බිමට ජලය ඉල්ලා සිටි වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය අකිල දිනේෂ් (18) පාසල් ශිෂ්‍යයාගේ අවමගුලට දහස් සංඛ්‍යාත ජනකායක් රොක් වී සිටියහ.අවමගුල් උත්සවයට පන් දහසත් හය දහසත් අතර පිරිසක් වැලිවේරිය සුසාන භූමීය අවට එක්වී සිටියේය.
ඔහුගේ මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.
යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ.සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි.







