සේමිණී ඉද්දමල්ගොඩ
“වෙබ් අඩවියක සදාචාර සම්පන්න බවක් තිබෙන්නට ඕනෙ. යම් මාධ්‍යයකින් දක්වන ප්රවෘත්තියක සත්‍ය අසත්‍ය බව ඉතාම වැදගත් වෙනවා.
අද වෙබ් අඩවිවල විතරක් නෙමෙයි වෙනත් මාධ්‍යවලිනුත් නිකුත් වෙන එක් අසත්‍ය ප්‍රකාශයකින් කෙනෙක් ගේ ජීවිතයට කීර්තියට විශාල හානියක් වෙන්න පුළුළුන්.“ඒ නිසා ඕනෑම මාධ්‍යයක් සදාචාර සම්පන්න විය යුතුයි. කාගෙ හරි වුවමනා වෙනුවෙන් පෙනී සිටින ඒවා ඉටුකරන මාධ්‍ය පවතිනවා. මේවා කාට හරි මඩ ගහන්න, අපහසුතාවට පත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා.
ඇත්තටම එය වැරදි සහගතයි. මාධ්‍ය යොදා ගත යුත්තේ කාගෙවත් වුවමනා ඉටු කරන්න නෙමෙයි පුද්ගලයාට සමාජයට සෙතක් වෙන දේ වෙනුවෙනුයි.







