හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ඕස්ට්‍රේලියාවෙන් රැකවරණ පතයි

ප්‍රිශාන්ත ජයකොඩි සේවය අතහැර ගියා සේ සලකයි
රත්නපුර කොට්ඨාශය භාරව කටුයුතු කරමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මෙරටින් ඕස්ටේ‍්‍රලියාවට පලා ගොස් එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඕස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය පුතා බැලීම සඳහා පසුගිය ජූනි මස 29 වැනිදා විදේශ ගත වී ඇති ඔහු ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා ගෙන ඇත්තේ ජූලි මස 10 වැනිදා දක්වා දින 10ක කාලයකි.

ඔහු අවසන් වරට රත්නපුරයේ සේවය කරන කාලය තුල ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල සහ රත්නපුර නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙන්ද එල්ලවූ මරණිය තර්ජන එල්ල වී තිබුණේ යයි වාර්තා පල විය.කෙසේ වෙතත් නිවාඩුව අවසන්ව ඔහු සිය කොට්ඨාශය වෙත වාර්තා කල යුතුව තිබුණද මෙතෙක් ඔහු සේවයට වාර්තා කර නැත. මේ හේතුවෙන් පසුගිය 16 වැනිදා ඔහු පරිහරණය කල නිල වාහනය යළි පොලිස් භාරයට ගෙන ඇත. මේ අතර ඊයේ පස්වරුවේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කලේ ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අත්හර ගිය අයෙකු සේ සලකන බවයි.කෙසේ වෙතත් ඒ මහතා මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීම සඳහා එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් - Dominant Sri Lanka make it 4-1

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය විජග්‍රාහීව අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ අවසන් තරගය ලකුණු 128කින් ජයග්‍රහණය කළහ. ඒ අනුව දෙරට අතර එක්දින තරගාවලියේ ජය 4-1ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දිවා-රාත්‍රී තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 307ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ ඕවර් 43.5කදී ලකුණු 179කට දැවී ගියහ. එක්දින තරගාවලියේ වීරයා ලෙස කුමාර් සංගක්කාර හා ඊයේ තරගයේ වීරයා ලෙස ටී.එම්.ඩිල්ෂාන් සම්මාන හිමි කර ගත්හ.

මහේල, මාලිංග හා හේරත් වැනි පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය උදා කිරීමේදී හිටපු නායකයින් දෙදෙනෙකු වන සංගක්කාර හා ඩිල්ෂාන්ගේ දායකත්වය කැපී පෙනෙණ අයුරින් ලැබුණි.ඩිල්ෂාන් තම 18වැනි ශතකයට ලකුණක් අඩුවෙන් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර සංගක්කාර 79වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී සිටියේය.

සංගක්කාර වෙනදා එල්ල කරන ක්‍රිකට් පොතේ තාක්ෂණික පහරවලට පමණක් සීමා නොවී පන්දු 45කදී හතරේ පහර 12ක් සමග වේගවත්ව ලකුණු 75ක්වාර්තා කළේය. ඩිල්ෂාන් පන්දු 110කදී හතරේ පහර 13ක් සමග ලකුණු 99ක් ලබා සිටියදී වේග පන්දු යැවූ මැක්ලරන්ගේ යෝකර් පන්දුවකට දැවී ගියේය.ශ්‍රී ලංකාව තවත් රටකට එරෙහිව පැවැත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොතට එක්වූ සංගක්කාර මෙවර තරග 5කින් සමන්විත තරගාවලියේදී ලකුණු 372ක් ලබා ගැනීම විශේෂත්වයකි.

කාඩිෆ්වල යකා නැටූ කොටියා ළඟ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක්

ක්‍රිකට් තරගාවලියක් අතරතුරදී එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයට ඊලාම් ධජයක් රැගෙන හදිසියේ කඩාවැදුණු කොටි සාමාජිකයාට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් තිබෙන බවට මැංචිස්ටර් ජාත්‍යන්තර පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.යශෝධරන් සදසරමූර්ති නමින් එම් 1193431 දරන විදේශ ගමන් බලපත්‍රය 2000/03/08 වන දින මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වේ.

මේ සැකකරුට අයත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයට අදාළව ගුවන්ගමන් තහනම් කිරීමේ නියෝගයක් මේවනවිටත් අධිකරණය මගින් නිකුත් කොට ඇති අතර එය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.මොහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය සමඟ සම්බන්ධවී විමර්ශන පවත්වන බව පැවසූ පොලිසිය ප්‍රභාකරන් රාජු සදසර මූර්ති, මනිමාරන්, සදසරමූර්ති යශෝධරන්, යශෝධරන් සඳසරමූර්ති යන නම්වලින් පෙනී සිට ඇති බව පැවැසීය.

එක්සත් එමිර් රාජ්‍යයේ කටාර් කොමර්ෂල් බැංකුව විසින් එච්. එස්. සුල්තාන් ජෙස්ටින් අල්හානි වෙත නිකුත් කොට තිබූ විද්‍යුත් කාඩ්පතේ දත්ත සොරාගෙන ඒ. ටී. එම්. ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් මොහු 2012/05/20 වන දින අවස්ථා 70 වකදී පැය හතරක් ඇතුළත ජා-ඇළ, කඳාන, වත්තල, බොරැල්ල හා නවලෝක යන ප්‍රදේශවලින් රුපියල් ලක්‍ෂ 56ක් සොරාගෙන ඇත.

දොළොස්‌ හැවිරිදි දැරිය ගැබිනියක කළ තරුණයා අත්අඩංගුවට

දොළොස්‌ හැවිරිද බාල වයස්‌කාර දැරියක්‌ පස්‌මස්‌ ගැබිනියක්‌ බවට පත් කළ විසිඑක්‌ හැවිරිදි තරුණයකු හෝමාගම මූලස්‌ථාන පොලිසිය මගින් පෙරේදා (29 දා) උදේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ ගැබිනියකව සිටි බාලවයස්‌කාර දැරිය ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

මෙම බාලවයස්‌කාර දැරිය හා තරුණයා පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. මෙම බාලවයස්‌කාර දැරිය පොලිසිය විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමෙන් පසු ඈ පස්‌මස්‌ ගැබිනියක බව හෙළි වී තිබේ.තරුණයා හා බාලවයස්‌කාර දැරිය අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම දෙදෙනාගේම දෙමාපියන් ද මේ සම්බන්ධය පිළිබඳ දැනුවත්ව සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

13 ට එරෙහිව සංඝාඥාවක්‌ නිකුත් කරන්න - බොදුබල සේනා

දේශයට, ජාතියට මහා අභියෝගයක්‌ව පවතින 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ප්‍රකාශ කරමින් සංඝාඥාවක්‌ නිකුත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (30 දා) පැවසූහ.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‌ෂකයාගේ ප්‍රකාශ ඉතා භයානක බව ඥානසාර හිමියෝ පැවසූහ.

13 වැනි සංශෝධනයට ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හා දැහිතැති ප්‍රජා සංවිධාන ද විරෝධය පළකරන බව පැවසූ ඥනසාර ස්‌වාමීන් වහන්සේ මෙම සියලු සංවිධාන සහ මහා සංඝරත්නය ඒකාබද්ධව මහනුවරදී පවත්වන අධිෂ්ඨාන පූජාවකදී 13 වැනි සංශෝධන අහෝසි කරන ලෙස දන්වා සංඝාඥාවක්‌ නිකුත් කිරීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටින බව ඥනසාර ස්‌වාමීන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.ඉඩම් සහ පොලිස්‌ බලතලවලටත් වඩා බලතල උතුරු පළාත් සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවට මේ වන විටත් උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‌ෂක කර තිබෙන ප්‍රකාශය ඉතා බලගතු මෙන්ම රටේ ඒකීය භාවයට අභියෝගාත්මක බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

රණවිරු රියල් ස්‌ටාර් තුෂානිට උසස්‌ වීමක්‌

රණවිරු රියල් ස්‌ටාර් කිරුළ දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා තුෂානි පෙරේරා සැරයන් නිලය දක්‌වා ද්විත්ව උසස්‌ වීමක්‌ ලබාදී තිබේ.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ මත ඇයට ලබාදුන් එම ද්විත්ව උසස්‌වීම පෙරේදා (29 වැනිදා) සිට ක්‍රියාත්මක වේ.

යුද හමුදාවේ හා නාවික හමුදාවේ තරගකරුවන් සිව්දෙනකු සමග තරග කළ තුෂානි පෙරේරා ඉකුත් 27 දා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවති රණවිරු රියල් ස්‌ටාර් අවසන් මහ තරගයේදී පළමු ස්‌ථානය දිනා ගැනීමට සමත් වූවාය.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර අටක සේවා කලයක්‌ සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී සිටි ඇය තරගාවලියේ කිරුළ හිමිකර ගැනීම නිසා මේ ද්විත්ව උසස්‌විම ලැබුවාය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ගුවන් හමුදා මූලස්‌ථානයේදී සැරයන් තුෂානි පෙරේරා හට උසස්‌වීමේ ලිපිය ලබාදුන් අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

දොළොස් හැවිරිදි දැරිය කෙළෙසූ පෙම්වතා දැලේ

වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර දැරියක මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 24 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ පැහැර ගෙන ඇත්තේ කොස්වත්ත - මීගහවෙල පදිංචිව සිටි දැරියක බව මාරවිල පොලීසිය පවසයි.ඉකුත් 08 වැනි දින මෙම දැරිය තම මව සහ සහෝදරිය සමග මාරවිල මුලික රෝහලට පැමිණ ඇති බවත් , පසුව ඇය රෝහලේ ආපන ශාලාවට යන බව පවසා පිටත්ව ගොස් ඇතත් නැවත ආපසු පැමිණ නැති බවත් සඳහන්ය.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විට ඇගේ මව දැන ගෙන ඇත්තේ තම දියණිය තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයෙකු සමග පලාගොස් ඇති බවකි.ඒ අනුව 08 වැනි දින මව විසින් තම දියණියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.මේ අතර පසුගිය 28 වැනිදා දියණිය නැවත නිවසට පැමිණ ඇති බවත් , නිවසට පැමිණි දියණිය තම මවට පවසා ඇත්තේ මීගහවෙල ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරණ තරුණයෙකු සමග තමන් පලා ගිය බව හා පසුව දෙදෙනාම පොලොන්නරුව - මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී අඹු - සැමියන් ලෙස පසුගිය දින කීපය තුළ ජීවත් වු බවය.

‘පැකේජ ක‍්‍රමයට ගණිකා සේවය’ – සේමිණීගේ වෙබ් අඩවියේ දැන්වීමක්

පැකේජ් ක‍්‍රමයට තමන් ගණිකා වෘත්තියේ යෙදෙන බවටත් තවත් නවක නිළියන් කිහිප දෙනෙකුද මේ සදහා යොදා ගෙන ඇති බවටත් තම අපහැදිලි මුහුණ සහිත සේයාරුවක් ඇතුළු කොට සදහන් කරමින් එම දැන්වීම සකස් කර ඇතැයි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි සේමිණී ඉද්දමල්ගො විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් කොට තිබේ.

ඇයගේ වෙබ් අඩවියට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් විසින් පැකේජ් ක‍්‍රමයට ගණිකා වෘත්තියේ යෙදෙන්නේ යයි දැන්වීමක් පළ කර ඇති බවත් අදාල සැකකරු සොයා පරීක්‍ෂණ කරන බවත් අපාරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයටද දැනුම් දී තිබේ.

මේ සිදුවීමෙන් තමන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇතැයි පැමිණිල්ලේ සදහන් කර ඇති අතර තම පවුල් ජීවිතයට විශාල ප‍්‍රශ්නයක් ඇති වී ඇති අතර තමන් විශාල මානසික ආතතියකටද ලක් වී ඇති බවද සදහන් කරයි.පැමිණිලිකාරිය තමන් මේ මානසික රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත් බවද සදහන් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive