ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා 2013 අද (01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසිවෙනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගනී.
කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වී සිය හමුදා දිවිය ආරම්භ කළ රත්නායක මහතා අනතුරුව 1981 ජුලි 18 වන දින දෙවන ලුතිතන් වරයකු ලෙස අධිකාරියට පත්වී ශ්‍රී ලංකා පාබල හමුදාවට එක් විය.
අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.




.jpg)


