වෙබ් අඩවි මඩ ප්‍රචාර ගැන නිළියන්ගේ අදහස්

වෙබ් අඩවි සදාචාර සම්පන්න විය යුතුයි
සේමිණී ඉද්දමල්ගොඩ
“වෙබ් අඩවියක සදාචාර සම්පන්න බවක් තිබෙන්නට ඕනෙ. යම් මාධ්‍යයකින් දක්වන ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍ය බව ඉතාම වැදගත් වෙනවා.

අද වෙබ් අඩවිවල විතරක් නෙමෙයි වෙනත් මාධ්‍යවලිනුත් නිකුත් වෙන එක් අසත්‍ය ප්‍රකාශයකින් කෙනෙක් ගේ ජීවිතයට කීර්තියට විශාල හානියක් වෙන්න පුළුළුන්.“ඒ නිසා ඕනෑම මාධ්‍යයක් සදාචාර සම්පන්න විය යුතුයි. කාගෙ හරි වුවමනා වෙනුවෙන් පෙනී සිටින ඒවා ඉටුකරන මාධ්‍ය පවතිනවා. මේවා කාට හරි මඩ ගහන්න, අපහසුතාවට පත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා.

ඇත්තටම එය වැරදි සහගතයි. මාධ්‍ය යොදා ගත යුත්තේ කාගෙවත් වුවමනා ඉටු කරන්න නෙමෙයි පුද්ගලයාට සමාජයට සෙතක් වෙන දේ වෙනුවෙනුයි.

මගේ උපරිමය පෙන්වන්න අවස්ථාවක් ලැබිලා නෑ - අනුරුද්ධිකා පාදුක්කගේ

අද අප හමුවන තරුව අනුරුද්ධිකා පාදුක්කගේ. ඇය අපගේ් රංගන ක්ෂේත්‍රයට පායා ඇති තරුවක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඒ ඇය දක්ෂ චරිතාංග නිළියක බැවිනි. අනුරුද්ධිකාගේ රංගනයක් රූපවාහිනි ප්‍රේක්ෂකයින්ට කලකින් දැකගත නොහැකි වුවද මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන “මන්දාරම් වැහි” ටෙලිනාට්‍යයේ ඇගේ අපූරු රංගනයක් දැකගත හැකිය.  අනුරුද්ධිකා අද අප එක් කරගන්නේ් ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටය.

මේ දිනවල ඔබ මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?

මේ දිනවල සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “ආදරය අවසන් නැහැ” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්ව.

මේ දිනවල ඔබ රඟපාන ටෙලි නාට්‍යයක් රූපවාහිනියෙන් දැකගන්න ලැබෙන්නේ කලකට පසුව නේද?

ඔව් මේ දිනවල මම රඟපෑ “මන්දාරම් වැහි” ටෙලිනාට්‍ය සිරස නාළිකාවෙන් විකාශය වෙනවා. ටික කලකින් පසුව තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නේ. මේ ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණේ එහි රූපගත කිරීම් කොළඹ අවට යොදාගෙන තිබුණු නිසා; ඒ වගේම එය කොටස් 20 කට ආසන්න ටෙලිනාට්‍යයක් නිසා. ඒකට හේතුව තමයි මගේ පුංචි පුතාව දාලා රූපගත කිරීම්වලට ඈත ප්‍රදේශවලට යන්න තවමත් තියෙන අපහසුව.

ජංගම දුරකථනයෙන් ගණිකා වෘත්තියේ

ජංගම දුරකථන උපයෝගී කරගෙන ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන් දෙදෙනෙක්‌ සහ කාන්තාවන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියෑදුරකු ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක්‌ සහ 34 ක්‌ වන බව පොලිසිය පවසයි.

කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මුලින් සම්භාහන මධ්‍යස්‌ථානවල සේවය කර අනතුරුව ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත. එක්‌ කාන්තාවක්‌ දිනකට රුපියල් 12,000 ක පමණ ආදායමක්‌ ලබා ඇති බවද පොලිසිය හෙළි කරගෙන ඇති අතර ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එම්. චන්ද්‍රතිලක මහතාගේ මෙහෙයවීමෙන් කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

මොන කේස් තිබ්බත් ආණ්ඩුවට ආවොත් ෂේප් - Ranjan Ramanayake

මිනී මරා මේ ආණ්ඩුවට ආවත් ෂේප් වෙන්න හැකි නරක පූර්වාදර්ශයක් මේ ආණ්ඩුව පෙන්වා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියයි.ඒ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

චෙක් කේස්, රේප් කේස්, මර්ඩර් කේස් එක්ක ආණ්ඩුවට පැන්න අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට වඩා තැන ලැබී ඇතැයිද ඔහු කීය.ඔවුන්ට යූ.එන්.පී. යෙන් පැන්න අයට සර් කියන්න, දෙකට නැමෙන්න වී ඇති බවද ඔහු කියා සිටියේය.ආණ්ඩුවේ නරක පූර්වාදර්ශය නිසා මැර හමුදා වැඩ පෙන්වන බවද ඔහු පැවසීය.ඔහු තමාට දේශපාලන අවාසියක් සිදුවිය හැකි වුවත් යමක් කින්නට තිබෙන බව කියමින් මේ බවද කියා සිටියේය.

"රණවිරුවො තමයි අපිව බේරගත්තේ..අපි පිළිගන්නවා..ඒත් මාධ්‍යවල බලද්දී..අද වෙන මංකොල්ල, මාල කඩා ගැනීම්, හොරකම්, දූෂණ බොහෝ ඒවා වල 75%ක්.ෆෝසස්වල හිටිය තරුණයෝ තමයි සම්බන්ධ...කියන්න දුකයි...විමල්වීරවංශ මහත්තයත් එකවරක් කිව්වා..දේශ ප්‍රේමියා තමයි..දේශ ද්‍රෝහියා වෙන්නේ සුළු මොහොතකින් කියල.ඔවුන්ට හිරි හික්මිමක් දුන්නේ නැත්තේ ඇයි...අවුරුදු 30ක යුද්දෙන් පස්සෙ ඔවුන්ට දුන්නේ කුකුලො බලාගන්න..කාණු හදන්න..ගෙවල් සුද්ධ කරන්න..පාරවල් හදන්න දැම්ම්.. ඒ අයට මුදල් නෑ..ඉතින් මේවට පෙළඹෙනවා..අද මංකොල්ල කණ්ඩායම්වල අඩුම ගාණේ එක් අයෙක්හරි ෆෝසස්වල හිටිය කෙනෙක්."

මේ අපරාධයට සම්බන්ධ හැමෝටම දඬුවම් ලැබුණේ නෑ - රූකාන්ත - චන්ද්‍රලේඛා

හාල්මැස්සෝ ටික අහු වුණාට තෝරු, මෝරු තවම නිදැල්ලේ
වැරැදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්’ කියලා කතාවක් තිබුණට සමහරු කරන වැරැදිවලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන්නේ නැහැ.‘අපරාධය සහ දඬුවම’ කියන්නේ එකම කාසියක දෙපැත්ත වගෙයි. කළ වරදට නිසි දඬුවම කවදා, කොතැනක හෝ ලැබෙනවාමයි.

රූකාන්ත – චන්ද්‍රලේඛා අපේ ජනප්‍රිය ගායක, ගායිකා යුවළට හරියටම මීට වසර දහතුනකට කලින් අත්වුණ ‘ඛේදනීය ඉරණම’ ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැති තරම්.එදා මේ දෙදෙනා, තමන්ගේම දියණියන් ඉදිරියේ මානසිකවත්, කායිකවත් ‘හිංසනයට’ ලක්කළ ඒ නරුමයන්ට අද නීතියෙන් දැඩි දඬුවම් ලැබිලා. නීතිය, සාමය වගේම මනුෂ්‍යත්වය ගරු කරන කොයි කවුරුත් ඒ පුවතින් සැනසුම් සුසුමක් හෙළූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

රූකාන්ත – චන්ද්‍රලේඛා, දැන් මා ඉදිරියේ අසුන්ගෙන. ඔබ වෙනුවෙන් ඔවුනගේ සිතැඟි අවධි කරවන්නට මා සූදානමින්. මොහොතක නිහැඬියාවකි. ඒ දෑස් මත ලියැවුණු බොහෝ දේවල් වදනට ගොනු කරන්න දැන් කාලය ඇවිත්.

ඇන්කර් 1+, ඇන්කර්, ඩයමන්ඩ් සහ මැලිබන් කිරිපිටි වෙළදපළෙන් ඉවතට

කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් පරීක්‍ෂා කර ඩී. සී. ඩී. හෙවත් DICYANDAMIDE තිබෙන බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අදාළ කිරිපිටි සමාගම්වලට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මැලිබන් ආයතනයටත්, ෆොන්ටෙරා සමාගමටත්, පී. එම්. මොහොමඩ් අලී සහ සමාගමටත් මෙම දැනුම් දීම කර ඇති බවයි.දැනටමත් කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් ඩී. සී. ඩී. ඇතැයි අනාවරණය කර ගන්නා ලද ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මැලිබන් යොදය සහිත කිරිපිටි, ඩයමන්ඩ් කිරිවල අදාළ කාණ්ඩ අංක සහිත තොග මෙලෙස වෙළෙඳපොළෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

සෙසු කිරිපිටි ඛාණ්ඩවලින්ද සාම්පල ලබාගන්නා අතර, ඒවායේ තවදුරටත් ඩී. සී. ඩී. ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කාර්මික තාක්‍ෂණික ආයතනය වෙත යොමු කෙරෙන බවත්, ඒවායේ ඩී. සී. ඩී. ඇති බවට තහවුරු වුවහොත් ඒවාද වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති එම නිවේදනයේ දක්වා තිබේ.එමෙන්ම නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටිවල සාම්පල වරායේදී ලබාගෙන ඒවායේ ක්ලොස්ටි්‍රඩියම් බොටලිනම් Clostridium Botulinum නමැති බැක්ටීරියාව නොමැති කිරිපිටි තොග පමණක් වරායෙන් මුදා හැරීමට තීරණය කොට ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් වැඩිවේ

මේ වසරේ ඒඩ්ස් රෝගයට ළංවී සිටින එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත් පුද්ගලයන් 4500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇතැයි ලිංගාශ්‍රීත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. එහෙත් මේ වන විට එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්ව සිටින හඳුනාගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1739ක් බව තහවුරු කරගෙන ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කෙළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රමවේදය මත මේ ඇස්තමේන්තුගත කිරීම සිදුකොට ඇති බවද ඔහු පැවැසීය.

ඔහු පවසන අන්දමට මේ වසරේ එච්.අයි.වී. ආසාදිත ළමයින් සංඛ්‍යාව 64කි. ඇස්තමේන්තුගත කර ඇති පුද්ගලයන් ඔවුන්ගේ සිරුර තුළට එච්.අයි.වී. ආසාදිත වෛරසය ඇතුළුවී තිබෙනු නොදැන සිටිනවා විය හැකි බැවින් මෙවැනි සැකසහිත පුද්ගල යන් හැකිතරම් දුරට පරික්‍ෂාවට භාජන කළයුතු බවද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ මුල් හය මාසයට වඩා මේ වසරේ මුල් හය මාසය ඇතුළත රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට ලැබෙන බවයි.

ඒඩ්ස් රෝගයට ළංවන එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත්වූවන්ට ඒ.ආර්.සී. නමැති වෛරස් අඩපණ වන බෙහෙත් කඩිනමින් ලබාගතහොත් එය ඒඩ්ස් දක්වා පැතිරී යෑම ටික කලකට වළක්වා ගතහැකි බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය වැලඳී මේ වන විට 299 දෙනකු මියගොස් ඇත. මේ වසරේ ඒඩ්ස් ආශ්‍රීත රෝගයෙන් 16 දෙනකු මියගොස් ඇති බවද හෙළිවී තිබේ.

වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් වෙඩි තබා මරා දැමූ බවටසැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන අද (07) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

 මොහු රහස් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ පැපිලියා‍න ප්‍රදේශයේ පිහිටි නිවසකදී ය.හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද මේ නඩුවේ සැකකරුවෙකි.රවිඳු ගුණවර්ධනට එරෙහි වරෙන්තුවක් ද තිබේ. ඒ මාලබේ තොරතුරු තාක්ෂණික ආයතනයේ සිසුවෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුවේ දී ඔහු උසාවිය හමුවේ පෙනී නොසිටි බැවින් ය.

මේ වනවිට රවිඳු ගුණවර්ධන රහස් පොලිසියට රැගෙන ගොස් කටඋත්තර සටහන් කර ගනිමින් පවතී. අද දවසේ බොහෝ දුරට ඔහු උසාවිය හමුවට ඉදිරිපත් කරන්නට නියමිත බව ආරංචි මාර්ග කියයි.

Gossip Lanka Hot News Previous News Archive