අකිලගේ අවමගුලට දහස් සංඛ්‍යාත පිරිසක් - Weliweriya Akila Dinesh's Funeral

බිමට ජලය ඉල්ලා සිටි වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය අකිල දිනේෂ් (18) පාසල් ශිෂ්‍යයාගේ අවමගුලට දහස් සංඛ්‍යාත ජනකායක් රොක් වී සිටියහ.අවමගුල් උත්සවයට පන් දහසත් හය දහසත් අතර පිරිසක් වැලිවේරිය සුසාන භූමීය අවට එක්වී සිටියේය.

ඔහුගේ මිතුරෝත් නෑයෝත් හඩා වැටෙමින් විලාප තබමින් අවමංගල පෙරහරේ ගමන් කරද්දී බොහෝ දෙනාගේ දෑස් කදුලින් තෙත් විය.ළිං ජලයේ පී එච් අගය අඩු වීමට හේතු සොයා ස්ථිර විසදුම් ඉල්ලා සිදු කළ උද්ඝෝණයේදී අකිලට ජීවිතයෙන් සමු ගැනිමට සිදු විය.අකිලගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි කනත්තට අකිල වැලිවේරීයේ හිත මිතුරන්ගේ කර පිටින් ගියේය.

යක්කල චන්ද්‍රජෝති විදුහලේ සිසුහුද වැලිවේරිය නගර හා ගම් වැසියෝද සිය ඔහුගේ දේහය රැගත් මංජුසාව රැගෙන ගියහ. ඔහු ක්‍රිඩා පුහුණු වු වැලිවේරිය කාන්ති ක්‍රිඩා පිටිය සුදු පාටින් සරසා තිබිණි.දේහය වැලිවේරිය පොලිසිය අසළින් රැගෙන යද්දී පොලිස් සාමාජිකයෝ සිරුවෙන් සිට ආචාර කැර ඔහුට අවසන් ගෞරව දැක්වුහ.සුසාන භූමියේද පොලිස් විශේෂ කාර්ය බලකායත් කැරලි මර්දන පොලිසියත් රාජකාරියට කැදවා තිබිණි.

මාස පහක දැරිය දූෂණය කරලා !

මාස පහක් වයසැති දැරිය දූෂණය කළ බවට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කොටුව පොලිසියට නියෝග කළ කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 8 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙළේය. ජයසිරි පීරිස් සහ විතානආරච්චිගේ කුමාරසිරි යන සැකකරුවන් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඉකුත් ජුනි 22 වැනිදා කොටුව දුම්රියපොළ අසල වෙළෙඳසලක් ඉදිරිපිට තම මව සමඟ නිදාගෙන සිටි මාස පහක දැරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බවට මෙම සැකකරුවන් දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් දෙදෙනාගෙන් දැරිය දූෂණය කළ නියම සැකකරු හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරිණි.

වැලිවේරිය මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට - Weliweriya clash

දියපොදක්-මරණ තුනක්
Updates - පසුගිය 01 හමුදාව විසින් වැලිවේරියේදී එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ද මිය ගිය බව ය.මියගිය පුද්ගලයා 27 හැවිරිදි නිලන්ත නමැති අයකු වශයෙන් හඳුනාගෙන ඇත. මේවනවිට කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.

ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
........................................................................................................................................................
බීමට දිය පොදක් ඉල්ලූ තවත් සිසුවෙකු ජාතික රෝහලේදී මියයයි
රතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර හමුදා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ (03) රාත‍්‍රියේ මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.මියගොස් ඇත්තේ රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙකි.

දැන් දම්සාරි ෂෙරිල් නෙමෙයි නෙහාරා

 මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ-ෂෙරීල් ඩෙකර්
ස්වර්ණවාහිනියේ විකාශනය වන දම්සාරී ටෙලිනාට්‍යයෙහි දම්සාරී ලෙස රගපාන නව පරපුරේ ප්‍රසිද්ධ නිළියක වන ෂෙරීල් ඩෙකර්ව ඉවත් කරලලු. ඇයව එසේ ඉවත් කරන්න ප්‍රධාන හේතුවක් වුණේ ඇය දිගින් දිගටම අසනීප වීම නිසා රූගත කිරීම්වලට නොපැමිණීමත් එම නිසා සතියේ දින පහේම විකාශය වන දම්සාරී වැඩකටයුතු අඩාල වීමලු. අනෙක් කාරණය ඇය නාට්‍ය කණ්ඩායමට ලොකු වදයක් බවට පත් වෙලාලු.

 ඒ නිසා ඉන් ඉවත් කරන්න එහි නිෂ්පාදකවරුන්ට සිදුවුණාලු. ඇය මුලදී එකඟ වී තිඛෙන්නේ දිනකට රුපියල් හත්දහසක වැටුපකට කොටස් අටක් ර`ගපාන්නලු. නමුත් පසුව ඇය දිනකට රුපියල් දසදහසක දීමනාවක් ඉල්ලා බලකරමින් දිනකට කොටස් හතක පමණක් ර`ගපෑමට අවශ්‍ය බව එහි නිෂ්පාදකවරුන්ට කරදර කළාලු. ඇය සවස පහෙන් පස්සේ සෙට්එකේ ඉන්නේ නැතිව ගෙදර යනවලු. ඇයව ඉවත් කරන්න හේතුව මේ විදිහට කරදරකාරී චරිතයක් වීමලු.

මේ ආරංචිය ගැන විමසීමට අප ෂෙරීල් ඩෙකර්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. මේ කතාව ඇත්තද නැත්තද කියා ඇයගෙන් විමසුවා?

ඔය කතා ඔක්කොම බොරු. මාව ඒ අය ඉවත් කළේ නැහැ. මමයි දම්සාරී ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ. පසුගිය කාලේ මට ටිකක් වීස් එක හැදිල තිබුණා. දම්සාරී නාට්‍යයේ ප්‍රඩක්ෂන් මැනේජර් මට කතාකරල කිව්වා කොහොම හරි එන්න කියලා. ලෙඩවෙලා සිටියත් මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ. මේ සිදුවීම්වලට ස්වර්ණවාහිනියවත් බුද්ධික කුලසේකරවත් කිසිම සම්බන්ධයක් නැහැ.

අර්ජුන අයියත් එක්ක මිසක් වෙන කාඑක්කවත් අනුරාගයෙන් බැඳෙන්න මට බෑ - Ameesha Kavindi

ඉගිල්ලෙන්න ඇයි ඔච්චරටම දැඟලුවේ ?
ඉගිළෙන එක ඉතින් අමාරුනේ... තටුත් එපැයි...

ඉගිළෙන්න දඟලපු හැටියට නම් කලින් තිරයේ දැකපු අමීෂා නෙවෙයි හිටියේ?
ඔව්, සෑහෙන්න වෙනස්. චණ්ඩිත් එක්ක හරි හරියට සටන් වදින්න, වෙඩි තියන්න, ඔය චණ්ඩි පාට් ඔක්කොම ඉගෙන ගන්න වුණා.

කවුද චණ්ඩි පාට් ඉගැන්නුවේ?
අර්ජුන අයියා.

එයා ඔය හැටි චණ්ඩියෙක්ද?
අනේ නෑ. සාමාන්‍ය ජීවිතයේදී බොහොම සුන්දර සාමකාමී කෙනෙක්. හැබැයි අසාධාරණයේදී නම් ඉවසන්නේ නැතිව තරහ යනවා.

පුද්ගලිකයි, රහසිගතයි. ඒක මාරාන්තික ප්‍රහාරයක්‌ - Mervyn Silva

 "බිම දාලා පුතාව වට්‌ටලා, බූට්‌ස්‌ වලින් තමයි ගැහැව්වේ"

පසුගිය 29 වැනිදා ස`ඳුදා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සිය මෙරුන් පැහැති පෝර්ෂෙ රථයෙන් කොළඹ පුරහල අසල පිහිට ඔඩෙල් සාප්පුවට පැමිණේ. මාලක එන්නේ ඔහුගේ පෙම්වතියත් සමගය. කලකට පෙර මාලකම මාධ්‍යයට පවසා තිබු ආකාරයට ඔහුට පෞද්ගලික ආරක්‌ෂකයෝ හය දෙනෙක්‌ වෙති.

 එහෙත් එදා ඔහු පැමිණෙන්නේ ආරක්‌ෂකයන් නැතිවය. මාලක පෙම්වතියත් සමග පැය දෙකක්‌ සාප්පුව තුළ හිඳී. මේ අතර අලුත්ම අලුත් ඩිෙµන්ඩරයකින් පැමිණෙන දොළොස්‌ දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මාලක එනතුරු ඔඩෙල් සාප්පුවේ රථගාලේ බලා හිඳී. දෙපැයකින් සිය රථයට පැමිණෙන මාලකට මේ පිරිස එපා නොකියන්න පහර දෙති. මාලක නවලෝක රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරේ. 

අනතුරුව සිද්ධිය සොයා බැලිනි. පහර දුන් පිරිස පැමිණ තිබුණ වාහනයේ අංකයට අනුව එම වාහනය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහෙත් කරුමය කියන්නේ ඒ අංකය සහිත වාහනය මාස ගණනාවක්‌ තිස්‌සේ කොට උඩ දමා එහි ගරාජයක මුල්ලේ තිබීමය. වෙනදා සීසීටීවී කැමරාවල සිදුවීම් පටිගත වුවත් පුදුමාකාර කරුමය වන්නේ ඒ සීසීටීවීවල පටිගතවු සිදුවීම් අපහැදිලි බව පොලීසිය කීමය. කෙසේ වුණත් මේ සිද්ධියෙන් කම්පාවට පත්වූ තාත්තා කෙනෙක්‌ ඉන්නේය. ඒ තාත්තා මර්වින් සිල්වාය. මර්වින් සිල්වා තාත්තාට කියන්න ඇති කතාව අසන්නට අප ඔහු සොයා ගියේය. මේ ඒ තාත්තා අපට කී කතාවය.

ඤාණසාර හිමි සිවුර හැර යන්න සැරසේ

ඩිලාන් ඇමතිවරයා සඳහන් කර තිබු පරිදි, බොදු බල සේනා සංවිධානය එකම හෝ මුස්ලිම් අයකුට, මුස්ලිම් කඩයකට හෝ මුස්ලිම් පල්ලියකට පහරදී තියන බව ඔප්පු කලොත්, තමන්වහන්සේ මහියංගන විහාරයට පැමිණ සිවුරු හරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන් පැවසුහ.


එසේ ඔප්පු නොකලොත්, ඩිලාන් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙන් අස්‌විය යුතු බව ඥානසාර හිමියන් පැවසුහ.

'' මේවගේ බොරු කියන නපුංසක මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට ජන්දය දෙන්න එපා '' යයි ද උන්වහන්සේ පැවසුහ.

අද (02) පස්වරුවේ මහියංගන නගරයේ පැවති බොදු බල සේනා සංවිධානයේ ජන රැලිය අමතමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.මෙහිදී අස්ගිරි අනු නායක අලුත්ගම ධම්මානන්ද හිමි සියලු බෞද්ධයින් බොදුබල සේනා සමග එක්වන ලෙස ඉල්ලා සිටියහ.ආදී වාසි නායක වන්නිලා ඇත්තෝ මෙහිදී සභාව අමතමින් බොදු බල සේනාවට සහය පල කළේය.

'ඉගිලෙන මාළුවෝ' ශිල්පින් සීඅයිඩි යට

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ සිනමා කෘතියට තම නිර්මාණ දායකත්වය ලබාදුන් කලාකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩි ) කැඳවා ප‍්‍රශ්නකරමින් පවතින බව වාර්තා වෙයි.

පසුගිය 30 දා දින වන විට චිත‍්‍රපටයට සම්බන්ධ බොහෝ නළු නිළියන් ප‍්‍රමාණයක් රහස් පොලීසියට කැඳවා තිබුණු අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්නකොට සාක්ෂි සටහන් කර ගත් බවද එහිදී චිත‍්‍රපටයට මුදල් ලැබුණු ආකාරය, රූගත කළ ආකාරය, නළු නිළියන් තෝරාගත් ආකාරය වැනි කරුණු පිළිබඳව විමසූ බවද වාර්තා වේ.

එමෙන්ම එහිදී රහස් පොලීසිය හමුදා ඇඳුම් චිත‍්‍රපටයක් සඳහා භාවිත කිරීමට අවසර ගැනීමේදී ඊට අදාළ නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවට පොරොන්දු වන ලිපියක් නිකුත්කරන බවද ඉගිලෙන මාළුවෝ සඳහාද එවැනි නිර්දේශ අඩංගු ලිපියක් සංජීව පුෂ්පකුමාර මහතාට දුන් බවද පවසමින් එම ලියැවිල්ල පෙන්වා එය දුටු බවට චිත‍්‍රපටියට සම්බන්ධ ශිල්පීන්ගෙන් අත්සන් ලබාගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive