සනත් ලැබූ තාවකාලික පැවිද්දට සංඝ විරෝධය

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා සතියක පමණ කාලයක් පැවිද්දත්වයට පත් කරවීම සම්බන්ධයෙන් ආගමික සංවිධානවල නායක හිමිවරු දැඩි විරෝධය පළ කරති. එම ක්‍රියාවෙන් ගැටලුවක් හෝ ශාසනයට හානියක් සිදු නොවන බවට තවත් හිමිවරු මත පළ කරති.

 නළු සනත් ගුණතිලක මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පැවිදි දිවියේ ඇති වටිනාකම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත විත්‍රපටයක පැවිදි චරිතයක ස්වභාවය සම්බන්ධව පූර්ව අත්දැකීමක්, පුහුණුවක් ලබා ගැනීම සඳහාත් තමා සතියක පමණ කාලයක් පැවිදි දිවියට ඇතුළු වූ බවයි.

මේ පිළිබඳ කළ විමසීමකදි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියන් දැඩි විරෝධත්වයක් පළකරමින් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි. සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි වූවා නම් එය ශාසනයේ ගෞරවය කෙලසීමක්. පැවිදි වීමේදි ආරාමික ශාසනික සම්ප්‍රදාය අනුගමනය කිරීමක් සිදුවෙලා නැහැ.

ලංකාවේ ප්‍රථම වරට බලු කසාදයක්‌

ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වරට ඉතාමත් අපූරු විවාහ මංගල්‍යයක්‌ මහනුවර පොලිස්‌ ක්‍රීඩාපිටියේදී ඊයේ (26 වැනිදා) පෙරවරුවේ සිදුවිය.

එම විවාහ මංගල්‍යය පොලිස්‌ නිළ සුනඛ අංශයේ පිරිමි සතුන් හා ගැහැණු සතුන් අතර සිදුවූ විරල විවාහයකි. විවාහ පත්වූ යුවල දහයකි. යුවල දහයම විදේශයේ උපත ලැබුවෝය. මහනුවර පොලිස්‌ නිළ සුනඛ අංශයේ පොලිස්‌ සේවය සඳහා පුහුණු කරනු ලැබුවෝය.

මංගල ඇඳුම් ආයිත්තමින් සරසන ලද නිළ සුනඛ යුවල ලියාපදිංචිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය ඉන්ද්‍රdනි ද සිල්වා මහත්මිය අතින් සිදුවිය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ සංකල්පයක්‌ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අනුමැතිය ලැබී ඇත.

කම් සැප අත්හල සනත් පැවිදි බිමට

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

බොදුබල සේනාවෙන් බැසිල් රාජපක්ෂට අභියෝගයක්

'හලාල් සහතිකය' ඉවත් කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කලද, එය මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි චෝදනා කල බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන්, ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා බෞද්ධ ප්‍රජාවට පැහැදිලි පිළිතුරක් දිය යුතු බව අවධාරණය කළහ. අද ගාල්ලේ පැවති බොදු බල සේනා සමුළුවේදී උන්වහන්සේ එම කාරණා සඳහන් කළහ. 'හලාල් සහතිකය' හඳුන්වාදීමේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විශාල කාර්ය භාරයක් ඉටු කල බව මුස්ලිම් නායකයින් තමන් වහන්සේට පවසා ඇති බවද උන්වහන්සේ එහිදී පැවසුහ.

 බොදු බල සේනාවට එරෙහිව මේවනවිට මාධ්‍ය වාරණ ක්‍රියාත්මක වන බව පැවසු උන්වහන්සේ, ඒ සඳහා බලපෑම් කරනන් අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී ඇතැයි ද පැවසුහ. 

 රටේ නැගී එන සිංහල- බෞද්ධ බලවේගය දුර්වල කිරීම සඳහා විමල් විරවංශ ඇමතිවරයා, 'රාවනා බලකායත් ගොඩනගා ඇති බවත්, ඔහුගේ අමාත්‍යංශයෙන් වැටුප් ගෙවන කාර්ය මණ්ඩලයක් සහිත 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය හරහා බොදු බලසේනාවට එරෙහි අමුලික බොරු බේගල් පලකරන බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුහ.

''ලංකාවට ආවේ විවේචනය කරන්න නොවේ'' - එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය

තමා පැමිණියේ ශ්‍රී ලංකාව විවේචනය කිරීමට නොව, රටේදී ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වේ නම් ඒ පිලිබඳව අවධානය පළ කිරීමට බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවසයි. නවී පිල්ලේ ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇගේ කාර්යභාරයට එරෙහිව එල්ල වන විවේචන බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් ඇය වෙත යොමු කරන ලද අවස්ථාවේය.
 අද ශ්‍රී ලංකාවට ලඟා වූ මහ කොමසාරිස්වරිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය හමුවීමට පෙර මඳ වේලාවකට මාධ්‍යවේදීන් හමුවූවාය.
 "ශ්‍රී ලංකාව ඇතුළු, මුළු ලෝකෙම ආණ්ඩු විසින් එකඟවෙලා සකස් කරලා තියෙන මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලවයි, මගේ නිරීක්ෂණය සිද්ද වෙන්නේ. මම මගේම නීති හදා ගෙන නැහැ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.
 ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් මීට පෙර ආණ්ඩුව තමන්ට ආරාධනා කළ නමුත්, උගත් පාඩම් කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු එම සංචාරය පමා කිරීමට තමන් තීරණය කළ බව ද ඇය සඳහන් කළාය. 

 මේ අතර ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ අපරාධ සියැසින් දුටු අය රහසිගත කඳවුරු වල සිටිය හැකි බව අතුරුදහන් වූවන් සොයා බැලීම සඳහා වන කමිටුව ප්‍රකාශ කරයි. ඒ කඳවුරුවලට යාමේ ඉඩක් ලබා ගත හැකි වෙතොත් මහ කොමසාරිස් වරියට තොරතුරු හෙළි කර ගැනීමේ අවස්ථාවක් උදාවනු ඇති බව කමිටුවේ ප්‍රධාන ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේය.
 -බිබිසි සංදේශය

CPL ශූරතාව සංගක්කාරලාගේ ජැමෙයිකා තලවාස් පිලට

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හිදී පැවැති 2013 කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ (සී. පී. එල්.) ශූරතාව දිනාගැනීමට ජැමෙයිකා තලවාස් පිල ඊයේ (24 වැනිදා) සමත්විය. ටි‍්‍රනිඩෑඞ් නුවර ක්වීන්ස් පාර්ක් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගයේදී ගයනා ඇමසන් වොරියර්ස් පිල පරදවා කඩුලූ 7 ක ජයක් ලබාගනිමින් ජැමෙයිකා තලවාස් පිල මෙම ශූරතාව දිනාගත්තේය.

 අවසන් තරගයේදී ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය ජැමෙයිකා තලවාස් පිල ඕවර 17.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළ අතර ජැමෙයිකා පිලේ වැඩිම ලකුණු ලභියාවූ කි‍්‍රස් ගේල් පන්දු 48 කදී නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානයද හිමිකරගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත්විය. ගේල්ට අගනා සහයක් දුන් ඔන්ඩි‍්‍ර රසල් වේගවත් ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 18 කින් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.
අවසන් පූර්ව තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් ජැමෙයිකා තලවාස් පිලේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ කුමාර් සංගක්කාරට මෙම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 13 ක් පමණි.

Airtel සමාගම Etisalat සමාගමට විකිණිමට යයි

ග‍්‍රාහකයන් සංඛ්‍යාව අතින් ලෝකයේ හතරවන ස්ථානයේ පසුවන භාරතීය එයාර්ටෙල් සමාගමේ (Airtel) ලංකාවේ මෙහෙයෙම් කටයුතු අබුඩාබි හි එටිසලාට් සමාගම (Etisalat) වෙත විකිණිමට කටයුතු යොදා ඇතිබවට ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ති‍බේ. මෙම ගණදෙනුව සඳහා භාරතී එයාර්ටෙල් සමාගම වෙත උපදෙස් ලබාදෙනු ලබන්නේ ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව විසින් බවද පැවසේ. ලංකාවේ එයාර්ටෙල් පාර්භෝගිකයන් සංඛ්‍යාව මිලියන 1.7 කි.
 එටිසලාට් ශ‍්‍රී ලංකා හි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 4.5 ක් වන අතර ඔවුන් දැනට ලංකාවේ තෙවැනි විශාලතම දුරකථන ජාලය වේ. මිලියන 1.7 ක ග‍්‍රාහකයන් සිටින එයාර්ටෙල් හි ශ‍්‍රි ලංකාවේ මෙහෙයුම් කටයුතුවල වටිනාකම දැනට අගයකොට ඇත්තේ ඩොලර් මිලියන 110 ත් 130 අතර මුදලකටය. වසර 2007 සිට ඔවුන් ශ‍්‍රි ලංකාවේ ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කොට තිබුනත් පසුගිය කාර්තු හතරේදීම ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව වැඩිකරගැනීමට නොහැකිවූ නිසා මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් ශ‍්‍රි ලංකාවේ සිදුකල ආයෝජනය හදුන්වන්නේ මුදල් කා දැමීමේ ව්‍යාපෘතියක් ලෙසය. ඔවුන් පෙන්වාදෙන පරිදි ලංකාවේ දුරකථන ජාලයක් මගින් ලාභ ලබාගැනීමටනම් එය ලංකාවේ පළමු හෝ දෙවැනි තත්වයේ පසුවන දුරකථන ජාලය විය යුතු බවයි. එයාර්ටෙල් ලංකාවට පැමිණීමේදී බොහෝ දෙනා සිතුවේ එය විප්ලවීය වෙනසක් වනු ඇතිබවයි. එයාර්ටෙල් ලබාගැනීමට එම දිනවල බොහෝ තදබදයක් පැවති අතර බොහෝ දෙනා සිතුවේ එයාර්ටෙල් පැමිණීම සමග ඩයලොග් සමාගම කඩා වැටෙනු ඇති බවයි.

සියලූ ආනයනික කිරිපිටි වර්ග වෙළෙඳ දැන්වීම් තහනම්

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලූ පිළිබඳව සොයා බලා විසඳුම් යෝජනා කිරීමට පත්කර තිබෙන අමාත්‍ය අනුකමිටුව විසින් සියලූ ආනයනික කිරිපිටි වර්ග සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් තහනම් කිරීමට තීරණය කර තිබේ.

 අමාත්‍ය අනුකමිටුව ගත් එම තීන්දුවට අනුව ආනයනික කිරිපිටි වෙළෙඳ දැන්වීම් තහනම් කිරීමේ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ප‍්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පාරිභෝගික කටයුතු අධිකාරියටද දැනුම් දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේ ඉදිරි දින දෙක තුන ඇතුළත එම ගැසට් නිවේදනය නිකුත් කරන බවය.
ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලූව නිරාකරණය වන තෙක් ඊට අදාළ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව ඉකුත් 6 වැනිදින දිවයිනේ සියලූ ජනමාධ්‍ය ආයතනවලින් සහ කිරිපිටි සමාගම්වලින් ඉල්ලීමක්ද කර තිබිණ. කෙසේ වෙතත් ඇතැම් ජනමාධ්‍ය ආයතන සහ කිරිපිටි සමාගම් එම ඉල්ලීමට එතරම් හොඳ ප‍්‍රතිචාරයක් නොදක්වන හෙයින් නීතියක් පනවමින් එම දැන්වීම් තහනම් කළ යුතු බව අමාත්‍ය අනුකමිටුවේ අදහස වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive