වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර දැරියක මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 24 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ පැහැර ගෙන ඇත්තේ කොස්වත්ත - මීගහවෙල පදිංචිව සිටි දැරියක බව මාරවිල පොලීසිය පවසයි.ඉකුත් 08 වැනි දින මෙම දැරිය තම මව සහ සහෝදරිය සමග මාරවිල මුලික රෝහලට පැමිණ ඇති බවත් , පසුව ඇය රෝහලේ ආපන ශාලාවට යන බව පවසා පිටත්ව ගොස් ඇතත් නැවත ආපසු පැමිණ නැති බවත් සඳහන්ය.
පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විට ඇගේ මව දැන ගෙන ඇත්තේ තම දියණිය තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයෙකු සමග පලාගොස් ඇති බවකි.ඒ අනුව 08 වැනි දින මව විසින් තම දියණියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.මේ අතර පසුගිය 28 වැනිදා දියණිය නැවත නිවසට පැමිණ ඇති බවත් , නිවසට පැමිණි දියණිය තම මවට පවසා ඇත්තේ මීගහවෙල ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරණ තරුණයෙකු සමග තමන් පලා ගිය බව හා පසුව දෙදෙනාම පොලොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී අඹු - සැමියන් ලෙස පසුගිය දින කීපය තුළ ජීවත් වු බවය.






.jpg)
