පළාත් සභා මැතිවරණයේ වයඹ පළාත් සභාවේ පඬුවස්නුවර ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් තිදෙනාට ආධාර පිණිස පැවැති ජනතා හමුවකදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවැසීය.
බල්ලන්ටත් කසාද බඳින්න පුළුවන් මේ රටේ කොල්ලන්ට මගුල් පෝරුවට නැගලා කසාදයක් බැඳගන්න හැකියාවක් නැතිවෙලා. ඒක සමාජයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. හේතුව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොවීම. තරුණ කොල්ලන්ට රැකියාවක් නැහැ. නිෂ්පාදනයක් කළොත් එයට වෙළෙඳපොළක් නැහැ. ඔන්න ඔය හේතූන් නිසා ඒ අයගේ අතමිට සරු නැතිකමෙන් නියම කලවයසේදී කසාදයක් බැඳගන්නවත් බැරුව ගිහින් තියෙන්නෙ.
මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මක එකක්. මොකද අපි දැකලා තියෙනවා ඔබේ ඡන්දයෙන් බලය අරගෙන ඔවුන් ඉහළ තලයේ ඉඳගෙන ඔබේ දරුවන්ට කරල තියෙන වින්නැහිය පිළිබඳ. ඇමැතිවරු, මහ ඇමැතිවරු, නගරාධිපතිවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඔවුන්ගේ පහළ නියෝජිතයන් සමග ජනතා සේවය සලසන අපූරුව. කුඩා දැරියගේ ඉඳල වයෝවෘද්ධ කාන්තාව දක්වා දූෂණයට ලක්කරල මරා දමලා. ඒ විතරක් නෙවෙයි පිරිමි දරුවකුටවත් පාරේ බැහැල යන්න ඉඩදෙන්නෙ නැහැ.







