විස එන්නත් කර බිරිය මැරූ සැමියාට මරණ දඬුවම

එන්නත් කටුවකින් විස වර්ගයක් තම බිරියගේ සිරුරට විද මරණයට පත්කළ විවාහක සැමියකුට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය චූදිත විත්තිකරුට ඊයේ (6) මරණ දඬුවම නියම කරනු ලැබීය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ දැරණියගල අංහෙට්ටිගම පදිංචි සමරසිංහ දිසානායකලාගේ සරත් විමලවීර නම් 51 හැවිරිදි දෙදරු පියකුටය. මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දැරණියගල කොස්වත්ත අංහෙට්ටිගම පදිංචි බාලසූරිය ආරච්චිලාගේ මාලනි නම් (39) හැවිරිදි කාන්තාවකි.

2004/12/26 දින අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති මියගිය අය අවිස්සාවේල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමින් චෝදිත තම ස්වාමිපුරුෂයා 2004/12/27 දින තමා නිවසේ සිටියදී නිවසට පැමිණ තමාට පහරදී බෙල්ල මිරිකා ඇඳට දමා තමාගේ දකුණුපාදයේ කලවා ප්‍රදේශයට ඉන්ජෙක්ෂන් කටුවකින් ඇන්න බවත්, ඉන් ඇතිවූ අසනීප තත්ත්වය නිසා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි බවත් ප්‍රකාශ කර තිබුණි.

පැහැරගත්ත ටයිම් කීපර් කඩුවෙල දමා යයි

"සුදු වෑන් එකක ඇවිත් මාව පැහැරගත්ත අය මගේ ඇස්‌ දෙක බැඳලා මට හොඳටම පහර දුන්නා. බස්‌වලින් කප්පම් ගන්නවද කියලා මගෙන් ප්‍රශ්න කර කර මට වධ දුන්නා. ආයෙ බස්‌වලින් කප්පම් ගත්තොත් මරලා දානවා කියලා තර්ජනය කරලා ඊයේ (06 වැනිදා) පාන්දර මාව කඩුවෙල පැත්තෙ වෙලකට තල්ලු කරලා යන්න ගියා" යෑයි පැහැරගැනීමට ලක්‌ව දිවි ගලවාගත් පිටකොටුව බස්‌ නැවතුම්පළේ වේලා සටහන්කරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත.

පැහැර ගැනීමට ලක්‌වූ ගාමිණී මහතා මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ගැනීමෙන් පසු ඊයේ පෙරවරුවේ සිය නිවසට ගොස්‌ තිබේ.පෙරේදා දහවල් 12.00 ට පමණ ගාමිණී මහතා පිටකොටුව ගුණසිංහපුර බස්‌ නැවතුම්පළේ රාජකාරි කරමින් සිටියදී නාඳුනන පිරිසක්‌ පැමිණ ඔහු පැහැර ගන්නා ලදී.

පසුව ඔහුගේ දැස්‌ බැඳ ඇති නාඳුනන කණ්‌ඩායම ඔහුට පහර දෙමින් බස්‌ රථවලින් කප්පම් මුදල් ගන්නවාදැයි විමසා ඇත. බස්‌වලින් කප්පම් ගන්නා වෙනත් පුද්ගලයන් පිළිබඳව ද ඔහුගෙන් මෙම පිරිස විමසා තිබේ.පසුව ඊයේ අලුයම මෙම නාඳුනන පිරිස ගාමිණී මහතා කඩුවෙල ප්‍රදේශයේ වෙල්යායක්‌ අසලදී මුදාහැර පලාගොස්‌ ඇත.

හමුදා ප්‍රචණ්ඩත්වය නිමාවී නැහැ - RSF

පාරිසරික උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදුනු ජනමාධ්‍යවේදීන්ට වැලිවේරියේ දී පහර දීම හෙළා දකින දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RSF සංවිධානය පවසන්නේ 'ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වුවත්, සන්නද්ධ හමුදා විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා වී නැති,' බවයි.

ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ලක්වූ මාධ්‍යවේදීන් ඒ බව පැමිණිලි කළ කල්හි පොලිසිය කිසිදු පියවරක් ගැනීමෙන් වැළකී සිටින අතරේ 'මාරාන්තික අවි ගත් යුද හමුදාව විසින් ප්‍රහාර සංවිධානය කොට දියත් කරනු ලබන,' බවයි පැරිසියේ සිට නිකුත් කළ නිවේදනයක් මගින් RSF සංවිධානය පවසා ඇත්තේ.මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

'විවිධ පාර්ශවවල වුවමනා සංතෘප්ත කිරීම' පිණිස මහජනතාව සහ මාධ්‍යවේදීන් ට හිරිහැර කරන ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීමට කාලය එළඹ ඇති බව ද එහි ලේකම් රංග කලංසූරියගේ අත්සනින් යුතුව නිකුත් කොට තිබෙන නිවේදනයේ දැක්වේ.මේ අතර ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය සඳුදා පටන් විරෝධතා සතියක් දියත් කොට තිබේ.

සුදු වෑන් රියකින් පැමිණ ටයිම් කීපර් පැහැර ගනි


මොහු කප්පම් ගන්නා අයෙක්‌'
- පොලිසිය කියයි
පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස්‌ නැවතුම්පළට ඊයේ (05 වැනිදා) දහවල් කඩාවැදුණු නාඳුනන කණ්‌ඩායමක්‌ එහි රාජකාරි කරමින් සිටි වේලා සටහන්කරුවකුට (ටයිම් කීපර්ට) පහර දී දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී සුදු පාට වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ ඇත.

පැහැරගැනීමට ලක්‌ව ඇත්තේ ජාතික ගමනාගමන කොමිසම මගින් පත්කර සිටි වේලා සටහන්කරුවකු වන ඒ. ගාමිණී නමැති අයෙකි. අංගොඩ අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගාමිණී වසර දෙකකට ආසන්න කාලයක සිට වේලා සටහන්කරුවකු ලෙස ගුණසිංහපුර පෞද්ගලික බස්‌ රථ ගාලේ සේවය කරන බව පොලිසිය පවසයි.කොන්දොස්‌තරවරුන්ට තර්ජන කරමින් කප්පම් මුදල් ලබාගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

එහෙත් කිසිදු බස්‌රථ රියෑදුරකු හෝ කොන්දොස්‌තරවරයකු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නැත.ඊයේ දහවල් 12.00 ට පමණ පිටකොටුව ගුණසිංහපුර බස්‌නැවතුම්පළේ වේලා සටහන්කරුගේ කාර්යාලයට පැමිණි පුද්ගලයකු ගාමිණී මුණගැසී හදිසි කාරණයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීමට යෑයි කියමින් කාර්යාලයෙන් පිටතට කැඳවාගෙන ගොස්‌ ඇත.

ෆොන්ටෙරා නිෂ්පාදන ශ‍්‍රී ලංකාවට ආනයනය තහනම්

ශ්‍රී ලංකාවට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන ( කිරි මෝරු ) අඩංගු ආහාර පාන වෙළඳපලට නිකුත් කිරීම තාවකාලික අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ අනුව නවසීලන්තයෙන් මෙරටට ආනයනය කරන අධි ‍ප්‍රෝටීන් අඩංගු ළඳරු කිරිපිටි, ක්ෂණික පාන වර්ග, කායවර්ධන ආහාර පාන ඇතුළු ආහාර වර්ග මෙසේ වරායෙන් නිදහස් කිරීම අත්හිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම අධි ‍ප්‍රෝටීන් හෙවත් ‰ Whey Proteinඅධි සාන්ද්‍රණයන් තුළ ක්ලොස්ට්‍රිඩියම් බොටලිනම් නැමැති බැක්ටීරීයාව ඇතුළත් වී ඇති බවට වාර්තා වී ඇතැයි පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් අනතුරුව “බොටලියුස්”නැමැති ශරීරය මුළු මනින්ම අප්‍රාණික කරන රෝගී තත්තවය හට ගන්නා බවත් මෙය ඉතා බරපතල තත්තවයක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

නවසීලන්ත රජය මගින් රුසියාව , චීනය, හා සෞදිඅරාබියාවට වැනි රටවලට අපනයනය කළ අධි ‍ප්‍රෝටීන අඩංගු ආහාර පාන වල බොටලිම් නැමැති බැක්ටීරියාව අන්තර්ගත බව හෙලිව ඇත.

හමුදාව වැලිවේරියට ගියේ මගේ මැදිහත්වීමෙන් – ඥානසාර හිමි

පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරියේ ජනතාව සිදුකල විරෝධතාවයට ආරක්ෂක අංශයේ මැදිහත්වීම සිදුවූයේ තමන් වහන්සේගේ අනුදැනුම මත බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද(05) පුවත්පතකට ප්‍රකාශ කොට තිබේ.වැලිවේරිය සිදුවීම පිළිබඳ බොදුබල සේනාවේ නිහඬ පිළිවෙත ගැන පුවත්පත කළ විමසීමකදී උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කොට තිබේ.

මේ පිලිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අදාල විරෝධතාවයේ පැවතී අඩුපාඩුකම් තමන් වහන්සේ දුටු බවත් ඇතිවිය හැකිව තිබූ කලහකාරී තත්ත්වය වැළක්වීමේ අරමුණින් ඒ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටි බවත්ය.වැලිවේරිය ජනතාවට වෙඩි තැබීම සහ පාසල් දරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමසූ විට උන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ "ජනතාව සාමකාමී ලෙස විසිරී ගියානම් වෙඩි තබන්නේ නෑ. ඒ නිසා සිදුවීම සම්බන්ධව හමුදාවට සහ ආරක්ෂක අමාත්‍යංශයට දෝෂාරෝපණය කරන්නේ නෑ"

ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්හට තමන් වහන්සේ අවධාරණය කර සිටියේ මෙම ජනතාවගේ පානීය ජල ගැටළුව මානුෂීය අවශ්‍යතාවයක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මැදිහත්වන ලෙසත් බව පැවසූ ඥානසාර හිමියෝ පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව උන්වහන්සේගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියහ.

බැක්ටීරියා අර්බුදයෙන් ෆොන්ටෙරා කොටස් වැටෙයි

ලොව විශාලතම කිරි නිෂ්පාදන අපනයනකරුවා වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ සමහර නිෂ්පාදනවල මිනිස් ශරීරයට අහිතකර බැක්ටීරියාවක් ඇතැයි ලොවම කැළඹීමට පත්වීම හමුවේ නවසීලන්ත ඩොලරය සහ ෆොන්ටෙරා සමාගමේ කොටස් හිමියන්ගේ අරමුදල කඩා වැටීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. ෆොන්ටෙරා සමාගම පවසා තිබෙන්නේ චීනය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සෞදි ආරාබිය යන රටවලට සමාගම විසින් අපනයන කළ සමහර නිෂ්පාදනවල ඇතුළත් නවසීලන්තයේ නිෂ්පාදිත කිරි ප්‍රෝටීන වලට මෙම හානිකර බැක්ටීරියාව ඇතුළු වී තිබෙන බවයි.

මිනිස් ශරීරයට අහිතකර මෙම බැක්ටීරියාව ඇතුළත්වූ කිරිපිටි අතර ළදරු කිරිපිටිද ඇතුළත් වනබව සඳහන් වන අතර චීනය හා රුසියාව විසින් සියළුම ෆොන්ටෙරා නිෂ්පාදන මේ වනවිට තහනම් කර තිබේ.මීට අමතරව, චීනය විසින් නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන සියළුම කිරිපිටි අත්හිටුවීමටද කටයුතු කර තිබෙන අතර මේ නිසා නවසීලන්ත ආර්ථිකයට මරු පහරක් වැදී තිබෙන බවද වාර්තා වේ.

'සිරි පැරකුම්' බලද්දී දැරිය දුෂණය වෙලා

සිනමා ශාලාවකදී බාල වයස්කාර දැරියක් දූෂණය වූවායි ලද පැමිණිල්ලකට අනුව ගම්පළ සිනමා හලක පෙම්වතුන් සඳහා ලබාදෙන කුටි (බොක්ස්) සියල්ලටම පේන ලෙස විවෘතව තැබිය යුතු යැයි පොලීසිය නියෝග කරයි.

ගම්පොළ වැලිගල්ල දැල්පිටිය ප්‍රදේශයේ මවකගෙන් ලද පැමිණිල්ලකට අනුව තම පාසල් යන දියණිය ගම්පොළ නගරයේ පිහිටි සිනමාහලකදී දූෂණය වී ඇතැයි ගම්පොළ දැල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණි.සිරි පැරකුම් චිත්‍රපටය බලන අතරතුර තම පෙම්වතා තමාව දූෂණය කරන ලදැයි එම තරුණිය කටඋත්තර දී තිබීමෙන් පසු ගම්පොළ පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

බාල වයස්කාරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්කොට ඇති අතර 20 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, ස.පො.අ. චූලනී වීරරත්න, ස.පො.අ. කපිල සෙනවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිනමාහල් පරීක්‍ෂා කොට මේ ආකාරයට පෙම්වතුන් සඳහා ලබාදෙන කුටිවල ප්‍රමිතිය සකස් කිරීමටත් සිනමාහල් නිතර පරීක්‍ෂා කිරීමට පියවර ගැනීමටත් කටයුතු යොදා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive