2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම් කාණ්ඩගත කෙරේ

2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන සහ අදාළ කණ්ඩායම් තරගවදින කාණ්ඩ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

 තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයයි. ” ඒ ” කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව, එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ බංග්ලාදේශය තරග වදිනවා. ‘‘ බී ’’ කාණ්ඩයෙන් තරග වදින්නේ දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් , අයර්ලන්තය සහ පකිස්තානය යන කණ්ඩායම්. 2015 වසරේ පෙබරවාරි 14 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කි‍්‍රස්චර්ච් හිදි පැවැත්වීමට නියමිතයි.

 අවසන් මහ තරගය මාර්තු 29 වැනිදා මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. දින 44ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 49ක්. ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයේ නගර 14ක තරග පැවැත්වීමට නියමිතයි. එම රටවල් දෙක ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක සත්කාරකත්වය දරන්නේ වසර 23කට පසුවීමද විශේෂත්වයක්.

මර්වින් මාධ්‍යට බොරු කියයි - මාලක දැඩිසත්කාර ඒකකයේ

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කොළඹ නවලෝක පුද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු යම් අසාධ්‍ය තත්වය පසුවන බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට එම රෝහලේ අදාළ දැඩිසත්කාර ඒකකය අසලත් අදාළ පහරදීම සිදුවූ වූ 'ඔඩෙල්' සාප්පු සංකීර්ණය අසලත් ප්‍රභූ ආරක්ෂක යින් මෙන්ම පොලිස් ආරක්ෂාව යොදා තිබේ.මාලක සිල්වාට පිහියක් වැනි තියුනු ආයුධයකින් පහරදී ඇති බවත් බෝතල් වලින් හිසට පහරදී ඇති බවත් පැවසේ.

කෙසේ නමුත්  ඊයේ (29 වැනිදා) රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයන්වලදී කියවුනේ ඇමති පුත්‍රයා ටිකට් කපා රෝහලෙන් පිටවගොස් ඇති බවයි. එම රෝහල අසලට පැමිණ සිටි මර්වින් සිල්වා ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පැවසූවේ " ඔයාලා මෙතන ඉන්නකොට මගේ පුතා පිටිපස්ස දොරෙන් ගෙදර යැව්වා. ඔයාලා දන්නෙත් නෑ. එයාට ප්‍රශ්නයක් නෑ" යනුවෙනි.ඔහුට පහර දුන් පිරිස WP - AI 5213 අංකය දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් ආබවත් බොහෝවිට ඔවුන් රාජ්‍ය ආරක්ෂක අංශයේ සාමාජිකයින් වියයුතු බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කුඩු බෙදා හැරිය අක්ක-මලෝ අත්අඩංගුවට

කොළඹ සිට පාදුක්ක, මීගොඩ, ගොඩගම හා ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් තොග වශයෙන් බෙදාහරිනු ලැබු එකම පවුලේ අක්කා හා මල්ලි රුපියල් ලක්ෂ දෙකක හෙරෙයින් ග්‍රෑම් 32ක් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී කළුඅග්ගල දී අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් වී ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකු හා සහෝදරියකි.

සැකකාරිය වසර දෙකයි මාස හයක කාලයක් සිරගතව සිට පසු ගිය මාර්තු මස ඇප මත මුදා හැර ඇති අතර, සැකකාරියගේ සැමියා මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටිය දී පසු ගිය දිනක එහි ඇති වු නොසන්සුන්තාවයක් හේතුවෙන් පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ හෙරොයින් පානය කරන ලද පුද්ගලයන් විසි දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහි දී එක් අයකුට රුපියල් දස දහස බැගින් දඩ මුදලක් ගෙවීමට සිදු කර ඇත . ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත ඔවුනට හෙරොයින් ලබා දෙන කාන්තාවක් මීගොඩ දී හෙරොයින් ග්‍රෑම් 2, මිලිග්‍රෑම් 800 ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් ව ඇත.

පුතාට ගහපු පින්වන්තයින් හොයනවා - Mervin Silva

අමාත්‍යවරයා සිය පුතාගේ සැපදුක් විමසීම සඳහා පැමිණ සිටින අයුරු...

පාදඩ බල්ලො ටිකක් පුතාට ගහලා… 
චණ්ඩි ඉන්නවනම් මට කියාපියවු මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ
තම පුත් මාලක සිල්වාට පාදඩ බල්ලන් ටිකක් වටකරගෙන පහර දී ඇති බවත් පුළුවන් චණ්ඩවෙක් ඉන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍ය මර්වින් සිල්වා ප‍්‍රසිද්ධ අභියෝයක් කරයි.මාලක් සිල්වා මහතාට ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත ඔඩෙල් රෙදිපිලි වෙළඳසැලේ රථ ගාලේදී කිසියම් කණ්ඩායමක් විසින් පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටී.

‘බියගුළු පාදඩ බල්ලො ටිකක් පුතා තනියම ගියාම ඔඩෙල් එකට වටකරල ගහල. උන්ට මං අභියෝග කරනව පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් මට දැනුම් දෙන්න. ඒක මම බේරගන්නම් මට පොලීසියක් ඕන නෑ.

මම මේ ගෙදර ෂෝටක් ගහගෙන හිටියේ. ඉන්න කොට පුතා කතා කරල කිවුව පුතා කතා කරල කිවුව තාත්තෙ මං ඔඩෙල් එකට තේ බොන්න ගියා. ඉතිං එයා තනියම යන්නෙ.

කොළඹ 'ඔඩෙල්' රථ ගාලේදී මර්වින්ගේ පුතාට වටකර පහර දෙති

මුහුණට හිසට බරපතල
තුවාල ලබා රෝහලේ අයිසීයූ එකේ
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඊයේ (29 වැනිදා) සවස 4.15 ට පමණ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකදී එල්ල වූ ප්‍රහාරයක්‌ හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.ඇඟලුම් ආයතනයේ පිටුපස රථගාලේදී සිදුවූ බහින්බස්‌වීමක්‌ අතරතුර පුද්ගලයන් දසදෙනකුගෙන් සමන්විත පිරිසක්‌ මාලක සිල්වා මහතා වටකර මෙම පහරදීම සිදුකර ඇත.

මාලක සිල්වා ඇඟලුම් ආයතනයෙන් එළියට පැමිණෙන විට
උඹද මාලක කියන්නේ.... ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න... වරෙන් යන්න.... කියා පහරදුන් පිරිස ඔහුව පැහැරගෙන යැමට උත්සාහ කර තිබේ.

එම අවස්‌ථාවේදී මාලක සිල්වා සහ පිරිස අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබේ. පසුව ඔහුව පැහැරගන යැමට පැමිණි පිරිස වතුර බෝතල්වලින්, සපත්තුවලින් හිසට හා මුහුණට දැඩි ලෙස පහරදී ඇත.පහර දීමට පැමිණි පුද්ගලයන් ඩිෙµන්ඩර් රථයකින් පැමිණ තිබෙන අතර, එම රථය ජනාධිපති ආරක්‍ෂක අංශයට අයත් වාහනයක අංකයකට සමානව ව්‍යාජ ලෙස සකසා තිබී ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.මෙම පහරදීමෙන් මාලක සිල්වා මහතාගේ මුහුණට සහ හිසට බරපතල තුවාල සිදුව තිබේ.

කොළොන්නාවේ කුඩු කාරයින්ට අපි බය නැ - ගලබොඩඅත්තේ ඤාණසාර හිමයෝ

‘කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නෑ. මැරුවත් අපි බයවෙන්නේ නෑ’ යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමයෝ පවසති. උන් වහන්සේ මේ අදහස් පල කලේ ඊයේ පස්වරුවේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ බොදු බල සේනා රැස්වීමක් අමතමිනි. කදිනල්තුමාටත්, උලමා සභාවටත් මත් උවදුරට එරෙහි සටනට එක්වන්නැයි ආරාධනා කරමින් උන් වහන්සේ එහිදී මෙසේද කීහ. ‘කොලොන්නාව කුඩු පුරයක්. මේක නවත්තන්න ඕන. රට දැය විනාශකරන කුඩුවලින් අපේ දරුවෝ බේරගන්න ඕන.
 මේ රටේ දරුවෝ, තරුණයෝ, වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය වලින්, මත්පැන් වලින්, දුම්වැටි වලින් රැකගෙන සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකරන්න බොදු බල සේනාව අදින් සටන පටන්ගන්නවා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා කිව්වා කුඩු නවත්වනවා කියලා.දැන් පෙන්වන්න කුඩු ගෙන්වන්නේ කව්ද කියලා. හොරගල් අහුලන්න එපා. කව්ද කරන්නේ කියලා. කියන්න බය වෙන්න එපා.අපි පවුරක් වගේ ඔබත් සමග ඉන්නවා.

කුඩු කොළොන්නාවෙන් තුරන් කරන්න. කොළොන්නාවේ කුඩු කාරයින්ට, පඟර නැට්ටන්ට අපි බය නැහැ. අපි මැරුවත් අපි බයවෙන්නේ නැහැ. අපිව හෙට මැරුවත් මේ සටන නවත්වන්නේ නැහැ. මත් උවදුර, ත්‍රස්තවාදයටත් වැඩිය දරුණුයි. එනිසා කුඩුවලට එරෙහි සටන අද අපි පටන් ගන්නවා. මත් කුඩු ජාවාරම්කාරයෝ ඉදිරියේ දේශපාලකයෝ නිහඬයි. ආගමික නායකයෝ නිහඬයි. අපි වගේ බය නැහැ.

ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් එක්දින තරගාවලියත් ජයගනී

තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ල සඳහා පන්දුවාර 32.1 කදී වාර්තාගත ලකුණු 184 සබඳතාවයක් පිහිටුවමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3ට 1ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඊයේ(28)ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
 ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන පළමු කඩුල්ල සඳහා ලකුණු 45ක සබඳතාවයක් පිහිටුවන ලදී. මහේල ලකුණු 12ට දැවී ගිය පසු ඩිල්ෂාන් හා එක්වූ සංගක්කාර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 184ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූ අතර සංගක්කාර ලකුණු 91ක් ලබා සිටියදී දැවී ගියේය.
 තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 115ක් ලබා ගත් අතර එය ඔහුගේ 17 වැනි ශතකයද විය. පන්දු 130දී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 16ක්ද අන්තර්ගතය. දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු 238 ඒ අනූව ශ්‍රී ලංකාව පන්දුවාර 44දී කඩුලු 2ක් පමණක් දැවී අභිබවා යමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.

රුපියල් දස කෝටියකට කන්‍යාභාවය විකිණූ දැරිය තවමත් කන්‍යාවක්‌ !

කන්‍යාභාවය යනු තරුණියක සතු ඉතාමත් අගනා පරම පවිත්‍ර වස්‌තුවක්‌ නොහොත් සම්පතක්‌ බව අපි දන්නෙමු. විවාහ ජීවිතයට එළැඹෙන තෙක්‌ මෙම වස්‌තුව විනාශ කර ගැනීමට කිසිම තරුණියක සූදානම් නැත. එහෙත් තමාගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපියල් සතවලට විකිණීමට සමහර තරුණියන් කැමැතිය. සිය කන්‍යාභාවය රුපියල් දස කෝටියකට විකිණූ එවන් තරුණියක ගැන පසුගියදා අපට බ්‍රසීලයෙන් අසන්නට ලැබිණ.

 කැතරිනා මිග්ලිඕරිනි (Catarina migliorini) නමැති මෙම පාසල් දැරිය තමන්ගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපිල් දස කෝටියකට නොහොත් ඩොලර් 780000 ට ජපනකු වෙනුවෙන් අලෙවි කළ බව  2012 නොවැම්බර් 4 වැනිදා ආන්දෝලාත්මක ලිපියක්‌ පළ කරමින් කියා සිටියේය.

එම ආන්දෝලානාත්මක ලිපිය ඔබත් කියවන්නට ඇතැයි සිතමු. මෙම ලිපිය පළ වී මාස අටකට පසු, පසුගිය සතියේ යළිත් වරක්‌ කන්‍යාභාවය විකුණූ එම දැරිය ගැන අලුත්ම පුවතක්‌ ලන්ඩනයේ "ඩේලි මේල්" පුවත්පතින් අපට අසන්නට ලැබිණි. කිසියම් පිරිසකට රැවටී මෙම දැරිය තම කන්‍යාභාවය නැති කරගෙන ඇති බව එම පුවතින් වැඩිදුරටත් කියෑවිණි. සමස්‌ත ලෝක ජනතාවම විශ්මයට පත් කළ එම කතාවේ අලුත්ම තොරතුරු ඔබට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමු.

Gossip Lanka Hot News Previous News Archive