කිරිපිටිවලින් සාදන බිස්කට් හා අයිස්ක්‍රිම් ගැනත් සැකයක්

මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ඞීසීඞී කෘෂි රසායනය අන්තර්ගත බවට තහවුරු වීමත්, ආනයනය කරනු ලබන වේ ප්‍රොටීන් සහ වේ පවුඩර්වල ක්ලෝස්ටි‍්‍රඩියම් බොටලිනම් නම් බැක්ටීරියාවක් ඇති බවට සැකයක් ඇතිවීමත් සමග කිරිපිිටි සහ වේ පවුඩර් යොදා නිෂ්පාදනය කරනු ලබන බිස්කට්, අයිස්කී‍්‍රම් ඇතුළු වෙනත් නිෂ්පාදන පිළිබඳව ද ගැටලූකාරී තත්ත්වයක් මතුවෙමින් ඇති බව වාර්තා වේ.

වාර්ෂිකව මෙරටට මේද සහිත හා මේද රහිත යන දෙවර්ගයෙන් කිරිපිටි මෙට්ටි‍්‍රක් ටොන් අසූතුන්දාහකට ආසන්න ප‍්‍රමාණයක් ආනයනය කෙරෙයි. වේ ප්‍රෝටීන් හා වේ පවුඩර් අඩංගු ආහාර හා කිරිපිටි වර්ග ඇතුළු ළදරු ආහාර වර්ග රාශියක් ඇත. ආනයනික කිරිපිටි හෝ වේ ප්‍රෝටීන් යොදාගනිමින් මෙරටදී බිස්කට් සහ අයිස්කී‍්‍රම් වර්ග අතිවිශාල ප‍්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන බවත්, කිරිපිටි තුළ ඞීසීඞී හා බොටලිනම් බැක්ටීරියාව අඩංගුව තිබුණේ නම් එම කිරිපිටි යොදාගෙන කරන නිෂ්පාදනවලද එම අහිතකර ද්‍රව්‍ය අඩංගුවිය හැකි බවත්, එවැනි නිෂ්පාදන වෙළෙඳපොළ තුළ පැවැතීමට ඉඩකඩ ඇති බවත්, පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.

මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, බිස්කට් වැනි නිෂ්පාදන සඳහා කිරිපිටි යොදාගන්නා නමුත් මේ අවස්ථාවේදී නිසැක වශයෙන් කිරිපිටි තුළ අඩංගු අහිතකර දෑ බිස්කට් තුළ හෝ ඒ ආශි‍්‍රත නිෂ්පාදන තුළ අන්තර්ගතදැයි කිව නොහැකි බවත්, ඒ සඳහා පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ඉදිරියේදී දිගින් දිගටම සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, පළමුව කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂණ නිසියාකාරව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත්ය.

රතු පස්වල සිද්ධිය ගැන මා සමාව ඉල්ලා සිටිනවා - බැසිල්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම හා ප්‍රබලතම ජනතා නියෝජිතවරයා ලෙස වැලිවේරියේ රතුපස්වල අර්බුදය විසඳීම සඳහා ඔබ ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවුණු බවට විශාල චෝදනාවක් එල්ලවනවා.

ගම්පහ ප්‍රදේශයේ පවුල් ආරවුලක් ඇතිවුණත් සාමාන්‍යයෙන් අපට දුක්ගැනවිලි ලැබෙනවා. නමුත් මේ ගැටලුව පිළිබඳව, කිසිදු පැමිණිල්ලක් හෝ දුක්ගැනවිල්ලක් මට ලැබුණේ නැහැ. මුලින්ම මට මෙම ගැටලුව පිළිබඳව දැනගන්නට ලැබුණේ ලසන්ත අලගියවන්න මහතා හරහායි. ඒ පසුගිය ජූලි මාසයේදීයි. කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳව දැනගත් වහාම ඊට අදාළ පියවරයන් අප දියත් කළා.මෙවැනි පාරිසරික ගැටලුවකදී වගකීම් පැවැරෙන ආයතන වන්නේ පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලයේ පරිසර අංශය, ‍පොලීසියයි. එම ආයතන තුනටම අප මේ පිළිබඳව දැනුම් දුන්නා. එම ආයතනද එහිදී වහා ක්‍රියාත්මක වුණා. පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. උසාවියටද දැනුම් දුන්නා. අදාළ සියලු කටයුතු නිවැරදිව ක්‍රියාත්මක වුණා. 

දැනටමත් මෙම කර්මාන්තශාලාව සම්බන්ධ පරීක්ෂණ දියත් වෙනවා. ඒ අනුව නීත්‍යනුකූල ලෙස, හැකි උපරිමයෙන් මෙම පාරිසරික ගැටලුවට මැදිහත්වී එයට විසඳුම් ලබාදීමට මා පියවර ගත් බව ප්‍රකාශ කළ යුතුයි.
උද්ඝෝෂණය සිදු වූ අවස්ථාවට සහභාගි නොවීම ගැනත් සමහරු ප්‍රශ්න කරනවා. එම අවස්ථාවට නම් මා සහභාගි නොවූයේ, එවැනි උද්ඝෝෂණ වලට මැදිවීමට මා අකමැති නිසයි. ඇත්තෙන්ම මෙවැනි උද්ඝෝෂණවලට මැදිහත්වීමට මා බියකුත් දක්වනවා. ඒ මගේ චරිත ලක්ෂණයක්.

වෙබ් අඩවි මඩ ප්‍රචාර ගැන නිළියන්ගේ අදහස්

වෙබ් අඩවි සදාචාර සම්පන්න විය යුතුයි
සේමිණී ඉද්දමල්ගොඩ
“වෙබ් අඩවියක සදාචාර සම්පන්න බවක් තිබෙන්නට ඕනෙ. යම් මාධ්‍යයකින් දක්වන ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍ය බව ඉතාම වැදගත් වෙනවා.

අද වෙබ් අඩවිවල විතරක් නෙමෙයි වෙනත් මාධ්‍යවලිනුත් නිකුත් වෙන එක් අසත්‍ය ප්‍රකාශයකින් කෙනෙක් ගේ ජීවිතයට කීර්තියට විශාල හානියක් වෙන්න පුළුළුන්.“ඒ නිසා ඕනෑම මාධ්‍යයක් සදාචාර සම්පන්න විය යුතුයි. කාගෙ හරි වුවමනා වෙනුවෙන් පෙනී සිටින ඒවා ඉටුකරන මාධ්‍ය පවතිනවා. මේවා කාට හරි මඩ ගහන්න, අපහසුතාවට පත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා.

ඇත්තටම එය වැරදි සහගතයි. මාධ්‍ය යොදා ගත යුත්තේ කාගෙවත් වුවමනා ඉටු කරන්න නෙමෙයි පුද්ගලයාට සමාජයට සෙතක් වෙන දේ වෙනුවෙනුයි.

මගේ උපරිමය පෙන්වන්න අවස්ථාවක් ලැබිලා නෑ - අනුරුද්ධිකා පාදුක්කගේ

අද අප හමුවන තරුව අනුරුද්ධිකා පාදුක්කගේ. ඇය අපගේ් රංගන ක්ෂේත්‍රයට පායා ඇති තරුවක් ලෙස හැඳින්වීම නිවැරදිය. ඒ ඇය දක්ෂ චරිතාංග නිළියක බැවිනි. අනුරුද්ධිකාගේ රංගනයක් රූපවාහිනි ප්‍රේක්ෂකයින්ට කලකින් දැකගත නොහැකි වුවද මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන “මන්දාරම් වැහි” ටෙලිනාට්‍යයේ ඇගේ අපූරු රංගනයක් දැකගත හැකිය.  අනුරුද්ධිකා අද අප එක් කරගන්නේ් ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටය.

මේ දිනවල ඔබ මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?

මේ දිනවල සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “ආදරය අවසන් නැහැ” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්ව.

මේ දිනවල ඔබ රඟපාන ටෙලි නාට්‍යයක් රූපවාහිනියෙන් දැකගන්න ලැබෙන්නේ කලකට පසුව නේද?

ඔව් මේ දිනවල මම රඟපෑ “මන්දාරම් වැහි” ටෙලිනාට්‍ය සිරස නාළිකාවෙන් විකාශය වෙනවා. ටික කලකින් පසුව තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්නේ. මේ ටෙලි නාට්‍යයටත් මම සම්බන්ධ වුණේ එහි රූපගත කිරීම් කොළඹ අවට යොදාගෙන තිබුණු නිසා; ඒ වගේම එය කොටස් 20 කට ආසන්න ටෙලිනාට්‍යයක් නිසා. ඒකට හේතුව තමයි මගේ පුංචි පුතාව දාලා රූපගත කිරීම්වලට ඈත ප්‍රදේශවලට යන්න තවමත් තියෙන අපහසුව.

ජංගම දුරකථනයෙන් ගණිකා වෘත්තියේ

ජංගම දුරකථන උපයෝගී කරගෙන ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන් දෙදෙනෙක්‌ සහ කාන්තාවන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියෑදුරකු ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 ක්‌ සහ 34 ක්‌ වන බව පොලිසිය පවසයි.

කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මුලින් සම්භාහන මධ්‍යස්‌ථානවල සේවය කර අනතුරුව ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත. එක්‌ කාන්තාවක්‌ දිනකට රුපියල් 12,000 ක පමණ ආදායමක්‌ ලබා ඇති බවද පොලිසිය හෙළි කරගෙන ඇති අතර ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එම්. චන්ද්‍රතිලක මහතාගේ මෙහෙයවීමෙන් කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

මොන කේස් තිබ්බත් ආණ්ඩුවට ආවොත් ෂේප් - Ranjan Ramanayake

මිනී මරා මේ ආණ්ඩුවට ආවත් ෂේප් වෙන්න හැකි නරක පූර්වාදර්ශයක් මේ ආණ්ඩුව පෙන්වා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියයි.ඒ මහතා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

චෙක් කේස්, රේප් කේස්, මර්ඩර් කේස් එක්ක ආණ්ඩුවට පැන්න අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට වඩා තැන ලැබී ඇතැයිද ඔහු කීය.ඔවුන්ට යූ.එන්.පී. යෙන් පැන්න අයට සර් කියන්න, දෙකට නැමෙන්න වී ඇති බවද ඔහු කියා සිටියේය.ආණ්ඩුවේ නරක පූර්වාදර්ශය නිසා මැර හමුදා වැඩ පෙන්වන බවද ඔහු පැවසීය.ඔහු තමාට දේශපාලන අවාසියක් සිදුවිය හැකි වුවත් යමක් කින්නට තිබෙන බව කියමින් මේ බවද කියා සිටියේය.

"රණවිරුවො තමයි අපිව බේරගත්තේ..අපි පිළිගන්නවා..ඒත් මාධ්‍යවල බලද්දී..අද වෙන මංකොල්ල, මාල කඩා ගැනීම්, හොරකම්, දූෂණ බොහෝ ඒවා වල 75%ක්.ෆෝසස්වල හිටිය තරුණයෝ තමයි සම්බන්ධ...කියන්න දුකයි...විමල්වීරවංශ මහත්තයත් එකවරක් කිව්වා..දේශ ප්‍රේමියා තමයි..දේශ ද්‍රෝහියා වෙන්නේ සුළු මොහොතකින් කියල.ඔවුන්ට හිරි හික්මිමක් දුන්නේ නැත්තේ ඇයි...අවුරුදු 30ක යුද්දෙන් පස්සෙ ඔවුන්ට දුන්නේ කුකුලො බලාගන්න..කාණු හදන්න..ගෙවල් සුද්ධ කරන්න..පාරවල් හදන්න දැම්ම්.. ඒ අයට මුදල් නෑ..ඉතින් මේවට පෙළඹෙනවා..අද මංකොල්ල කණ්ඩායම්වල අඩුම ගාණේ එක් අයෙක්හරි ෆෝසස්වල හිටිය කෙනෙක්."

මේ අපරාධයට සම්බන්ධ හැමෝටම දඬුවම් ලැබුණේ නෑ - රූකාන්ත - චන්ද්‍රලේඛා

හාල්මැස්සෝ ටික අහු වුණාට තෝරු, මෝරු තවම නිදැල්ලේ
වැරැදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්’ කියලා කතාවක් තිබුණට සමහරු කරන වැරැදිවලට දෙවියන්ගෙන්වත් සමාවක් ලැබෙන්නේ නැහැ.‘අපරාධය සහ දඬුවම’ කියන්නේ එකම කාසියක දෙපැත්ත වගෙයි. කළ වරදට නිසි දඬුවම කවදා, කොතැනක හෝ ලැබෙනවාමයි.

රූකාන්ත – චන්ද්‍රලේඛා අපේ ජනප්‍රිය ගායක, ගායිකා යුවළට හරියටම මීට වසර දහතුනකට කලින් අත්වුණ ‘ඛේදනීය ඉරණම’ ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැති තරම්.එදා මේ දෙදෙනා, තමන්ගේම දියණියන් ඉදිරියේ මානසිකවත්, කායිකවත් ‘හිංසනයට’ ලක්කළ ඒ නරුමයන්ට අද නීතියෙන් දැඩි දඬුවම් ලැබිලා. නීතිය, සාමය වගේම මනුෂ්‍යත්වය ගරු කරන කොයි කවුරුත් ඒ පුවතින් සැනසුම් සුසුමක් හෙළූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

රූකාන්ත – චන්ද්‍රලේඛා, දැන් මා ඉදිරියේ අසුන්ගෙන. ඔබ වෙනුවෙන් ඔවුනගේ සිතැඟි අවධි කරවන්නට මා සූදානමින්. මොහොතක නිහැඬියාවකි. ඒ දෑස් මත ලියැවුණු බොහෝ දේවල් වදනට ගොනු කරන්න දැන් කාලය ඇවිත්.

ඇන්කර් 1+, ඇන්කර්, ඩයමන්ඩ් සහ මැලිබන් කිරිපිටි වෙළදපළෙන් ඉවතට

කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් පරීක්‍ෂා කර ඩී. සී. ඩී. හෙවත් DICYANDAMIDE තිබෙන බවට වාර්තා නිකුත් කර ඇති කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අදාළ කිරිපිටි සමාගම්වලට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මැලිබන් ආයතනයටත්, ෆොන්ටෙරා සමාගමටත්, පී. එම්. මොහොමඩ් අලී සහ සමාගමටත් මෙම දැනුම් දීම කර ඇති බවයි.දැනටමත් කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් ඩී. සී. ඩී. ඇතැයි අනාවරණය කර ගන්නා ලද ඇන්කර් 1+, ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මැලිබන් යොදය සහිත කිරිපිටි, ඩයමන්ඩ් කිරිවල අදාළ කාණ්ඩ අංක සහිත තොග මෙලෙස වෙළෙඳපොළෙන් වහාම ඉවත්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.

සෙසු කිරිපිටි ඛාණ්ඩවලින්ද සාම්පල ලබාගන්නා අතර, ඒවායේ තවදුරටත් ඩී. සී. ඩී. ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කාර්මික තාක්‍ෂණික ආයතනය වෙත යොමු කෙරෙන බවත්, ඒවායේ ඩී. සී. ඩී. ඇති බවට තහවුරු වුවහොත් ඒවාද වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති එම නිවේදනයේ දක්වා තිබේ.එමෙන්ම නවසීලන්තයෙන් ගෙන්වන සියලුම කිරිපිටිවල සාම්පල වරායේදී ලබාගෙන ඒවායේ ක්ලොස්ටි්‍රඩියම් බොටලිනම් Clostridium Botulinum නමැති බැක්ටීරියාව නොමැති කිරිපිටි තොග පමණක් වරායෙන් මුදා හැරීමට තීරණය කොට ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Gossip Lanka Hot News Previous News Archive