අනුරාධපුර, හොරොව්පතාන, නබඩවැව, පරංගියාවාඩිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී නිවසේ සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවා අතපය බැඳ කාමරයකට දමා එම සිසුවාගේ මව දූෂණය කර නිවස කොල්ලකා පළා ගිය යුද හමුදා සෙබලු සිව් දෙනෙක් අද (27)අනුරාධපුර මහජන ක්රිඩාංගනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයක් සහ සාමාන්‍ය සෙබලු තුන් දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර, නොච්චියාගම, ළඳවැව පිහිටි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අනුයුක්තව මොවුන් සේවය කරමින් සිට ඇත. දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියාද හමුදා සේවයේ නිරතව සිටී. කාන්තාව මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. 08.08.2013 දින රාත්‍රි 11.30 ට පමණ යතුරුපැදිවලින් එම නිවසට කඩා වැදුණු මෙම හමුදා කොල්ලකරුවන් හතර දෙනා නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී දරුවාගේ අතපය බැඳ කාමරයකට දමා වසා කාන්තාව හතර දෙනා විසින්ම දූෂණය කර ඇත.
අනතුරුව රුපියල් තිස්පන්දහසක මුදලක්ද, කරාබු, මුදු, ජංගම දුරකතන දෙකක්, විදුලි පන්දමක්ද කොල්කා ගෙන පළාගොස් තිබේ. කොල්ලකන ලද ජංගම දුරකථන ඔස්සේ කෙරුණු විමර්ශනයකදී සැකකරුවන් සම්බන්ධයෙන් ලද හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් කොටුකර ගන්නට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. හමුදා සෙබලු මෙම කොල්ලයට ගොස් ඇත්තේ රාජකාරියේ නිරතව සිටියදී බව අනාවරණය වී තිබේ.

.jpg)