ගැහැනුන් මතක මට මුහුණෙන් නොවේ

 මම බලන්නෙ මුහුණු නෙමෙයිනෙ
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ එළවළු මිලදී ගනිමින් සිටියේ තම ආදරණීය භාර්යාවත් සමඟය.

එක්වරම ඔවුන් ඉදිරියට ආ සුන්දර කාන්තාවක් වෛද්‍යවරයා දෙස බලමින් “සර්ට මාව මතකද?” යනුවෙන් විමසුවාය. ‍ෙදාස්තර මහතාද තමන්ට එවන් මතකයක් නැති බැවින් “මට නම් නිච්චියක් නැහැ” යැයි පැවැසීය. “ඇයි සර්ගෙන් මම බේත් ගත්තේ. සර්ගෙන් බේත් ගත්තට පස්සේ තමයි මට ඒ අසනීපෙ සනීප වුණේ” සර්ට මාව මතක තියෙන්න ඕනෑ. අමතක වෙන්න බෑ කවදාවත්. කාන්තාවගෙන් ගැලවීමට බැරිම තැන කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයා කාන්තාව පිළිබඳව මතකයක් ඇති බව පෙන්වමින්,

“ආ ඔව් මට මතකයි. මගෙන් බේත් ගත්තට පස්සෙනෙ සනීප වුණේ. ආයෙ අසනීප වුණොත් එන්න” යනුවෙන් පැවැසීය. කාන්තාව ඉවත්ව ගිය පසු ‍ෙදාස්තර මහතාගේ බිරිය “ඇයි ඔයාට ඔච්චරම ඔය කාන්තාවගේ මුහුණ අමතක වුණාද. එකපාරටම මතකයි කියලා කිව්ව නම් කොච්චර වටිනවාද?” යනුවෙන් චෝදනා මුඛයෙන් පැවැසුවාය. ඔයා කිව්වට මට ඔය ගෑනුන්ගෙ මුහුණුවලින් මතක තියෙනවයැ මම බලන්නෙ මුහුණු නෙමෙයිනෙ. ඒ අයව මට මතක තියෙන්නෙ වෙන විදියකට. වෛද්‍යවරයාගේ ප්‍රකාශය අවබෝධ වූ බිරිය තරහෙන් පුපුරමින් පිටව 'ඉක්මනට යමු' කීවාය.

හමුදා වෙඩි පහරින් මියගියේ පාසල් සිසුවෙක්

වැලිවේරියේ රතුපස්‌වල පෙරේදා (01 වැනිදා) පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමේ සිද්ධියේදී වෙඩි පහරකට ලක්‌ව මියගිය අය 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට හඳුනාගෙන තිබේ.

ඔහු වැලිවේරිය හෙලන්වත්තේ පදිංචිව සිටි කේ. ඒ. අකිල දිනේෂ් ජයවර්ධන නමැති යක්‌කල චන්ද්‍රජෝති විද්‍යාලයේ උසස්‌ පෙළ හදාරන සිසුවෙකි. වෙඩි ප්‍රහාරයට ලක්‌වීමෙන්

බරපතළ තුවාල ලැබූ සිවුදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගම්පහ රෝහලේ 18 දෙනකුත්, වතුපිටිවල රෝහලේ 08 දෙනකුත්, රාගම රෝහලේ 4 දෙනකුත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙයින් කිහිප දෙනකුටම ශල්‍යකර්ම සිදුකර ඇත.නම ප්‍රකාශ කිරීමට අකමැති තුවාලකරුවෙක්‌ මෙසේ පැවසීය.

"අපි අතුරු පාරක සිට උද්ඝෝෂණය පැවති පැත්තට යමින් සිටියේ. මියගිය අය ගියේ සේවය සඳහා ගොස්‌ සිටි මව නිවසට එක්‌කගෙන එන්න. යකඩ පොලු අතේ තියාගෙන සිටි හමුදා නිලධාරීන් එම යකඩ පොලුවලින් පහර දුන්නා. ගුටිකාගෙන දුවන අය හමුදා නිලධාරීන්ට ගල්වලින් පහර දුන්නා. එවිට හමුදා නිලධාරීන් දස අතේ වෙඩි තිබ්බා. වෙඩි වැදී බිම වැටුණ මා හට යකඩ පොලුවලින් පහර දුන්නා.

හම්බන්තොට වරාය ගැන දයාසිරි ගේ දිව දෙකේ කතා [Video] Dayasiri Jayasekara

"අළුත් කටකින් අළුත් විදියට කියනවා..වරාය හදපු එක හොදයි.."
එක්සත් ජාතික පක්‍සයේ සිටියදී හම්බන්තොට වරාය ගැන ප‍්‍රබලවිවේචන එල්ල කල දයාසරි ජයසේකර මහතා සන්ධානයට එක් වූ පසු කුරුණෑගල මැතිවරණ වේදිකාවකදී යලිත් හම්බන්තොට වරාය ගැන කතා කලේය.

ඔහු කීවේ හම්බන්තොට වරාය සෑදීම හොඳ දෙයක් බවයි.

එහෙත් එය සෑදීමේදී ගලක් මතුවූ බවත් එනිසා නැවු ගන්න බැරිව සිටි බවත් ඇත්ත යයිද කී ඔහු දැන් නැවු එන බවත් ඇත්ත යයිද කීවේය.

එම  වීඩියෝව පහතින් බලන්න

පිරිමි අයට නම් මම ටිකක් අහංකාරයි - Sheryl Decker

 විවාහයට පෙර තිබුණ දේවල් කිසිම වෙනසක් වෙලා නැහැ - ෂෙරිල්
අමා ටෙලි නිර්මාණයේ අමා ලෙස ජනාදරයට පත්වී මේ දිනවල දම්සාරි ලෙස ප්‍රේක්‍ෂකයන් අතරට එන ෂෙරිල් ඩෙකර් නර්තනයෙන් වගේම රංගනයෙන් අපූරු හැඩතල මැවූ සුන්දර රංගන ශිල්පිනියක්. නිතර නිතර ප්‍රේක්‍ෂකයන් අතරට නොආවත් ඇය ප්‍රේක්‍ෂකයන්ට වඩාත් සමීප චරිතයක්. ඒ නිසාම මෙවර කතාබහට ඇයව එක්කාසු කර ගන්න අපි හිතුවා.

ඔබ ක්‍ෂේත්‍රයට එන්නේ නර්තන ශිල්පිනියක් විදියට. දැන් නර්තනය අමතක කරලද?
අනේ නැහැ. මම තාම නර්තන කටයුතු කරනවා. ළඟදි මම ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගත්තා. එහි ඉගැන්වීම් කටයුතු කරනවට අමතරව නර්තන ප්‍රසංගයකට විදේශගත වෙන්න ඉන්නේ.

ඔබ සුවිශේෂ නර්තන හැකියාවක් තියෙද්දි රංගනය පැත්තට යොමුවෙන්නෙ හිතුවෙ ඇයි?
අපට විවිධ හැකියා තියෙනවා. මටත් නර්තන හැකියාව වගේම රංගන හැකියාවකුත් තියෙනවා. ඉතින් මං ළඟ තියෙන හැකියාව හංගගෙන ඉන්න ඕන්නෑනේ. ඒ නිසා මගේ අම්මා තමයි රංගනය පැත්තට මාව මුලින්ම යොමු කළේ. ඊට පස්සේ මමත් කැමැත්තෙන්ම රංගනයට යොමු වුණා. විශේෂයෙන්ම මට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙත් නර්තනය නිසා.

මරදානේ ගණිකා මධ්‍යස්‌ථාන 3 ක සිටි කාන්තාවෝ 30 දෙනෙක්‌ කොටුවෙතිp-

මරදාන ප්‍රදේශයේ ලැඟුම් හල් තුනක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථාන තුනක්‌ වැටලූ මාලිගාවත්ත පොලිසිය තරුණ කාන්තාවන් 27 දෙනකු ඇතුළු 30 දෙනකු පෙරේදා (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

කාමර කුලියට දෙන මුවාවෙන් මෙම ලැඟුම්හල්වල ගණිකා නිවාස පවත්වාගෙන ගිය කළමනාකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගත් පිරිස අතර ඇත.මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම තරුණ කාන්තාවන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

කොළඹ නගරයේ පෞද්ගලික ආයතනවල රැකියා කරන මුවාවෙන් පැමිණ මෙම කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදී ඇති බව පොලිසිය පවසයි. මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන සුගත් චන්දන, සනත් මංජුල, චින්තක, කොස්‌තාපල්වරුන් වන (70762) රත්නායක, (76940) හේරත්, (74428) ඉසුරු, (74328) මධුරංග, (4211) අජන්තා, (8835) අනුරුද්ධිකා, (2734) දුල්මිණි ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

රූකාන්ත - චන්ද්‍රලේඛා නඩුවේ විත්තිකරුවන් 10 දෙනාට සිරදඬුවම්.

ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත - චන්ද්‍රලේඛාට හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුව අද පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. 

ඒ අනුව, මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 9 දෙනෙකුට වසර හතරහමාර බැගින් සිරදඩුවම් මහාධිකරණ විනිසුරුවරිය විසින් නියෝග කළා. ඊට අමතරව, මෙම නඩුවේ පස්වන විත්තිකරුට වසර හතරහමාරක ලිහිල් සිරදඩුවම් නියම කරනු ලැබුවේ ඔහු ආබාධිත තත්ත්වයෙන් පසු වන බැවින්.

 මෙම නඩුවේ 7 වැනි විත්තිකරු විනිසුරුවරිය විසින් නිදහස් කර තිබෙනවා. දඬුවම් නියම වූ විත්තිකරුවන් 10 දෙනාට රුපියල් 21,000 බැගින් දඩ නියම කළ අධිකරණය රූකාන්ත - චන්ද්‍රලේඛා යුවලට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ගෙවන ලෙස ද විත්තිකරුවන්ට නියම කළා.

නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක

ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා 2013 අද (01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසිවෙනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගනී.

කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වී සිය හමුදා දිවිය ආරම්භ කළ රත්නායක මහතා අනතුරුව 1981 ජුලි 18 වන දින දෙවන ලුතිතන් වරයකු ලෙස අධිකාරියට පත්වී ශ්‍රී ලංකා පාබල හමුදාවට එක් විය.

අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.

ගැහැනුන්ගේ කකුල කුලියට ගනු ලැබේ !

ජපානය දැන්වීම් ප්‍රචාරණ කලාවේ තවත් පියවරක් ඉදිරියට ගොස් සිටී. අලුත් පියවරේ දී ජපානය දැන්වීම් ප්‍රචාරණයට ප්‍රයෝජනයට ගන්නේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශයයි. දැන්වීම් ප්‍රචාරය කිරීමේ අලුත් ක්‍රමය ජපානයේ ටෝකියෝ නුවරට පමණක් තවමත් සීමා වී තිබේ. කවදාවත් ම කිසිම කෙනකුගේ කල්පනාවට නොඑන තැනක්, දැන්වීම් පළකරන්නට ටෝකියෝ නුවරට අවශ්‍ය වී තිබෙන්නේ අනෙක් සියලුම ආකාරයේ් දැන්වීම් පළකිරීම්වලින් ටෝකියෝ නුවර හෙම්බත් වී ඇති නිස යි. ජපානයේ ටෝකියෝ නුවර දී දැන්වීමක් පළකර පුද්ගලයකුගේ අවධානය ඒ දෙසට යොමුකරවා ගන්නට බැරි තරම් ය. එතරම් දැන්වීම් ප්‍රමාණයක් එහි තිබේ.

මේ නිසා දැන්වීම් ප්‍රචාරණ ආයතනවලට දැන්වීම් පළකරන්නට අලුත් අලුත් විදි යොදාගන්නට සිදුව ඇත. විට් දැන්වීම් පළකිරීමේ ආයතනය මත එකී අභියෝගය පැටවුණේ නිරායාසයෙනි. දැන්වීම්වලින් සංතෘප්තභාවයට එළැඹි ටෝකියෝ නගරයේ දී පුද්ගල ආකර්ෂණය දිනාගත හැකි මඟකින් දැන්වීමක් පළකිරීම විට් ආයතනය ජයගත්තේ ගැහැනුන්ගේ කලව ප්‍රදේශය දැන්වීම්වලට යොදාගනිමිනි. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හිදෙනොරි අත්සුමීට ඒ ගැන කියන්නට තිබෙන්නේ මෙවැන්නකි.

දැන්වීමක් පළකරන්න එතන හොඳ සර්ව සම්පූර්ණ තැනක්. පිරිමින් නිරන්තරයෙන්ම ඒ දැන්වීම් දිහා බලනවා. ඒ බැල්මට නිරාවරණය වෙන්න කැමැති ගැහැනු ළමයිනුත් ඉන්නවා” නව පන්නයට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට දැනටමත් කාන්තාවෝ 3000 ක් පමණ ඉදිරිපත් වී සිටිති.

Gossip Lanka Hot News Previous News Archive