ලොව විශාලතම කිරි නිෂ්පාදන අපනයනකරුවා වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ සමහර නිෂ්පාදනවල මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියාවක් ඇතැයි ලොවම කැළඹීමට පත්වීම හමුවේ නවසීලන්ත ඩොලරය සහ ෆොන්ටෙරා සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ෆොන්ටෙරා සමාගම පවසා තිබෙන්නේ චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සෞදි ආරාබිය යන රටවලට සමාගම විසින් අපනයන කළ සමහර නිෂ්පාදනවල ඇතුළත් නවසීලන්තයේ නිෂ්පාදිත කිරි ප්‍රෝටීන වලට මෙම හානිකර බැක්ටීරියාව ඇතුළු වී තිබෙන බවයි.
මිනිස් ශරීරයට අහිතකර මෙම බැක්ටීරියාව ඇතුළත්වූ කිරිපිටි අතර ළදරු කිරිපිටිද ඇතුළත් වනබව සඳහන් වන අතර චීනය හා රුසියාව විසින් සියළුම ෆොන්ටෙරා නිෂ්පාදන මේ වනවිට තහනම් කර තිබේ.මීට අමතරව, චීනය විසින් නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන සියළුම කිරිපිටි අත්හිටුවීමටද කටයුතු කර තිබෙන අතර මේ නිසා නවසීලන්ත ආර්ථිකයට මරු පහරක් වැදී තිබෙන බවද වාර්තා වේ.

.jpg)





