අණ දුන් අයට දඬුවම් නියතයි - රූකාන්ත

දහතුන් වසරකට ඉහතදී තමන්ට වද හිංසා පැමිණවීමට නියෝග දුන් අය හට අනාගතයේ දඬුවම් ලැබීම නියත බවට චන්ද්‍රලේඛා - රූකාන්ත යුවළ විශ්වාසය පළ කරයි.“අපේ රට ගන්න ඕනේ නැහැ. වෙනත් රටවල් බලන්න. එහෙම වැරදි කරපු ලොකු ලොකු අයට කොච්චර දඬුවම් ලැබිල තියනවද?” යි රූකාන්ත ගුණතිලක විමසීය.
වරදට දඬුවම් ලැබුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් දස දෙනෙක්.2000 වසරේ ජනවාරි 26 වැනිදා රාත්‍රියේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවලගේ නිවසට ඇතුල්වී ගිනි අවි පෙන්වා තර්ජනය කොට සාපරාධී බිය වැද්දීම් සිදු කිරීමේ වරදට පානදුර මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත මාස පනස් හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවේ අගෝස්තු මස මුලදී.දඬුවම් ලැබුවන්ට සමාව දෙන බව අද කොළඹ දී මාධ්‍ය වේදීන් හමුවේ කියා සිටි ගායක ගායිකා යුවළ ප්‍රකාශ කළේ ප්‍රහාරයට අණ දුන් අය කිසිත් සිදූ නොවූ සේ සිටින බවයි.

සැබෑ වැරදිකරුවන් දඩුවම් ලබා නැතැයි පවසන චන්ද්‍රලේඛා පෙරේරා වරදට හසුවුවන් කළේ ඉහලින් ආ අණ ක්‍රියාත්මක කිරීමක් පමණක් බවද පැවසුවා ය.

අනුරාධපුරේ හෝටලයක සමලිංගික වැඩමුළුවක් !

 "විසිදෙනෙක් සහභාගි වෙලා"
අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය.
  ඊයේ (12) දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක මේ සම්බන්ධයෙන් නේවාසික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

විජාතීය බලවේගයන් අපේ රටේ තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික නොවන තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

ලබන 1 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ දමනවා - ගැමුණු විඡේරත්න

පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස (සැප්තැම්බර්) පළමුවැනිදා සිට ඒක පාර්ශ්වික ලෙස 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (12 වැනිදා) පැවසීය.එහිදී දැනට පවතින අවම බස්‌ ගාස්‌තුව වන රුපියල් නවය රුපියල් දහය දක්‌වා වැඩි වන බව ද හෙතෙම කීය.

බස්‌ ගාස්‌තුව ඉහළ දැමීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ පැවතුණ ද එය මේ වන විට බල රහිත වී ඇති බව ද ගාස්‌තු සංශෝධනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලයක්‌ නොමැති බැවින් මෙලෙස ඒකපාර්ශ්විකව ගාස්‌තු වැඩි කිරීමට තීරණය කළ බව ද හෙතෙම කීය.නීති උපදෙස්‌ ලබාගනිමින් මෙලෙස බස්‌ ගාස්‌තුව වැඩි කරන බව කී ඒ මහතා ගාස්‌තුව 10% කින් ඉහළ නොදැමුවහොත් පෞද්ගලික බස්‌ කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්‌ පවතින බව ද කියා සිටියේය.

මෙම වැඩි කිරීම සම්බන්ධව කිහිපවිටක්‌ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දන්වා සිටිය ද එම කොමිෂන් සභාවෙන් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ නොලැබුණු බව ද නාරාහේන්පිටදී ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ගැමුණු විඡේරත්න මහතා සඳහන් කළේය.බස්‌ ගාස්‌තු අවස්‌ථා 305 ක්‌ පවතින අතර මෙම නව වැඩිවීම් එම අවස්‌ථා සියල්ලටම බලපායි. අවම ගාස්‌තුව රුපියල් නවයේ සිට දහය දක්‌වා වැඩිවන විට දැනට පවතින උපරිම ගාස්‌තුව වන රුපියල් 662 රුපියල් 728 දක්‌වා වැඩි වනු ඇත.

ග‍්‍රෑන්ඩ් පාස් නව පල්ලිය ඉවත් කෙරේ

බෞද්ධ සහ ඉස්ලාම් ආගමිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිකල කොලඹ, ග්‍රෑන්ඩ්පාස්හි ස්වර්ණචේතිය මාවතේ පිහිටි නව ඉස්ලාම් පල්ලිය පවත්වාගෙන යාමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ අවසර පත්‍රය ඉවත් කරගැනීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක පවසන්නේ රජයේ නියෝජිතයින්, ආණ්ඩුවේ ඇමතිවරුන්, මුස්ලිම් බෞද්ධ නියෝජිතයින් සහ ප්‍රෙද්ශවාසීන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

“දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ විපක්ෂ නියෝජිතයින්, පළාත් සභා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රෙද්ශවාසීන් එක්ව පැවති මෙම සාකච්ඡාවේදී පැරණි පල්ලියේ යාඥා කටයුතු ඒ ආකාරයෙන් ඉදිරියට කරගෙන යාමට තීරණය කළා.

මේ පැරණි පල්ලියේ යාඥා කිරීම සදහා ඉඩ පහසුකම් අඩුනම් ඒවා දියුණු කිරීමටත් තීරණය වුනා. දැනට මේ පල්ලිය භූමියේ ගස් වැවී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒවා ඉවත් කර පල්ලිය පිළිසකර කිරීමට තීරණය වුනා.සියලුම ආගමික කණ්ඩායම්වල සහායෙන් මෙම කටයුතු කිරීමට සියලුදෙනාම තීරණය කළා. ඒ අනුව ආගම් භේධයකින් තොරව සියලුදෙනාගේම සහායෙන් මෙම කටයුතු කිරීමට නියමිතයි.” යයිද ලේකම්වරයා කීය.

ත්‍රිරෝද-කැබ් අනතුරින් එකම පවුලේ 3ක් මරුට

 කෑගල්ල රඹුක්කන මාර්ගයේ දළුග්ගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනකු මියයයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ හතරලියද්ද කඳබෝව ප්‍රදේශයේ පදිංචි කේ. සොයිසා (53), එම්. ජී. ඉනෝකා දර්ශනී සෝමසිංහ (37) හා කේ. එම්. මහේෂ් උමයංග (05) යන අය බව රඹුක්කන පොලිසිය පවසයි.

හතරලියද්ද සිට රඹුක්කන හරහා පාණදුර දක්වා ගමන් කළ මෙම පිරිස රැගත් ත්‍රිරෝද රථය රඹුක්කන දලුග්ගල දී වතුර බෝතල් රැගත් කැබ් රථයක ගැටීමෙන් මේ මාරක රිය අනතුර සිදුවී තිබේ. කැබ් රථයේ රියැදුරු හා ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු කෑගල්ල මහ රෝහලේ හා රඹුක්කන දිසා රෝහලේ ප්‍රතිකාර ලබති.

කැබ් රථයේ රියදුරු සිය ධාවනයේ දී ඇතිවූ වෙහෙස නිසා තම හිතවතකුට රිය ධාවනය සඳහා භාරදී ඇති අතර ඔහු රියදුරු බලපත්‍රයක් නොමැති අයකු බව ද හෙළි වී ඇත.තුවාලකරුවන් කෑගල්ල හා රඹුක්කන රෝහල්වල වැඩිදුර ප්‍රතිකාර ලබන අතර කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් මත රඹුක්කන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිරිඳ නිරුවත් කර විෂ සහිත වල්නාශක එන්නත් කළ සැමියා

කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය තවත් මිනීමරුවෙකුට මරණ දඬුවම නියම කළාය. ඒ ඇය විසින් විභාග කෙරුණු නඩුවක තීන්දුවක් ඉකුත් 06 වෙනිදා ප්‍රකාශයට පත්කරමිනි. මෙම නඩු තීන්දුව දෙනු ලබන්නේ් සිය බිරිඳට වල්නාශකයක් එන්නත් කර මරා දැමූ සැමියෙකුට එරෙහිවය. 

ඔහු දැරණියගල කොස්වත්ත අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සරත් විමලසිරිය. වෘත්තියෙන් පෙදරේරුවෙකු වූ ඔහු සිය බිරිඳට විෂ සහිත වල්නාශකයක් එන්නත් කර මරා දමන්නේ ඇගේ අතපය ගැටගසා ඉන් අනතුරුවය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වූ එම ඝාතනය සිදු කළායැයි කියැවෙන්නේ 2004 වසරේ දෙසැම්බර් 27 වෙනිදාය.

ඇගේ නම මාලනීය. දරුවන් තිදෙනකුගේ මවක වන ඇය වසර කිහිපයක්ම සිටියේ මැදපෙරදිග රටකය. ඒ සැමියා පෙදරේරු රැකියාවෙන් උපයන සොච්චම් මුදල දරු තිදෙනා ජීවත්කරන්නට ප්‍රමාණවත් නොවූ බැවිනි.
ඒ කාලය තුළ විමලසිරි සිය බිරිඳ නැති අඩුව පිරිමසාගත්තේ යැයි සඳහන් වන්නේ වතු කාන්තාවකගෙනි. බිරිඳ රට රැකියාවට සමුදී පැමිණි පසුවද මෙම අනියම් බිරිඳගෙන් ගැලවෙන්නට විමලසිරිට ඉඩක් නොවීය. විමලසිරිගේත්, මාලනීගේත් පවු‍ලේ සාමය බිඳ වැටෙන්නේ ඒත් සමගිනි.

ආදරය කියන දෙය අද මුදලට විකිණිලා - කාංචනා

අද සමාජයේ බොහෝ දෙනා මුදල් පසුපස හඹා ගියත් ඒ අතරේ ජීවිතය, ආදරය සොයා යන පුද්ගලයිනුත් සිටිනවා. ඔවුන්ගෙන් කෙනෙකුට ජීවිතය ලැබෙද්දී තවත් කෙනෙකුට ආදරය ලැබී නොසිතූ බාධාවන් පැමිණ අවසානයේ විරහවකින් එය කොළවර වනවා. මෙලෙසින් අප අතර සිටින පුද්ගලයාගෙන් පුද්ගලයාට ජීවිතය දැනෙන ආකාරයත් ආදරය විඳින ආකාරයත් අවසානයේ විරහව දැනෙන විදිහත් වෙනස්‌. මෙලෙසින් ජීවිතයත් ආදරයත් විහරවත් ගැන අත්දැකීම් ඇති ප්‍රවීණ රංගන ශිල්පිණියක්‌ වන කාංචනා මෙන්ඩිස්‌ අප සමග මෙසේ අදහස්‌ ප්‍රකාශ කළා.

මනුෂයෙක්‌ වශයෙන් ඉපදෙන්න ලැබීම තරම් වාසනාවක්‌ මේ ලෝකේ තවත් නැහැ. ඒ වගේම තමයි මම අදහන ආගමට අනුව ජීවිතය කියන්නේ දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක්‌ හැටියටයි මට හැඟෙන්නේ. ඒ නිසා මේ ජීවිතේදි මොනතරම් කරදර බාධක ආවත් දුකෙදීත් සැපේදීත් ඒ හැමදේටම එකවගේ මුහුණ දිය යුතුයි.

ජීවිතයක්‌ ලැබුණු පසු ඊට වටිනාකමක්‌ එක්‌කරමින් ජීවිතය ජීවත් කරවන්න ආදරය අවශ්‍යයි. ඒ නිසයි ඉපදුණු මොහොතේ පටන් අපි ආදරය සොයන්නේ. එහෙම හොයන මුල් අවස්‌ථාවෙදි තමයි අපිට අපේ අම්මව මුණ ගැහෙන්නේ. ඒ ආදරය තරම් උත්තරීතර ආදරයක්‌ මේ ලෝකේ තවත් නැහැ. ඉන් පසුව තමයි ටිකෙන් ටික ජීවිතේට අත්දැකීම් එකතුකරගනිමින් යහළු යෙහෙළියන්ගේ ආදරය ලබන්න යොමුවෙන්නේ. ඒ අතරේ සහෝදර සහෝදරියනගේ ආදරයත් මූලික වෙනවා. ඒ කාලය කෙමෙන් කෙමෙන් මැකී යන විට තමයි අපිටත් නොදැනීම තාරුණ්‍යයේ ආදරය සොයා යන්නේ.

වසර 40 ක් කැලයේ ජීවත් වූ පිය-පුතු දෙපොළක්

මෙය හද සසල කරවන පුවතක්. වියට්නාම යුධ සමයේදී ඇමරිකානුවන් වියට්නාමයට බෝම්බ දමද්දී පළාගිය පියෙකු සහ පුතෙකු වසර 40 ක් මිනිස් වාසයෙන් තොරව මහ කැලයේ ජීවත් වී ඇතැයි ඔබ පිළිගන්නවාද ? එවැනි පිය පුතු දෙපොළක් හමුවී තිබේ.

මොවුන් පලාගොස් තිබෙන්නේ 1971 දීයි. හූ වැන් තාන් නම් පියාගේ වත්මන් වයස අවුරුදු 82 ක් බවත් පලායන විට පුතුගේ වයස අවුරුදු 02 ක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඇමරිකානු බෝම්බ ප්‍රහාර වලින් මෙම පියාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මොවුන් සතුන් දඩයම් කර තිබෙන අතර පළතුරු, කැලෑ සහල් වැනි දෑ කැලයේ වගාකර ජීවිකාව ගැට ගසාගෙන ජීවත් වී තිබෙන්නේ ගසක තැනූ පැලකයි.මෙම දෙදෙනා ගම්මුන් විසින් සොයාගන්නා විට ගස්වල පට්ටා වලින් සකස් කරගත් ඇඳුම් හැඳ සිටි බව සඳහන්ය.මෙම පුතු වියට්නාම භාෂාව දන්නේ ඉතාමත් ටිකක් බව වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive