එන්නත් කටුවකින් විස වර්ගයක් තම බිරියගේ සිරුරට විද මරණයට පත්කළ විවාහක සැමියකුට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය චූදිත විත්තිකරුට ඊයේ (6) මරණ දඬුවම නියම කරනු ලැබීය.
මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ දැරණියගල අංහෙට්ටිගම පදිංචි සමරසිංහ දිසානායකලාගේ සරත් විමලවීර නම් 51 හැවිරිදි දෙදරු පියකුටය. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දැරණියගල කොස්වත්ත අංහෙට්ටිගම පදිංචි බාලසූරිය ආරච්චිලාගේ මාලනි නම් (39) හැවිරිදි කාන්තාවකි.
2004/12/26 දින අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මියගිය අය අවිස්සාවේල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමින් චෝදිත තම ස්වාමිපුරුෂයා 2004/12/27 දින තමා නිවසේ සිටියදී නිවසට පැමිණ තමාට පහරදී බෙල්ල මිරිකා ඇඳට දමා තමාගේ දකුණුපාදයේ කලවා ප්‍රදේශයට ඉන්ජෙක්ෂන් කටුවකින් ඇන්න බවත්, ඉන් ඇතිවූ අසනීප තත්ත්වය නිසා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි බවත් ප්‍රකාශ කර තිබුණි.






.jpg)