකින අය අද පවා තමාව අමතන්නේ ‘මලී’ ලෙසින් බවයි සමාධි පවසන්නේ.
මලී නාට්‍යයේ මලී රට ගියා තමන්ගේ මවට පුංචි දියණිය භාරකරලා. මේ අත්තම්මා හා මිනිපිරී අතර තියෙන සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ “මලී” දෙවන කොටස අත්තම්මා දැන් දෙරණ තුළින් විකාශය වන්නේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. මලී එම ටෙලිනාට්‍යයේ නැහැ. ඒ වගේම මලී විදියට අප අතරට ආ සමාධිත් වැඩිය පෙනෙන්නට නැහැ. ඉතින් තවමත් මලීට ආදරය කරන පිරිසක් ඉන්න හින්දා අපි හිතුව ඈ ගැන ටිකක් හොයා බලන්න. මේ දිනවල ඇය පතිකුලයට යන්න සූදානමින් ඉන්න බව අපට දැනගන්නට ලැබුණා. අපි ඇයව ඇමතුවා. අලුතින් අරඹන දිවිය ගැන, වර්තමානය ගැනත් මලී ගැන සමාධි කතා බහ කළේ සුපුරුදු සුහදශීලී ලීලාවෙන්.
මලී 2 අත්තම්මා නාට්‍යයේ සමාධි නැත්තෙ ඇයි කියන එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක්.
මම රඟපෑ මලීගෙ චරිතය අත්තම්මා ටෙලිනාට්‍යයේ නැහැ. මලී 2 කොටස කරන්නට කතිකා ගොඩ නැගෙද්දීම මම එයට දායක නොවී සිටින තීරණයට ආවා.

.jpg)




