දැන් නම් යාළු මිතුරුකම් වෙනුවෙනුත් සම්මාන දෙනවා - ගයනා සුදර්ශනී

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන වීදි පහන් ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක් ගයනා සුදර්ශනී නිරූපණය කරයි. අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇයගේ තොරතුරු අපි සොයා බැලුවා.

ඉතිං ගයනා ‘වීදි පහන් නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
තාම කොටස් කිහිපයයි විකාශය වුණේ ස්වර්ණවාහිනි නාලිකාවේ 7.30ට තමයි මේ නාට්‍යය විකාශනය වෙන්නේ. නාට්‍ය අධ්‍යක්ෂණය කළේ මාලක නන්දන. නිෂ්පාදෙනය කළේ මගේ සැමියා සහන් විජේසිංහ. නාට්‍ය විකාශය වෙලා කෙටි කාලයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

නාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්
කොළඹ අවට පේළි ගෙයක ජීවත් වෙන පර්ල් නමැති කාන්තාවක් බත් පැකට් විකුණමින් සැමට උදව් කරමින් ජීවත් වන ගැහුනු චරිතයක්.

මෑත කාලයේ ඔබ නිරූපණය කළ චරිත බොහොමයක් මෙවැනිම චරිත ?
‍පොළොවේ පය ගහලා ජීවත් වෙන චරිතවලට තමයි මිනිස්සු කැමැති. මේකප් ගාගෙන ඉන්න චරිතවලට වඩා තාත්වික චරිතවලින් ප්‍රේක්ෂකයාට ඇතිවිය හැකි හැඟීම් ගොඩක් තියෙනවා.

විවාහය කල්ගියා - සමාධි

චීත්ත ගවුමයි, පන් මල්ලයි මලීගේ අනන්‍යතාවක් වගේ. ඒ මලී... එත් මලී වුණ සමාධි එකම රාමුවකට කොටු වෙනවාට ඇගේ ප්‍රේක්‍ෂකයෝ කැමැති නෑ. මලීගෙන් පස්සේ සමාධි නිහඬයි. ඒ නිහඬතාවට හේතු හොයන්නයි අපිට ඕනෑ වුණේ...


• ඉතිං... ඉතිං.... සමාධි...?
හොඳින් ඉන්නවා ඉතිං...


• මොකද සද්ද බද්ද නැත්තේ...?
මම කොහොමත් නිහඬ කෙනෙක්නේ.... කවදත් මම සද්ද කළේ නෑනේ...


• 'මලී'ගෙන් පස්සේ පේන්න නැත්තේ ඇයි...?
ටෙලි නාට්‍ය දෙකක් කළා. 'මහමෙරකි නුඹ මට', 'දුවන බාබර්' ටෙලි නාට්‍ය තාම විකාශය වුණේ නෑ.... වෛශ්නාවි, මම රඟපාපු එකම චිත්‍රපටයත් තාම තිරගත වුණේ නෑනේ... මං හිතන්නේ මේ මගේ විරාම කාලයක්ද කොහෙද?

පරිස්සමින් හොර නෝට්ටු රට පුරා

ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරෙන රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු මේ දිනවල රටේ බොහෝ ප්‍රදේශවලින් හමුවන්නට පටන්ගෙන ඇති බැවින් නෝට්ටු භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන්නැයි ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 මෙම නෝට්ටු පරිගණක මගින් මුද්‍රණය කෙරෙන බැවින් නෝට්ටු පිරිමැදීමත් සහ ‍පොඩි කිරීමෙන් ව්‍යාජ නෝට්ටුවත් සැබෑ නෝට්ටුවත් පැහැදිලිවම හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ව්‍යාජ මුදල් භාවිත කිරීම් සම්බන්ධයෙන් ආසන්නතම සිද්ධිය කල්මුනෙන් ඉකුත් 29 වෙනිදා වාර්තා වී ඇත. දහසේ නෝට්ටු 14 ක් සමග සැකකරුවන් තිදෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය සමත්ව ඇත. මන්නාරමෙන්ද, වව්නියාවෙන්ද , කළුතරින් ද ඉකුත් දිනවල ව්‍යාජ නෝට්ටු හමු වී ඇති අතර තලවිල , මඩු, මුන්නේෂ්වරන් , නල්ලූර් යන දේවස්ථාන සහ කෝවිල්වල පැවැති උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු ජාවාරම්කරුවන් බෙදා හැර තිබෙන බව ‍පොලීසියට තොරතුරු ලැබි ඇත.

පිල්ලේගෙන් ප‍්‍රභාකරන් මරා දැමූ තැන ශෝකල පලකර මල් වඩමක්

මෙරට සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් රජයේ හමුදා සහ කොටි සංවිධානය අතර අවසන් සටන් පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මියගිය ප‍්‍රභාකරන් ඇතුළු පිරිසට මල් වඩමක් තබා ගෞරව දැක්වීමට ගත් උත්සාහයක් රජයේ දැඩි විරෝධය නිසා අතහැර දමා ඇතැයි වාර්තා වේ.

පිල්ලේ මහත්මිය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සකස් කල නිල වැඩසටහනේ මල්වඩම් තැබීමක් ගැන සඳහන් වූයේද නැත.

එහෙත් ඇය වෙල්ලමුල්ලි වයික්කාල් හිදී මලන් වඩමක් තබා ප‍්‍රභාකරන් ඇතුළු මියගියවුන්ට ගෞරව දැක්වීමට යන පුවත වාර්තා වීමෙන් පසුව ආරක්‍ෂක සහ විදේශ කටයුතු අමාත්‍යංශ විසින් දැනුම් දී ඇත්තේ ඊට දැඩි මහජන විරෝධයක් මතුවිය හැති බවයි.මෙම ක‍්‍රියාව කිසිසේතම අනුමත නොකරන බව රජය විසින් රාජතාන්ත‍්‍රික මට්ටමින් දැනුම් දීමෙන් පසු සිය මල්වඩම තැබීමේ අදහස අවසන් මොහොතේ අතහැර දැමීමට මහකොමසාරිස්වරිය කටයුතු කර ඇත.

සනත්ට, මිනීමරුවකුගේ චරිතයක් දෙන්න එපා -රාවණා බලය

චිත්‍රපටයක භික්ෂුවකගේ චරිතයට රඟපෑම සඳහා පෙරහුරුවක් ලෙස මහන වූ බව පවසන සනත් ගුණතිලක මහතාට, වැරදීමකින් හෝ මිනීමරුවකුගේ චරිතයක් සඳහා ඇරයුම් නොකිරීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකයින් වගබලා ගත යුතු යයි ‘රාවණා බලය’ සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කර සිටිති.

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා හඟුරන්කෙත විමලරතන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වීම පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් විය. ඒ මහතා පැවිදිව ඇත්තේ සතියක කාලයක් සඳහා තාවකාලිකව බවද පැවැසිනි.

පැවිදි දිවියේ ගත කරන කාලය ගැන නොසිතා මෙම සිදුවීමට විශාල ප්‍රසිද්ධියක් හිමි වූයේ සනත් ගුණතිලක මහතා මෙරට ජනප්‍රියම රංගන ශිල්පියකු වූ හෙයිනි. කෙසේ වෙතත් මෙම පැවිදි වීම පසුව භික්ෂූ සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ අතර ඇතැම් භික්ෂූහු එය දැඩි ලෙස විවේචනය කළොය.බුදුරජාණන් වහන්සේගේ කාලයේ තාවකාලිකව පැවිදි ජීවිතයට ඇතුළත් වූවන් ගැන වාර්තා වන්නේ නැත. මේ සංකල්පය ක්‍රියාත්මක වන්නේ තායිලන්තයේයි. පැවිදි ජීවිතයට ඇතුළත් වූවෙකු රටට ආදරය කරන, සංවර, හික්මීමෙන් යුක්ත, ආචාරශීලී පුද්ගලයෙකු බවට පත් වන බව විශ්වාස කරන තායිලන්ත ජාතිකයන් තාවකාලිකව හෝ පැවිදි දිවියේ සිටි අයට විශේෂ සැලකිල්ලක් දක්වයි.

ලවි සීන් එකක්‌ රගපානවා කියන්නේ අවදානම් වැඩක්‌ - මංජුලා කුමාරි

අද සමාජයේ කලා ක්‍ෂේත්‍රයේ සිටින ආදරණීය චරිත ගැන මාධ්‍ය මගින් විවිධ වූ ආකාරයෙන් කතා බහ කරනවා. ඒ අතරට නව ආරකින් එක්‌වූ කතා බහක්‌ වන ජීවිතය ආදරය විරහව පිළිබඳ මෙවර අපි කතා බහ කළේ ජනප්‍රිය රංගන ශිල්පිනිය වූ මංජුලා කුමාරි සමගයි.

"මගේ ජීවිතේ කුඩා කාලේ සිටම ගතවුණේ අම්මගෙයි ආච්චි අම්මගෙයි තද රැකවරණය යටතේ. ඒ ලෙන්ගතු බැඳීම නිසා සමාජමය අත්දැකීම් ලබන අවධිය වන විට ඕනම අවස්‌ථාවකට මුහුණ දෙන්න ගැහැනුq ළමයෙක්‌ තුළ තිබිය යුතු ශක්‌තිය ගොඩනැගිලා තිබුණා. ඇත්තටම ඒ ආදරය තමයි මේ මොහොත දක්‌වා මාව ජීවත් කළේ.

ඒ නිසා තමයි පිරිමි ළමයෙකුගෙන් ආදර යෝජනාවක්‌ ලැබුණත් සාර්ථකව එය ප්‍රතික්‍ෂේප කරන්න හිතේ ශක්‌තියක්‌ ගොඩනැගිලා තිබුණේ. මට මතකයි එක දවසකදි හතර දෙනෙක්‌ මගෙන් ආදරේ ඉල්ලගෙන ආවා. ඒ හැමෝටම අනේ සොරි මගේ හිතේ එහෙම හැඟීමක්‌ දැනිලා නැහැ කියලා කරුණාවෙන් පහදලා දුන්නා.

මම ගණන් ගන්නෙම නැති දෙයක් තමයි කටකතා කියන්නේ - Ruwangi Rathnayake

ඇය රුවන්ගි රත්නායක. ඉතාම කෙටි කාලයකින් රංගන ‍ක්ෂේත්‍රයේ බොහෝ දුරක් පැමිණීමට මේ වන විට ඇයට හැකියාව ලැබී ඇත. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය වල වැඩියෙන්ම දැකගත හැකි නිළිය රුවන්ගි යැයි කීම නිවැරදිය.අපි රුවන්ගි ගේ නවතම තොරතුරු විමසා බලමු.

මේ දවස්වල ඔබ රංගනයෙන් එක්වන ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?

මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම්වලට දායක වෙනවා. ඒ, ස්වර්ණවාහිනියේ ‘තරුමලී’ සහ දෙරණ නාළිකාවේ ‘සිහින සිත්තරාවි’ ටෙලිනාට්‍ය. මම රඟපෑ ‘අංගනා’ ටෙලිනාට්‍යය මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙනවා.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය කීපයක්ම පසුගිය දිනවල විවිධ නාළිකාවල එකම වේලාවේ විකාශය වුණා නේද?

ඔව්. මීට මාස දෙක තුනකට පෙර රාත්‍රී 7.30ත් රාත්‍රී 9.00ත් අතර නාළිකා හතරක මගේ ටෙලිනාට්‍ය හතරක් විකාශය වුණා. ඒ; ‘මල්දෙවැට’, ‘සොඳුරු ගිම්හානය’, ‘සිටුමැදුර’, ‘සිහින සිත්තරාවි’ යන ටෙලිනාට්‍ය.

ටෙලි ග්‍රෑම් යයි ටෙලි මේල් එයි

ටෙලිකොම් ආයතනය මඟින් ක්‍රියාත්මක කරන විදුලි පණිවුඩ සේවාව (ටැලිග්‍රෑම්) නවතා දැමුවත් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ‘ටෙලි මේල්’ සේවාව ක්‍රියාත්මක කරනු ලබන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සිළුමිණට කීය.

විදුලි පණිවුඩ සේවාවට සමාන සේවාවක් වන ‘ටෙලි මේල්’ සේවාව මඟින් විදුලි පණිවුඩ සේවාවම සිදු කෙරෙන අතර එම සේවාව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් ම සිදු කෙරේ.

රුපියල් 30 ක මුදලකට මෙම සේවාව සපයනු ලබන අතර යවන්නාට රිසිට් පතක් මෙම සේවාවෙන් ද ලබා දෙන බව තැපැල්පතිවරයා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive