මලී 2 ටෙලි නාට්‍යයේ මලී නැත්තේ ඇයි ? මලී පිළිතුරු දෙයි

Malee1 පසුගිය කාලෙ දෙරණ නාලිකාවේ විකාශය වූ ‘මලී’ ටෙලිනාට්‍යයේ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබූ නිර්මාණයක්. මලීගේ චරිතයට පණපෙවූ සමාධි අරුණචායාට ඇගේ සැබෑ නාමය අහිමි කරවන තරමට මේ ජනතා ප්‍රසාදය ප්‍රබල වුණා. පාරේ තොටේ දකින අය අද පවා තමාව අමතන්නේ ‘මලී’ ලෙසින් බවයි සමාධි පවසන්නේ.

 මලී නාට්‍යයේ මලී රට ගියා තමන්ගේ මවට පුංචි දියණිය භාරකරලා. මේ අත්තම්මා හා මිනිපිරී අතර තියෙන සම්බන්ධතාවය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ “මලී” දෙවන කොටස අත්තම්මා දැන් දෙරණ තුළින් විකාශය වන්නේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. මලී එම ටෙලිනාට්‍යයේ නැහැ. ඒ වගේම මලී විදියට අප අතරට ආ සමාධිත් වැඩිය පෙනෙන්නට නැහැ. ඉතින් තවමත් මලීට ආදරය කරන පිරිසක් ඉන්න හින්දා අපි හිතුව ඈ ගැන ටිකක් හොයා බලන්න. මේ දිනවල ඇය පතිකුලයට යන්න සූදානමින් ඉන්න බව අපට දැනගන්නට ලැබුණා. අපි ඇයව ඇමතුවා. අලුතින් අරඹන දිවිය ගැන, වර්තමානය ගැනත් මලී ගැන සමාධි කතා බහ කළේ සුපුරුදු සුහදශීලී ලීලාවෙන්. 

මලී 2 අත්තම්මා නාට්‍යයේ සමාධි නැත්තෙ ඇයි කියන එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක්. 
මම රඟපෑ මලීගෙ චරිතය අත්තම්මා ටෙලිනාට්‍යයේ නැහැ. මලී 2 කොටස කරන්නට කතිකා ගොඩ නැගෙද්දීම මම එයට දායක නොවී සිටින තීරණයට ආවා.

වේගයෙන් ආ වැලි ලොරිය මවත් පුතාත් බිල්ලට අරන්

ලග්ගල ඇලහැර ප්‍රධාන මාර්ගයේ වැල්ලේවල ගොමහන්දියේදී අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට මවක සහ පුතකු ඊයේ (26 වැනිදා) යට වී මිය යැමෙන් ප්‍රකෝපයට පත් වූ ප්‍රදේශවාසීහු දෙදහසක්‌ පමණ දෙනා ගොමහන්දියේදී ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

නාඋල සිට ලග්ගල දෙසට වැලි ගෙන ඒමට ධාවනය වූ ලොරිය මාර්ගයෙන් ඉවතට පැන ගොමහන්දිය බස්‌ නැවතුම්පළ අසල සිටි මව සහ පුතා යටකර ගෙන බස්‌ නැවතුම්පළ ද කඩා ගෙන අසල තිබූ ගොඩනැඟිල්ලකට හේත්තු වීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරෙන් මියගියේ ලග්ගල තෝරපිටිය දාස්‌ගිරිය ප්‍රදේශයේ පදිංචි ටී. ජී. අනුලාවතී (46) නමැති මව සහ සුමිත් නිශාන්ත බණ්‌ඩාර නමැති 23 හැවිරිදි පුත්‍රයා ය. ඔහු කලක්‌ යුද හමුදාවේ සේවය කර ඇත. අනතුර සිදු කළ ලොරි රථයේ රියෑදුරු සහ සහායක අනතුරෙන් පසු පලා ගොස්‌ තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි.

විනාඩි දෙකෙන් උප්පැන්න - විවාහ - මරණ සහතික

මෙරට දස ලක්ෂ 20 කට වැඩි ජනගහනයකට සෙත සලසමින් රටේ සෑම දෙනාටම අවශ්‍ය උප්පැන්න - විවාහ - මරණ සහතික පරිගණක මඟින් ක්ෂණිකව ලබාදීමේ වැඩ පිළිවෙළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් රටපුරා ක්‍රියාත්මක කරයි. මහින්ද චින්තනය යටතේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඊ. එම්. ගුණසේකර මහතා පවසයි.

මේ අනුව මෙරට ඕනෑම අයකුට දැන් උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක් ඉල්ලු විට විනාඩි 2 - 3 ක් ඇතුළත අවශ්‍ය පිටපත් ගණන සහිතව ඒවා ලබා ගැනීමට හැක.මීට පෙර මෙම සහතික ලබා ගැනීමට මාස තුනක් හතරක් ගතවූ අවස්ථා තිබිණි.

මේ මාසය වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයට හැර අන් සියලු දිස්ත්‍රික්කවල මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක අතර ඉදිරි මාසය ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ලබන වසර වන විට තමන් ඉපදුණු දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඉහත සහතික ක්ෂණිකව ලබාදීමේ හැකියාව ලැබෙන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පැවැසීය.

ඇන්කර්,මැලිබන් සහ ඩයමන්ඩ් පිටිවල විෂ රසායන

ඇන්කර්,ඇන්කර් 1+ හා ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් යන ආනයනික කිරිපිටිවල DCD රසායනිකය අන්තර්ගතව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකදී මේ බව තහවුරු වී තිබේ.

කාර්මික තාක්ෂණ ආයතනය පාරිභෝගික යන්ගෙන් ලද ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ (Dicyandiamide - DCD) අන්තර්ගතද යන්න පිළිබඳව සොයා බැලීමට මේ පර්යේෂණය කර ඇත.ඒ අනුව ආනයනික කිරිපිටි වර්ග 4 ක සහ දේශීය කිරිපිටි වර්ග 2 ක සාම්පල විවිධ ප්‍රමාණයන්ගෙන් ගෙන මෙම පර්යේෂණය සිදු කර තිබේ.එම සාම්පල අතරට ෆොන්ටේරා සමාගමේ ඇන්කර් හා ඇන්කර් 1+, ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් ආනයනික කිරිපිටි මෙන්ම හයිලන්ඩ් සහ පැලවත්ත සන්නාම සහිත දේශීය කිරිපිටි සාම්පලත් යොදාගෙන ඇත.

පර්යේෂණයට අනුව තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම DCD රසායනිකය අන්තර්ගත බවයි.එහෙත් දේශීය කිරිපිටි වර්ග දෙකෙහි කිසිඳු DCD රසායනික තත්ත්වයක් අන්තර්ගත නොවන බව ද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත.ඩයිසයන්ඩයිඒමයිඩ් (DCD) රසායනිකය හරකුන් අනුභව කරන තණකොළ සඳහා යොදන අතර එය යෙදීමට ප්‍රධානතම හේතුව වන්නේ හරක් මුත්‍රා ආශ්‍රයෙන් නිෂ්පාදනය වන හරිතාගාර වායුව ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින් බව පැවසේ.

ස්කූල් වෑන් ඩ්‍රයිවර්ගෙන් සිසුවියට වාහනේදී අතවර

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාසලක කුඩා දැරියක් බලහත්කාරයෙන් අපයෝජනය කළ එම පාසලට දරුවන් ප්‍රවාහනය කරන වාහනයේ රියැදුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලත් පැමිණිල්ලක් මත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් මත විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා මෙම අපයෝජනය සිදුකර ඇත්තේ පාසල ඉදිරිපිට දරුවන් ප්‍රවාහනය කරන වාහන නවතා තිබෙන ස්ථානයේදී බවත් දෙනෝදාහක් දෙනා (මවුපියන් හා දරුවන්) ඒ අවට සැරිසරන අවස්ථාවකදී බවත් අනාවරණය වී ඇත.

දැරිය අදාළ ප්‍රවාහන රථයෙන් පාසල් යෑමට නොහැකි බව තම මවට දිගින් දිගටම ප්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳ විමසිලිමත් වූ දැරියගේ මව විසින් මෙම අතවරය අනාවරණය කරගනු ලැබ ඇති බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරියාගෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ උපදෙස් ලබාගෙන ඇති බවත් ඒ අනුව අධිකාරියේ ළමා දුරකතන අංකය වන 1929 වෙත පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.

අදාළ පුද්ගලයාටද මෙම දැරියගේ වයසට ආසන්න වයසක දැරියක් සිටින බවත් බිරිය විදෙස්ගත රැකියාවක නිරත වන බවත් වාර්තා වේ.

ගුරුවරිය දණගැස්‌සවූ මන්ත්‍රී යළි රිමාන්ඩ්

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණගැස්‌සවූ බව කියන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන වයඹ පළාත් සභා අපේක්‌ෂක ආනන්ද සරත් කුමාර ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත ලබන අගෝස්‌තු 08 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසට ආණමඩුව මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (25 වැනිදා) නියෝග කළේය.

පැමිණිලිකාර ගුරුවරිය වන ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට හා ඇගේ සැමියාට සැකකාර මන්ත්‍රීවරයාගෙන් තර්ජන හා බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ ගැන ඊයේ නවගත්තේගම පොලිසිය අධිකරණයට කරුණු දැක්‌වූ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිලිකාරියට බලපෑම් කිරීම නිසා මන්ත්‍රීවරයා යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර මන්ත්‍රීවරයා මීට දින කීපයකට උඩදී ඇප කොන්දේසි යටතේ මුදා හරිනු ලැබුවේ පැමිණිලි පාර්ශවයට හිරිහැර බලපෑම් නොකරන ලෙස කොන්දේසි පනවමිනි.පැමිණිලිකාර ගුරුවරියට හා ඇගේ සැමියාට දිගින් දිගටම සැකකාර මන්ත්‍රීවරයාගෙන් තර්ජන හා බලපෑම් එල්ලවීම පිළිබඳව එම යුවළ පොලිසියට පැමිණිලි කර ඇත.නවගත්තේගම පොලිසිය විසින් සාක්‌ෂි මෙහෙයවනු ලැබීය.

දයාසිරි ගැන ඔට්‌ටුව පැරදී නිරුවතින් ඇවිදීමට ගොස්‌ දැලේ

 හෙළුවෙන් ඉන්න එපා - පොලිසියෙන් අවවාද
යට ඇඳුමින් සැරසී ඊයේ (25) පෙරවරුවේ දැරණියගල නගරයේ ඇවිදීමට සූදානම් වූ පුද්ගලයෙක්, ප‍්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් භාරයට ගැනෙයි.හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට ඇල්ලූ ඔට්ටුව පැරදුනු පුද්ගලයෙක් මෙලෙස යට ඇදුමින් දැරණියගල නගරයට පැමිණීමට ගොස් තිබේ.

දැරණියගල - ඉලූක්තැන්න ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ශාන්ත තිලකරත්න නොහොත් ‘‘යෝගට් ශාන්ත’’ නැමැත්තෙක් මෙලෙස ඔට්ටුව පැරදී, අද පෙරවරුවේ දැරණියගල බස්නැවතුම්පළ ඉදිරියේදී ඔට්ටුව ක්‍රියාත්මක තිරීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂය හැරගියහොත් තමන් දැරණියගල නගරයේ පිහිටි බස් නැවතුම්පළේ සිට ඊට ආසන්නයේ ඇති තුන්මංහන්දිය දක්වා යට ඇඳුමින් ඇවිදින බවට මොහු දින 3කට පෙර අසල්වාසියෙකු සමඟ ඔට්ටුව අල්ලා ඇති බව වාර්තා වෙයි.පසුව ඔහුගෙන් ප‍්‍රකාශ කිහිපයක් සටහන් කරගත් බව පොලීසිය සදහන් කරයි.

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් අසුවක් මරුට - Spanish train crash: 80 killed

අඩුම වශයෙන් අසූ දෙනකුට මරු කැඳවමින් තවත් බොහෝ දෙනකුට තුවාල සිදු කරමින් වයඹ දිග ස්පාඤ්ඤයේ සිදුවූ දුම්රිය අනතුරකින් අනතුරුව රටේ අගමැති වරයා තුන් දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

සන්තියාගෝ ද කොම්පොස්ටෙල (Santiago de Compostela) නගරයට මදක් එපිටින් අනතුර සිදුවූ ස්ථානය දැක බලා ගත් පසුයි අගමැති මරියානෝ රහොයි (Mariano මේ බව කියා සිටියේ.අනතුරට හේතුව කුමක්දැයි සොයා ගැනීමට 'එකිනෙකට සම්බන්ධ' පරීක්ෂණ දෙකක්ම ආරම්භ කොට ඇති බව ඔහු දැනුම් දුන්නේය."එකක් අධිකරණයෙන්. අනික දුම්රිය අනතුරු පරීක්ෂණ කොමිසමින්," ඔහු පැවසීය.

මැඩ්රිඩ් අගනුවර සිට ගමන් ඇරඹු දුම්රිය අනතුරට භාජනය වන අවස්ථාවේ මැදිරි වල සිටි මගීන් සංඛ්‍යාව දෙසිය විස්සක් පමණ.පැත්තට පෙරලීමට කලින් දුම්රිය වංගුවකදී විසිවනු ආරක්ෂක කැමරා වල පටිගත වූ දර්ශන වල දැක්වේ.දිවි ගලවාගෙන ඇති රියදුරන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් ප්‍රශ්න කැරෙන බවයි වාර්තා වන්නේ.දුම්රිය සමාගම පවසා තිබුනේ දුම්රිය සඳුදා ආරක්ෂාව පිලිබඳ කාර්මික සමීක්ෂණයකට යටත් කරුණු බව.දුම්රිය වංගුවක් පසුකිරීමෙදී සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ධාවනය කෙරෙමින් තිබුණු බවයි ජන මාධ්‍ය වාර්තා කළේ.

Gossip Lanka Hot News Previous News Archive