ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා සතියක පමණ කාලයක් පැවිද්දත්වයට පත් කරවීම සම්බන්ධයෙන් ආගමික සංවිධානවල නායක හිමිවරු දැඩි විරෝධය පළ කරති. එම ක්‍රියාවෙන් ගැටලුවක් හෝ ශාසනයට හානියක් සිදු නොවන බවට තවත් හිමිවරු මත පළ කරති.
නළු සනත් ගුණතිලක මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පැවිදි දිවියේ ඇති වටිනාකම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත විත්රපටයක පැවිදි චරිතයක ස්වභාවය සම්බන්ධව පූර්ව අත්දැකීමක්, පුහුණුවක් ලබා ගැනීම සඳහාත් තමා සතියක පමණ කාලයක් පැවිදි දිවියට ඇතුළු වූ බවයි.

මේ පිළිබඳ කළ විමසීමකදි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියන් දැඩි විරෝධත්වයක් පළකරමින් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි. සනත් ගුණතිලක මහත්තයා හෝ වේවා මොන කවුරු හෝ වේවා තමන්ගේ රස්සාව රඟපෑම සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශාසනයට ඇතුළත්වන්න පැවිදි වූවා නම් එය ශාසනයේ ගෞරවය කෙලසීමක්. පැවිදි වීමේදි ආරාමික ශාසනික සම්ප්රදාය අනුගමනය කිරීමක් සිදුවෙලා නැහැ.

.jpg)