උදේට ගණිකාවන් අල්ලා කූඩුවට දානවා - රෑට ලොජ්වලට දානවා

කොළඹ ප්‍රදේශයේදී උදේට ගණිකාවන් අල්ලලා කූඩුවට දාන ඇතැම් පොලිස්‌ නිලධාරීන් රාජකාරි වේලාවෙන් පසුව ගණිකාවන් ත්‍රිරෝද රථයෙන් ලොජ්වලට රැගෙන යනවා යෑයි සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුසිල් ජයරුක්‌ මහතා ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ත්‍රිරෝද රථ සඳහා නව නීති හඳුන්වාදීම පිළිබඳව අදහස්‌ දැක්‌වීම සඳහා නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සභාපතිවරයා මෙසේද කීය.

පොලිසියේ මහත්වරුන් රජයේ රැකියාවක්‌ කරනවා. ඒ අයගෙන් වැඩි පිරිසකට ත්‍රිරෝද රථ තියෙනවා. කොළඹ අවට පොලිසිවල අයට නම් මේක හොඳට ගැළපෙනවා.කොළඹ ත්‍රිරෝද හිමි ඇතැම් පොලිස්‌ නිලධාරීන් උදේට ගණිකාවන් අල්ලනවා. රාජකාරිය අවසන් වෙලා රෑට ගණිකාවන් ලොඡ් වලට රැගෙන යනවා. රථවාහන නිලධාරීන් ඔවුන් නතර කළත් හැඳුනුම්පත පෙන්නලා යනවා. ත්‍රිරෝද රථ දුවන ඇතැම් නිලධාරීන්ට ලයිසන් නැහැ. අඩුපාඩු ගොඩයි. ඒ අයට ප්‍රශ්න නැහැ.මේවා ගැන හොයන්න ඕනෑ බලධාරීන්. මේ නිලධාරීන්ට තැනක්‌ නැහැ. ඕනෑම තැනකින් හයර් අරන් යනවා. අපේ හයර් තමයි බොහෝ වෙලාවට අරන් යන්නේ. අපිට වෙන රස්‌සාවක්‌ නැති නිසයි මේක කරන්නේ. ඒ නිසා ත්‍රිරෝද රථ නියාමන ආයතනයක්‌ හදලා ත්‍රිරෝද රථ රියෑදුරන්ට වෙනමම බලපත්‍රයක්‌ ලබාදිය යුතුයි.

ගණිකා නිවාසයක සිටියදී ඇල්ලූ කාන්තාවන් අතරේ ගැබිනියක්

කොළඹ ප්‍රදේශයේ රැකියාවන් කරන බව නිවෙස්වලට හඟවා කොළඹ මරදාන ප්‍රදේශයේ නවාතැන්පළක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක සිටි විවාහක කාන්තාවන් අතරින් එක් කාන්තාවක් පස් මසක ගැබිනියක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.එම ස්ථානයේ සිටි කාන්තාවන් 08 දෙනකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාලිගාකන්ද අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා නිවාසය වටලා එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය විසින් උපාය දූතයකු යොදවා කරන ලද පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාවන් රුපියල් 2000කට අලෙවි වන බවයි.එම ස්ථානයේ සිටි පස් මසක ගැබිනියක පවසා ඇත්තේ ඇගේ විවාහක සැමියා ඇය අතහැර ගොස් ඇති බවයි.එම ස්ථානයේ සිටි කාන්තාවන් අවුරුදු 24 සිට 40 දක්වා වූ වයස් සීමාවන්වල අය බවද පොලිසිය පැවැසීය.

එම කාන්තාවන්ගෙන් වැඩි දෙනකු කලවංචිකුඩි, එරාවුර් යන ප්‍රදේශවල අය බවත් එක් කාන්තාවක් පමණක් ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් හෙළිවී තිබේ.මෙම සැකකාරියන් මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට
ඇත.

අපට හිරිහැර කළ අයට සමාව දෙන්න

 රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළ ජනපතිගෙන් ඉල්ලති
ප්‍රවීණ ගායන ශිල්පීන් වන රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ට සමාව දෙන ලෙස එම ගායක යුවළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරයි.

රූකාන්ත ගුණතිලක මහතාගේ සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ අත්සනින් යුතු එම ලිපිය අරලියගහ මන්දිරයේ දී ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නේය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ පවුල් සහ ඔවුන්ගේ ඥාතීන් පිළිබඳ සානුකම්පිතව සිතා රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළ මෙවැනි තීරණයකට පැමිණ තිබේ.

දේශපාලන වේදිකාවක දී ගීත ගායනා කිරීම හේතුවෙන් පසුගිය 2000 වසරේ ජනවාරි මස 26 දා ඔවුන් වෙත මැර ප්‍රහාරයක් එල්ල කිරීම, නිවෙසේ තිබූ රන් ආභරණ සහ ජීප් රථය කොල්ල කෑම ආදිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් 10 ට පානදුර පළාත්බඳ මහාධිකරණය මඟින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරිණි. අධිකරණ තීන්දුවට ගරුකරන අතර එයින් සිතට සතුටකට වඩා සැනසීමක් ලැබුණ බව ද අධිකරණයෙන් දඩුවම් ලැබුණු පුද්ගලයන් හට තමන්ගේ හදවතින්ම සමාව ලබාදෙන බවද මේ ගායන යුවළ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළහ.

කිරිපිටිවල ඩී.සී.ඩී තියනවා - ITI rejects claims it does not have necessary tools for DCD testing

ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී අඩංගු බව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සතුව තාක්ෂණික මෙවලම් සහ ඥානය නොමැති බවට ඇතැමුන් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා පවසයි.

ආනයනික කිරිපිටිවල ඩී.සී.ඩී නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට මේ දිනවල රටපුරා වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබේ.එම මාතෘකාව සම්බන්ධයෙන් විද්වත් කතිකාවක් ටීවී දෙරණ වාද පිටිය වැඩසටහන ඔස්සේ පසුගිය දින(13) රාත්‍රියේ විකාශය කෙරිණ.

එම සාකච්ඡාවට කර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා,පෝෂණවේදී ආචාර්යය දමයන්ති පෙරේරා මහත්මිය සහ නේචර් සීක්‍රට් ආයතනයේ සභාපති සමන්ත කුමාර යන අය සහභාගී වූහ.එහිදි ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක සිරිමල් ප්‍රේමකුමාර මහතා පැවසුවේ ඕනෑම ද්‍රව්‍යයක ඩී.සී.ඩී තිබේදැයි පරීක්ෂා කිරීමේ තාක්ෂණික හැකියාව ඇති ආයතනයක් ලෙස ලොව පිළිගත් ආයතන අතර ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයද ඉදිරියෙන් සිටින බවයි.කිරිපිටි වල ඇති ඩී.සී.ඩී සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත බවත්, එය එකවර සිදුකළ නොහැක්කක් බැවින් මාස දෙකක පමණ කාලයක් ගත වූ බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව උතුරේ ජනතාව සමග සෙල්ලම් කරනවා - ටිල්වින් සිල්වා

වර්තමාන ආණ්ඩුව පැවති අනෙක් ආණ්ඩු මෙන්ම තමන්ගේ වාසිය වෙනුවෙන් උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය සමග ක‍්‍රීඩා කරමින් සිටින බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ජාතික ගැටළුව විසඳීම සඳහා ප්‍රවේශයක් මැයෙන් හම්බන්තොට පැවති සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

පළමුවෙන්ම කිව යුතුයි ලංකාවේ ජාතික ගැටලූව ඒ කියන්නේ උතුරේ ප‍්‍රශ්නය ඉතාම බරපතළ තැනකට ඇවිත් තියෙනවා. අනෙක් ආණ්ඩු වගේම වර්තමාන ආණ්ඩුවත් තමන්ගේ වාසිය වෙනුවෙන් උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය සමග ක‍්‍රීඩා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මේ ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව වගකීමෙන් ගැලවීමට, අන් අය මත මේ ප‍්‍රශ්නය පැටවීම සඳහා පත් කළා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්. මේක සම්පූර්ණයෙන්ම ප‍්‍රශ්නය විසඳීම කල්මැරීම සඳහා ගෙනාපු කමිටුවක් නිසා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා ඒකට සහභාගි නොවී ඉන්න. ඒකට සහභාගී නොවී පැත්තකට වෙලා ඉන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ අපි තීරණය කළා මහින්ද රාජපක්ෂට කමිටුව තියාගන්න කියලා මේ රටේ ජනතාව සමග ජාතික ගැටලූව විසඳන්නේ කොහොමද කියලා දේශපාලන සංවාදයක් ආරම්භ කරන්න. ඒකට හේතුව පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡුා කරනවාට වැඩිය මේ රටේ ජනතාව සමග මෙය කතා කරන එක වැදගත්. මොකද කවදාහරි ජාතික ගැටලූව විසඳන්නේ වෙන්නේ මේ රටේ ජනතාවගේ බලපෑම් මතයි. ඒ නිසා දේශපාලනයට සංවේදී ජනකොටස් එක්ක මේ සංවාදය ගෙනියන්න අපි තීරණය කළා.

තේල් ගාන්න ගිය දැරිය කෙළෙසූ හිමියෝ රිමාන්ඩ්

මැදවච්චිය කටුකැලියාව විහාරස්ථානයක නාහිමිට තෙල් සාත්තුවක් කිරීමට ගිය 15 හැවිරිදි දැරියක් සිහිසුන්කර කෙළෙසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි එ හිමියො ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.

මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අදාල නාහිමියෝ අත්අඩංගුවට ගෙන තිබිනි.මෙසේ අතවරයට පත්ව ඇත්තේ මැදවච්චිය කටුකැලියාව යකා වැව ප්‍රෙද්ශයේ දැරියකි.අදාල දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබනි.

සැකකාර හිමියෝ තමාට අවාස ගෙයි ඉදිරිපස රැදෙන්නයි දන්වා, දැරිය ආවාස ගෙට ගත් බවත්, දැරිය කෑගසන හඩ ඇසී තමන් ආවසගෙට ඇතුල්වෙද්දී දැරිය පැදුරක්මත යට ඇදුම් කිසිවක් නොමැතිව සිටි බවත් මව විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

මම වාඩි වුණ සෑම විභාගයකින්ම සමත්වී තිබෙනවා - මාලක සිල්වා

 මාලක සිල්වා සමඟ'ඊ-මේල්' මඟින් පැවැති සම්මුඛ සාකච්ඡාව

ආන්දොලනාත්මක චරිතයක් වන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා සහ ඔහුට නොදෙවැනි ආන්දෝලනාත්මක චරිතයක් වන මාලක සිල්වා යළි මහජන අවධානය නමැති කරළියට පිවිස සිටී. එහෙත් මෙවර කනිෂ්ඨ සිල්වා වෙනුවෙන් වාසනා චක්‍රය අතින් අතට කැරැකී ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් අනුන්ට පහර දෙන කනිෂ්ඨ සිල්වාට පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක රථ ගාලේදී නොහඳුනන මැරවරයන් පිරිසක් හොඳහැටි පහරදී ඇතැයි කියති.

පසුගියදා එසේ පහරකෑමට ලක්වූ කනිෂ්ඨ සිල්වා සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදුණු 'සිලෝන් ටුඩේ' පුවත්පත ඔහුට පහරදීම, ප්‍රධාන පෙළේ දේශපාලන ප්‍රවාහයට ඇතුළු වීමට ඔහු අල්ලන ඉව සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අංශ කෙරෙහි ඔහු තුළ ඇති විරසකය ආදිය පිළිබඳ ඔහුගෙන් විමසන ලදී. මාලක සිල්වා සමඟ මුහුණට මුහුණලා සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් කරන ලද නමුත් ඊට ඉඩදීමට ඔහු අකැමැති විය. ඔහු කැමති වූයේ 'ඊ-මේල්' මඟින් පැවැති සම්මුඛ සාකච්ඡාවකටය.

එසේ 'ඊ-මේල්' ඔස්සේ ඔහුගෙන් විමසන ලද ප්‍රශ්න කීපයකට ඔහු දුන් පිළිතුරුවල සිංහල අනුවාදය සැකෙවින් මෙසේය.

ඔබේ ද්විතීය අධ්‍යාපනය ඔබ ලැබුවේ කෙහේදිද?
ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේදීය.

"අපි ඔටුවොද" : තීරුබදු රහිත වාහන ඉල්ලා ආබාධිත රණවිරුවෝ උද්ඝෝෂණයේ

ආබාධිත රණවිරුවන් සඳහා තීරුබදු රහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවෝ පිරිසක්‌ දකුණු පළාත් සභාව ඉදිරිපිට ඊයේ (13 දා) උද්ඝෝෂණයක නියුතු වූහ.දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරටු කර ගනිමින් පැමිණි මෙම රණවිරුවන් පිරිස පළාත් සභාව ඉදිරිපිටදී මෙසේ උද්ඝෝෂණයේ නියුතු වූහ.

රෝද පුටුවලින් පැමිණි මෙම පිරිස ''අපි ඔටුවොද'' ''රට නිදහස්‌ කර ගත් අපිට වාහන අකැපද'' ''තීරුබදු රහිත වාහන අපිටත් දෙන්න'' ආදී වශයෙන් සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.මෙහිදී අදහස්‌ දැක්‌වූ දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා මන්ත්‍රීවරුන්ට විදුහල්පතිවරුන්ට වෛද්‍යවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදෙන බැවින් ආබාධිත රණවිරුවන්ට කAළ කැපවීම අගයා තීරුබදු රහිත වාහන බලපත් ලබාදෙන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඊයේ (13 දා) පෙරවරු 9.00 ට පමණ දකුණු පළාත් සභා රැස්‌වීම ආරම්භවීමට පෙර දකුණු පළාත් සභාව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබිණි.

Gossip Lanka Hot News Previous News Archive