පරිස්සමින් හොර නෝට්ටු රට පුරා

ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරෙන රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු මේ දිනවල රටේ බොහෝ ප්‍රදේශවලින් හමුවන්නට පටන්ගෙන ඇති බැවින් නෝට්ටු භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන්නැයි ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 මෙම නෝට්ටු පරිගණක මගින් මුද්‍රණය කෙරෙන බැවින් නෝට්ටු පිරිමැදීමත් සහ ‍පොඩි කිරීමෙන් ව්‍යාජ නෝට්ටුවත් සැබෑ නෝට්ටුවත් පැහැදිලිවම හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ව්‍යාජ මුදල් භාවිත කිරීම් සම්බන්ධයෙන් ආසන්නතම සිද්ධිය කල්මුනෙන් ඉකුත් 29 වෙනිදා වාර්තා වී ඇත. දහසේ නෝට්ටු 14 ක් සමග සැකකරුවන් තිදෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය සමත්ව ඇත. මන්නාරමෙන්ද, වව්නියාවෙන්ද , කළුතරින් ද ඉකුත් දිනවල ව්‍යාජ නෝට්ටු හමු වී ඇති අතර තලවිල , මඩු, මුන්නේෂ්වරන් , නල්ලූර් යන දේවස්ථාන සහ කෝවිල්වල පැවැති උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු ජාවාරම්කරුවන් බෙදා හැර තිබෙන බව ‍පොලීසියට තොරතුරු ලැබි ඇත.

පිල්ලේගෙන් ප‍්‍රභාකරන් මරා දැමූ තැන ශෝකල පලකර මල් වඩමක්

මෙරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් රජයේ හමුදා සහ කොටි සංවිධානය අතර අවසන් සටන් පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මියගිය ප‍්‍රභාකරන් ඇතුළු පිරිසට මල් වඩමක් තබා ගෞරව දැක්වීමට ගත් උත්සාහයක් රජයේ දැඩි විරෝධය නිසා අතහැර දමා ඇතැයි වාර්තා වේ.

පිල්ලේ මහත්මිය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සකස් කල නිල වැඩසටහනේ මල්වඩම් තැබීමක් ගැන සඳහන් වූයේද නැත.

එහෙත් ඇය වෙල්ලමුල්ලි වයික්කාල් හිදී මලන් වඩමක් තබා ප‍්‍රභාකරන් ඇතුළු මියගියවුන්ට ගෞරව දැක්වීමට යන පුවත වාර්තා වීමෙන් පසුව ආරක්‍ෂක සහ විදේශ කටයුතු අමාත්‍යංශ විසින් දැනුම් දී ඇත්තේ ඊට දැඩි මහජන විරෝධයක් මතුවිය හැති බවයි.මෙම ක‍්‍රියාව කිසිසේතම අනුමත නොකරන බව රජය විසින් රාජතාන්ත‍්‍රික මට්ටමින් දැනුම් දීමෙන් පසු සිය මල්වඩම තැබීමේ අදහස අවසන් මොහොතේ අතහැර දැමීමට මහකොමසාරිස්වරිය කටයුතු කර ඇත.

සනත්ට, මිනීමරුවකුගේ චරිතයක් දෙන්න එපා -රාවණා බලය

චිත්‍රපටයක භික්ෂුවකගේ චරිතයට රඟපෑම සඳහා පෙරහුරුවක් ලෙස මහන වූ බව පවසන සනත් ගුණතිලක මහතාට, වැරදීමකින් හෝ මිනීමරුවකුගේ චරිතයක් සඳහා ඇරයුම් නොකිරීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකයින් වගබලා ගත යුතු යයි ‘රාවණා බලය’ සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කර සිටිති.

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා හඟුරන්කෙත විමලරතන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වීම පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් විය. ඒ මහතා පැවිදිව ඇත්තේ සතියක කාලයක් සඳහා තාවකාලිකව බවද පැවැසිනි.

පැවිදි දිවියේ ගත කරන කාලය ගැන නොසිතා මෙම සිදුවීමට විශාල ප්‍රසිද්ධියක් හිමි වූයේ සනත් ගුණතිලක මහතා මෙරට ජනප්‍රියම රංගන ශිල්පියකු වූ හෙයිනි. කෙසේ වෙතත් මෙම පැවිදි වීම පසුව භික්ෂූ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ අතර ඇතැම් භික්ෂූහු එය දැඩි ලෙස විවේචනය කළොය.බුදුරජාණන් වහන්සේගේ කාලයේ තාවකාලිකව පැවිදි ජීවිතයට ඇතුළත් වූවන් ගැන වාර්තා වන්නේ නැත. මේ සංකල්පය ක්‍රියාත්මක වන්නේ තායිලන්තයේයි. පැවිදි ජීවිතයට ඇතුළත් වූවෙකු රටට ආදරය කරන, සංවර, හික්මීමෙන් යුක්ත, ආචාරශීලී පුද්ගලයෙකු බවට පත් වන බව විශ්වාස කරන තායිලන්ත ජාතිකයන් තාවකාලිකව හෝ පැවිදි දිවියේ සිටි අයට විශේෂ සැලකිල්ලක් දක්වයි.

ලවි සීන් එකක්‌ රගපානවා කියන්නේ අවදානම් වැඩක්‌ - මංජුලා කුමාරි

අද සමාජයේ කලා ක්‍ෂේත්‍රයේ සිටින ආදරණීය චරිත ගැන මාධ්‍ය මගින් විවිධ වූ ආකාරයෙන් කතා බහ කරනවා. ඒ අතරට නව ආරකින් එක්‌වූ කතා බහක්‌ වන ජීවිතය ආදරය විරහව පිළිබඳ මෙවර අපි කතා බහ කළේ ජනප්‍රිය රංගන ශිල්පිනිය වූ මංජුලා කුමාරි සමගයි.

"මගේ ජීවිතේ කුඩා කාලේ සිටම ගතවුණේ අම්මගෙයි ආච්චි අම්මගෙයි තද රැකවරණය යටතේ. ඒ ලෙන්ගතු බැඳීම නිසා සමාජමය අත්දැකීම් ලබන අවධිය වන විට ඕනම අවස්‌ථාවකට මුහුණ දෙන්න ගැහැනුq ළමයෙක්‌ තුළ තිබිය යුතු ශක්‌තිය ගොඩනැගිලා තිබුණා. ඇත්තටම ඒ ආදරය තමයි මේ මොහොත දක්‌වා මාව ජීවත් කළේ.

ඒ නිසා තමයි පිරිමි ළමයෙකුගෙන් ආදර යෝජනාවක්‌ ලැබුණත් සාර්ථකව එය ප්‍රතික්‍ෂේප කරන්න හිතේ ශක්‌තියක්‌ ගොඩනැගිලා තිබුණේ. මට මතකයි එක දවසකදි හතර දෙනෙක්‌ මගෙන් ආදරේ ඉල්ලගෙන ආවා. ඒ හැමෝටම අනේ සොරි මගේ හිතේ එහෙම හැඟීමක්‌ දැනිලා නැහැ කියලා කරුණාවෙන් පහදලා දුන්නා.

මම ගණන් ගන්නෙම නැති දෙයක් තමයි කටකතා කියන්නේ - Ruwangi Rathnayake

ඇය රුවන්ගි රත්නායක. ඉතාම කෙටි කාලයකින් රංගන ‍ක්ෂේත්‍රයේ බොහෝ දුරක් පැමිණීමට මේ වන විට ඇයට හැකියාව ලැබී ඇත. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය වල වැඩියෙන්ම දැකගත හැකි නිළිය රුවන්ගි යැයි කීම නිවැරදිය.අපි රුවන්ගි ගේ නවතම තොරතුරු විමසා බලමු.

මේ දවස්වල ඔබ රංගනයෙන් එක්වන ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ, ස්වර්ණවාහිනියේ ‘තරුමලී’ සහ දෙරණ නාළිකාවේ ‘සිහින සිත්තරාවි’ ටෙලිනාට්‍ය. මම රඟපෑ ‘අංගනා’ ටෙලිනාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙනවා.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය කීපයක්ම පසුගිය දිනවල විවිධ නාළිකාවල එකම වේලාවේ විකාශය වුණා නේද?

ඔව්. මීට මාස දෙක තුනකට පෙර රාත්‍රී 7.30ත් රාත්‍රී 9.00ත් අතර නාළිකා හතරක මගේ ටෙලිනාට්‍ය හතරක් විකාශය වුණා. ඒ; ‘මල්දෙවැට’, ‘සොඳුරු ගිම්හානය’, ‘සිටුමැදුර’, ‘සිහින සිත්තරාවි’ යන ටෙලිනාට්‍ය.

ටෙලි ග්‍රෑම් යයි ටෙලි මේල් එයි

ටෙලිකොම් ආයතනය මඟින් ක්‍රියාත්මක කරන විදුලි පණිවුඩ සේවාව (ටැලිග්‍රෑම්) නවතා දැමුවත් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ‘ටෙලි මේල්’ සේවාව ක්‍රියාත්මක කරනු ලබන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සිළුමිණට කීය.

විදුලි පණිවුඩ සේවාවට සමාන සේවාවක් වන ‘ටෙලි මේල්’ සේවාව මඟින් විදුලි පණිවුඩ සේවාවම සිදු කෙරෙන අතර එම සේවාව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් ම සිදු කෙරේ.

රුපියල් 30 ක මුදලකට මෙම සේවාව සපයනු ලබන අතර යවන්නාට රිසිට් පතක් මෙම සේවාවෙන් ද ලබා දෙන බව තැපැල්පතිවරයා පවසයි.

ආසියාවේ විශාලම කුඩු තොගය අල්ලයි - වටිනාකම බිලියන 10 පනී

රුපියල් බිලියන 10 කට වැඩි වටිනා කමින් යුත් බ්‍රවුන් ශුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 කට අධික මත් ද්‍රව්‍ය තොගයක් අද ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පකිස්තානු ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් තොගය මෙතෙක් ආසියානු කලාපයේදී අත් අඩංගුවට ගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය වන අතර මිට පෙර බංගලාදේශයේදී එරට ආරක්ෂක අංශ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබිණි.
පකිස්ථානයේ කරච්චි නුවර සිට "ශා" ඉන්ද්‍රස්ට්‍රිස් නමැති සමාගමක් යටතේ මෙම හෙරොයින් තොගය සහිත කන්ටේනරය ගේනවා ඇත. එතුල තුල තිබී මෙම මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනුණි. වාහන වලට යොදන ග්‍රීස් සහ හාඩ්වෙයා උපකරණ ගෙන්වන බව පවසා මෙම කන්ටේනරය මෙරටට ගෙනවිත් ඇති අතර එහිදී කන්ටේනරයේ අඩංගුව තිබුණු ග්‍රීස් ටින් වල ග්‍රීස් ඉවත්කර පොලිතින්වල ඔතන ලද හෙරොයින් සගවා තිබේ.

නවසීලන්තය අලූත් පොතක් පෙරලයි… ලංකාව දියර කිරෙන් ස්වංපෝෂිත කරනවාලූ

ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වන විට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන සදහා අනුග්‍රහය සහ පූර්ණ සහයෝගය ලබාදීමට නවසීලන්ත රජය ඊයේ සිය එකඟත්වය පළ කළේය.

මේ යටතේ දේශීය කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම, කිරි ගොවින් දිරිමත් කිරීම සහ උසස් තත්ත්වයේ කිරි ගවයින් ප්‍රවර්ධනය කිරීමේ ඇතුළු වැඩසටහන්වලට සහාය ලබාදීමටද කිරි ගොවිපොළවල් ආරම්භ කිරීමට සහ කිරි නිෂ්පාදනය සදහා අවශ්‍ය ආධාර, දැනුම සහ තාක්ෂණය ලබාදීමටද නවසීලන්ත රජය ඉදිරියේදී කටයුතු කරනු ඇත.

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන නවසීලන්තයේ විදේශ කටයුතු ඇමැති මුරේ මැක්කුලි මහතා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අගෝස්තු 29වැනිදා පස්වරුවේදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත නවසීලන්ත රජය මෙම එකඟත්වය පළකරනු ලැබීය.මේ පිළිබඳව නවසීලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන නොවැම්බර් මසදී අත්සන් කිරීමටද එහිදි යෝජනා විය.

Gossip Lanka Hot News Previous News Archive