ග‍්‍රාහකයන් සංඛ්‍යාව අතින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවන භාරතීය එයාර්ටෙල් සමාගමේ (Airtel) ලංකාවේ මෙහෙයෙම් කටයුතු අබුඩාබි හි එටිසලාට් සමාගම (Etisalat) වෙත විකිණිමට කටයුතු යොදා ඇතිබවට ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ගණදෙනුව සඳහා භාරතී එයාර්ටෙල් සමාගම වෙත උපදෙස් ලබාදෙනු ලබන්නේ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව විසින් බවද පැවසේ.
ලංකාවේ එයාර්ටෙල් පාර්භෝගිකයන් සංඛ්‍යාව මිලියන 1.7 කි.
එටිසලාට් ශ‍්‍රී ලංකා හි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 4.5 ක් වන අතර ඔවුන් දැනට ලංකාවේ තෙවැනි විශාලතම දුරකථන ජාලය වේ.
මිලියන 1.7 ක ග‍්‍රාහකයන් සිටින එයාර්ටෙල් හි ශ‍්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතුවල වටිනාකම දැනට අගයකොට ඇත්තේ ඩොලර් මිලියන 110 ත් 130 අතර මුදලකටය.
වසර 2007 සිට ඔවුන් ශ‍්‍රි ලංකාවේ ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කොට තිබුනත් පසුගිය කාර්තු හතරේදීම ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව වැඩිකරගැනීමට නොහැකිවූ නිසා මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් ශ‍්‍රි ලංකාවේ සිදුකල ආයෝජනය හදුන්වන්නේ මුදල් කා දැමීමේ ව්‍යාපෘතියක් ලෙසය.
ඔවුන් පෙන්වාදෙන පරිදි ලංකාවේ දුරකථන ජාලයක් මගින් ලාභ ලබාගැනීමටනම් එය ලංකාවේ පළමු හෝ දෙවැනි තත්වයේ පසුවන දුරකථන ජාලය විය යුතු බවයි.
එයාර්ටෙල් ලංකාවට පැමිණීමේදී බොහෝ දෙනා සිතුවේ එය විප්ලවීය වෙනසක් වනු ඇතිබවයි.
එයාර්ටෙල් ලබාගැනීමට එම දිනවල බොහෝ තදබදයක් පැවති අතර බොහෝ දෙනා සිතුවේ එයාර්ටෙල් පැමිණීම සමග ඩයලොග් සමාගම කඩා වැටෙනු ඇති බවයි.







