කොළඹ ලිබර්ටිහි පෙන්නූ `Madras Cafe` චිත්‍රපටයට විරෝධයක්

කොළඹ ලිබර්ටි හි ලයිට් සිනමා ශාලාවේ අද (24) ප්‍රදර්ශනය ආරම්භ කළ ශ‍්‍රී ලංකාවේ යුද්ධය පදනම් කර ගනිමින් තැනූ මැඩ්රාස් කැෆේ" චිත්‍රපටයෙහි උපසිරැසි නොමැතිවීමට විරෝධය දක්වා එය නරඹන්නට ගිය පිරිසක් ඉන්පිටව ගොස් ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ. ඔවුන් පවසා ඇත්තේ හින්දි භාෂාවෙන් ඇති මේ චිත්‍රපටය උපසිරසි නොමැතිව නැරඹිය නොහැකි බවයි.
 මෙසේ විරෝධය දක්වා නරඹන්නන් පිටව ගොස් ඇත්තේ අදාල චිත්‍රපටය නැරඹීමට ඔවුන් ලබාගත් රුපියල් 350ක් වටිනා ප්‍රවේශපත්‍ර යේ මුදලද ඉල්ලාගෙනය. කෙසේවුවද මේ මුදල් ලබාදෙන අතරේ එම සිනමා හලේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ ලබන අගහරුවාදාට මෙහි මීට වඩා හොද පිටපතක් ලැබෙන බවයි. "මැඩ්රාස් කැෆේ" සිනමා පටය ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (23) වැනිදා සිටය. 'මැඩ‍්‍රාස් කැෆේ' චිත‍්‍රපටය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ‍්‍රී ලංකා රජයේ ආයෝජනයක් මත නිෂ්පාදනය වූවක් බවට ද චෝදනා එල්ලවී තිබිනි. කෙසේවුවද එය එසේ නොවන බව එහි ප‍්‍රධාන නළු ජෝන් ඒබ‍්‍රහම් මාධ්‍යට පවසා තිබිනි.
  මෙය ශ්‍රී ලංකා රජයේ රහසිගත මුදල් ආයෝජනය කිරීමෙන් නිෂ්පාදනය කර තිබෙන්නක් බවට ඉන්දියාවේ පැතිර යන කටකතා හා ඊට තමිල්නාඩුවේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන්ගේ විරෝධය එල්ලවී තිබෙන චෝදනා හමුවේ හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබිනි.

විශාල සූර්ය කුණාටු 2ක්… අංශු පැයට කි.මී. මිලියන 22 වේගයෙන් පෘථිවිය දෙසට

පසුගිය බදාදා දිනයේදී විශාල මට්ටමේ සූර්ය කුණාටු 2ක් ඇතිවූ බව නාසා ආයතනය පවසයි. සූර්ය ස්කන්ධ විසර්ජනය ලෙස හැඳින්වෙන මේ හරහා ටොන් බිලියන ගණනක ආරෝපිත අංශු පෘථිවිය දෙසට නිකුත් කර ඇති අතර ඒවා පැයට කිලෝමීටර මිලියන 2.2ක වේගයෙන් පැමිණෙමින් ඇති බව පැවසේ.

නමුත් නාසා ආයතනය පවසන්නේ වායුගෝලය හරහා පැමිණීමට මෙම අංශු වලට නොහැකි හෙයින් එය මිනිසුන්ට බලපෑමක් නොකරනු ඇති බවයි.

කෙසේවෙතත් දින 3ක කාලසීමාවක් තුළ පැමිණිය හැකි යයි දැක්වෙන මෙම ආරෝපිත අංශු මගින් චුම්භක ගෝලයේ කැළඹීම් සහගත තත්වයන් මගින් භූ චුම්භක කුණාටු නම් අභ්‍යවකාශ කාළගුණික සංසිද්ධියක් ඇති විය හැකි අතර ප‍්‍රබල භූ චුම්භක කුණාටු විසින් සන්නිවේදන සංඥා කපා හැරීම සහ අධි විදුලි ධාරාවන් පේ‍්‍රරණය වීම සිදුවිය හැකි අතර නාසා බලධාරීන් පවසන්නේ වාර්තා වූ මට්ටමේ සූර්ය කුණාටුවක් විසින් සාමාන්‍යයෙන් ඇති විය හැක්කේ මද කැළඹීමක් බවයි.මිනිසුන්ට හානිකර නොවුවද එය සන්නිවේදන චන්ද්‍රිකාවල සහ පෘථිවිය මතුපිට ඉලෙක්ට්‍රොනික පද්ධති වලට බලපෑම් සහගත විය හැකි බව ඔවුන් නිවේදනය කර ඇත.

නවනීදම් පිල්ලෙයි එයි. ඈ කවුද?

නවනීදම් පිල්ලෙයි 1941දී උපන්නේ දකුණු අප‍්‍රිකාවේ නතාල් පළාතේ, ඩර්බන්හිදී අතිශය දිළිඳු පරිසරයකය. දෙමළ සම්භවයක් සහිත ඇගේ පියා බස් රියැදුරෙකි. විවිධ ආර්ථික ගැහැට මධ්‍යයේ සිය ප‍්‍රාදේශීය දෙමළ ප‍්‍රජාවගේ ආධාර ඇතිව ඕ 1963දී නතාල් විශ්වවිද්‍යාලයෙන් බීඒ උපාධිය ලබාගත්තාය. 1982දී හාවර්ඞ් නීති විද්‍යාලයෙන් එල්එල්එම් උපාධිය ලත් ඇය 1988දී අධිකරණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලද්දීය. හාවඞ් නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලත් පළමු දකුණු අප‍්‍රිකානුවා ඇයයි. දකුණු අප‍්‍රිකාවේ මහාධිකරණයේ පළමු සුදු ජාතික නොවන විනිසුරුවරියද ඇයයි. ඒ සඳහා ඇය පත්කරන ලද්දේ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි විනිසුරුවරියක ලෙසද, රුවන්ඩාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි සභාපති විනිසුරුවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, 2008 සැප්තැම්බර් 1වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ධුරයට පත්වූවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි අගෝස්තු 25වැනිදා සිට 31 දක්වා ලංකාවේ සංචාරයක යෙදෙන්නීය. මීට පෙර යුද්ධය අවසන්වූ වහාම 2009 වසරේ සිට ලංකාවට පැමිණීම සඳහා ඇය පළකළ අභිලාෂය ප‍්‍රායෝගික නොවූයේ ලංකා රජය ඇයට ඒ සඳහා නිල ආරාධනයක් නොකළ බැවිනි. එක්සත් ජාතීන්ගේ පිළිවෙත අනුව මහකොමසාරිස්වරයකුට/වරියකට රටකට පැමිණීමට එරට රජයෙන් නිල ආරාධනාවක් අවශ්‍යය. මහකොමසාරිස් ලංකාවට පැමිණ යුද අපරාධ ගැන පරීක්‍ෂණ පවත්වාවිය යන සැකය නිසා රජයත් එහි ජාතිකවාදී පාර්ශ්වත් ඇගේ පැමිණීමට දැඩි ලෙස විරෝධය පෑහ.
එහෙත් දැන් ඇය පැමිණෙයි. ඇගේ පැමිණීමට පෙර, ඇගේ ආරක්‍ෂාව හා පහසුව සැලසීම සඳහාවූ කණ්ඩායම් ලංකාවට පැමිණි අතර, ඔවුහු ඇගේ චාරිකා කාලසටහන හා ඊට අදාළ ස්ථාන පරීක්‍ෂාවට ලක්කළහ. ඇගේ චාරිකාවට අදාළ සැලසුම්, ඇය හමුවන්නේ කවරෙක්ද, කොතැනදීද යනාදී කාරණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ලංකාවේ එම කාර්යාලයේ උපදේශිකා සින්තියා වෙලිකෝ විසින් සිදුවන අතර ලංකාවේ රජයද එම වැඩසටහන සකස්කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරයි.

මම විවාහ වෙන්නේ නැහැ - Anarkali Akarsha

මට තියෙන වැඩත් එක්ක පෙම්වතකුට සැමියකුට වෙන් කරන්න කාලයක් මට නැහැ 
ඇය දඟකාරියක්. ඒ වගේම රුවැත්තියක්. ඒ විතරක්ම නමෛයි, ඇය අපේ රටේ වගකිව යුතු තැනැත්තියක්. රංගන ශිල්පිනියක් විදියට කවුරුත් හඳුන ගත්තත් ඇය දැන් රංගන ශිල්පිණියක් විතරක්ම නමෛයි. ඇය තමයි අනර්කලී ආකර්ශා. කාලෙකට පස්සේ අපි අනර්කලීට කතා කළා. ඒ අනර්කලීගේ අලුත් තොරතුරු දැනගන්නත් එක්ක.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
අලුත් චිත්‍රපටයකට දායක වුණා. දේශපාලන වැඩ, ව්‍යාපාරික කටයුතු හැමදේම කරගෙන යනවා.

දැන් නිතර දකින්න නැත්තේ ඇයි?
මුල් කා‍ලේ නම් මට ලැබුණු නිර්මාණවලින් මම ආස දේවල් මම කළා. දැන් නම් ආස වුණත් ටිකක් තෝරලා තමයි වැඩ කරන්නේ.

මලක්‌ නැසූ පාපතරයා !

දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශ කර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස්‌ ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක්‌ ඊටත් ඩවා කුරිරු අන්දමින් මෙලොවින් තුරන් කර තිබිණ.දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාරවලින් දෙකක්‌ පමණක්‌ නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන්වලින් ඉගෙන ගතයුතු අමතක නොවන පාඩම්ද ඒවාට පාදක වී තිබේ.

හල්දුම්මුල්ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනකු ඉතිරි වි සිටියහ.වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. බාල දියණිය අනුෂා සඳුනිට මාස හයක්‌ පිරී තිබියදී අග හිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය.එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකාපොල ප්‍රදේශයේ නිවසක වැඩට ගියාය.වරකාපොල නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය. ඔහු නමින් සූරසේනය. තිස්‌අට හැවිරිදි ඔහු ජයචිත්‍රා සමග අනියම් සබඳතාවයකට පැටලී තිබුණේද එහිදීය. එහෙත් ඒ සම්බන්ධය නිවෙස්‌ හිමියන් දැනගත් විගස දෙදෙනාටම එම නිවසෙහි දොර වැසිණ.

මාසයක්‌ තුළ ජයචිත්‍රාට හා සූරසේනට මේ නිසා සූරසේනගේ උපන්ගම වූ උඩපුස්‌සැල්ලාවේ රක්‌වාන වෙත ඒමට සිදුවිණ. මෙහිදී මාස හයක කුඩා දැරිය අනුෂා සඳුනිද උඩපුස්‌සැල්ලාවට තම මවගේ රැකවරණයෙන් මුදාගෙන හල්දුම්මුල්ලේ සිට ජයචිත්‍රා රැගෙන ආවාය.

නොගැළපීම් හින්ද එයාගෙන් දුරස් වුණා - Shalani Tharaka

මෑත කාලයේ තරුණ තරුණියන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වුණේ ‘ඒ ලෙවල්” ඉවරයි ටෙලිනාට්‍යය. ඒකේ ‘ලීසා’ටත් ලැබුණු ප්‍රතිචාර එමටයි. ‘ලීසා’ හැටියට රඟපෑ ශලනි තාරකාත් සාමාන්‍ය ජීවිතයේදී බොහොම සරලයි, දඟකාරයි, සැහැල්ලුයි. ශලනි එයාගේ හීන කුමාරයා ගැන කියන කතාව මොකක්ද බලමු.
කොහොමද ජීවිතේ?
හොඳයි. සතුටුයි. ටෙලි නාට්‍යයක ෂූටින් එක්ක මේ ඉන්නෙ.

මොකක්ද ටෙලිනාට්‍යය?
සාරංග මෙන්ඩිස් මහත්තයාගෙ “ආදර සංධ්වනිය”

ඔයා කවුරු විදියටද රඟපාන්නෙ?
මම පේෂලා එයා A/L කරන ළමයෙක්. එයත් එක්ක බැඳිච්ච හරිම ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නෙ.

A/L ඉවරයි ටෙලි නාට්‍යයේ ලීසාටත් හුඟක් ප්‍රතිචාර ලැබෙනවා කියල ආරංචියි?
ඔව්. ලීසාට හුඟක් අය හුඟක් කැමැතියි. මමත් ආසයි.

තොරතුරක් දුන්නොත් ලක්ෂ10ක තෑග්ගක්

ගම්පහ නගරයේ පිහිටි “මර්චන්ට් කේ‍රඩිට් ඔෆ් ශ්‍රී ලංකා ලිමිටඩ්” ආයතනය වෙත පැමිණි කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ලෙස එහි සේවකයන් බිය ගන්වා රුපියල් එක් කෝටි හැට අට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා රුපියල් ‍ෙදාළොස් ලක්‍ෂයකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු තවමත් පොලිසිය වෙත අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ගම්පහ පොලිස් ස්ථානයේ ඉහළ නිලධාරියෙක්  කීවේය.

මේ මූල්‍ය ආයතනයේ රන් භාණ්ඩ හා මුදල් කොල්ලය සිදුකළ පුද්ගලයන්ගේ හැඩරුව එම ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගත වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එම කොල්ල කෑම සඳහා සාමාන්‍ය පුද්ගලයන් සේ පැමිණ එහි සේවකයන් බියගන්වා කාමරයකට දමා සිරකර තිබීම හේතුවෙන් කොල්ලකරුවන් පැමිණි ආකාරය හෝ කොල්ල කෑමට යොදාගත් රථයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

එම ආයතනයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගතවී ඇති සැකකරුවන්ගේ ඡායාරූප මඟින් ඔවුන්ගේ නිවැරැදි තොරතුරු වෙතොත් ඒ පිළිබඳ ලබාදෙන අය වෙත රුපියල් ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත්, එම නිවැරැදි තොරතුරු ලබාදෙන අයගේ පූර්ණ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවටත් හෙතෙම සඳහන් කරයි.

දියතලාවේ දැරියගේ ඝාතකයා අල්ලයි

දියතලාව ඇල්ලගම ප්‍රදේශයේදී කෲර ලෙස අතවරයට ලක්‌කර වයස අවුරුදු අටක දැරියක මරා දැමූ පුද්ගලයා පෙරේදා (21දා) රාත්‍රියේ දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි දියතලාව පොලිසිය පවසයි.

දියතලාව ඇල්ලගම පාසල් කන්දේ පදිංචි නලින් ප්‍රියංකර (39) නමැති අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.දියතලාව ඇල්ලගම පාසල් කන්දේ පදිංචි දියතලාව ඇල්ලගම විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ ඉරේෂිකා මලිනි සත්සරණි (08) නමැති දැරිය මෙම පුද්ගලයා විසින් කෲර ලෙස අතවරයට ලක්‌ කර මරා ඔහුගේ නිවස අසල පිහිටි කුඹුරක පැලක දමා තිබියදී දියතලාව පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස්‌ තිබිණි. නමුත් පෙරේදා, රාත්‍රියේ දියතලාව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක්‌ වටලා සිදු කළා සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Gossip Lanka Hot News Previous News Archive