23 හැවිරිදි එක් දරු මවගෙන් 15 හැවිරිදි දරුවාට අතවරයක්

අම්බලන්තොට පොලිස් වසමේ දෙහිගහලන්ද ප්‍රදේශයේ 23 හැවිරිදි එක් දරු කාන්තාවක් 15 හැවිරිදි පිරිමි දරුවකු ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා කරමින් දරුවාගේ මිත්තණිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.

සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ආරක්ෂක සේවයට සම්බන්ධ ආයතනයක රැකියාව කරන සැකකාරියගේ පුරුෂයා රාත්‍රි සේවා මුරය සඳහා පිටව යෑමෙන් පසු ඔවුන්ගේ නිවෙස අසල නිවෙසක සිටින මෙම පිරිමි දරුවා සැකකාරියගේ තනියට එම නිවෙසේ රැය ගත කිරීම කලක් තිස්සේ සිදු වී තිබේ. පසුගිය 27 වැනිදා රාත්‍රි එසේ රැය ගතකොට උදේ පිරිමි දරුවාගේ නිවෙසට ගියවිටදී දරුවාගේ අපහසුතා රැසක් දුටු දරුවාගේ මිත්තණිය දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී සිදු වූ සියල්ල හෙළි වී ඇත. ඒ අනුව 28 වැනිදා මිත්තණිය දරුවා සමඟ අම්බලන්තොට පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ.

ඉන්දියාව කැළැඹූ සුරූපිනිය Sunny leone

මීට සතියකට පමණ පෙර, ඉන්දියාවේ මුම්බායි නුවරදී 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දුෂණයට ලක්විණි. එම අපරාධය කළ සිව්දෙනා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, රෝහල් ගත කළ තරුණියගේ තත්ත්වය යහපත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා, මුම්බායි නුවරදී සරසවි සිසුවියක ඉතා කුරිරු ආකාරයට සමූහ දුෂණයට ලක්වීමත්, පසුව ඇය මිය යෑමේ සිදුවීමෙනුත් පසු, ඡායාරූප මාධ්‍යවේදිනිය සමූහ දුෂණයට ලක්වීම, යළිත් වරක් ඉන්දියාව කැළැඹීමට සමත් විය. 
 ඉන්දියාවේ මේ අයුරින් ස්තී‍්‍ර දුෂණ ඉහළ යෑම කනගාටුවට කරුණක් බවත් එවැනි දේ සිදුනොවීමට වගබලා ගත යුතු බවත් බොලිවුඞ් සුපිරි නළු අමිතාබ් බච්චන් ඉතා හැඟීම්බරව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදී කීවේය. රටේ කාන්තාවන් ආරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජයට නොහැකි යැයි යළිත් වරක් චෝදනා එල්ල වන්නට විය. ඉකුත් වසරේ සරසවි සිසුවිය සමූහ දුෂණයට ලක් වූ අවස්ථාවේදී, ඉන්දීය සමාජය පිරිහීමට හේතුව ඇතැම් බොලිවුඞ් සිනමා නිර්මාණ යැයි ද චෝදනා නැගෙන්නට විය. 
ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගත් බොලිවුඞ් චිත‍්‍රපටයක් වූයේ ‘ජිසම් 2’ ය. ‘ජිසම් 2’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කළ නිළිය සනී ලියොන්ට ද දොස් අහන්න සිදුවිය. සනී ලියොන් ඉන්දියාවට ගෙන්වා ගැනීම අනුවණ කි‍්‍රයාවකැයි ඇතැම්හු චෝදනා කරන්න වූහ. ඉන්දීය සම්භවයක් සහිත සනී ලියොන් යනු කැනේඩියානු ජාතික ‘නිල් චිත‍්‍රපට’ නිළියකි. අද ඇය බොලිවුඞ් නිළියක ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියත් ඇය ලොව කාගේත් අවධානය දිනා ගත්තේ නිල් චිත‍්‍රපට සුරූපිනියක ලෙසිනි. 

අද බල්ලන්ට මගුල් ගන්න පුළුවන් වුණාට කොල්ලන්ට බෑ

පළාත් සභා මැතිවරණයේ වයඹ පළාත් සභාවේ පඬුවස්නුවර ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් තිදෙනාට ආධාර පිණිස පැවැති ජනතා හමුවකදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවැසීය.

බල්ලන්ටත් කසාද බඳින්න පුළුවන් මේ රටේ කොල්ලන්ට මගුල් පෝරුවට නැගලා කසාදයක් බැඳගන්න හැකියාවක් නැතිවෙලා. ඒක සමාජයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. හේතුව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොවීම. තරුණ කොල්ලන්ට රැකියාවක් නැහැ. නිෂ්පාදනයක් කළොත් එයට වෙළෙඳපොළක් නැහැ. ඔන්න ඔය හේතූන් නිසා ඒ අයගේ අතමිට සරු නැතිකමෙන් නියම කලවයසේදී කසාදයක් බැඳගන්නවත් බැරුව ගිහින් තියෙන්නෙ.

මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මක එකක්. මොකද අපි දැකලා තියෙනවා ඔබේ ඡන්දයෙන් බලය අරගෙන ඔවුන් ඉහළ තලයේ ඉඳගෙන ඔබේ දරුවන්ට කරල තියෙන වින්නැහිය පිළිබඳ. ඇමැතිවරු, මහ ඇමැතිවරු, නගරාධිපතිවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඔවුන්ගේ පහළ නියෝජිතයන් සමග ජනතා සේවය සලසන අපූරුව. කුඩා දැරියගේ ඉඳල වයෝවෘද්ධ කාන්තාව දක්වා දූෂණයට ලක්කරල මරා දමලා. ඒ විතරක් නෙවෙයි පිරිමි දරුවකුටවත් පාරේ බැහැල යන්න ඉඩදෙන්නෙ නැහැ.

කම්හල රතුපස්‌වලින් යයි

විශාල මතභේදයකට තුඩුදුන් වැලිවේරිය රතුපස්‌වල හේලිස්‌ වෙනිග්‍රොස්‌ අත්වැසුම් කර්මාන්තශාලාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.මෙම වෙනිග්‍රොස්‌ කර්මාන්තශාලාව වෙනත් ප්‍රදේශයකට ගෙන යන ලෙස එම පාලන අධිකාරියට දැනුම් දුන් බවත් එම කර්මාන්තශාලාව ස්‌ථාපිත කිරීම සඳහා සුදුසු ප්‍රදේශ දෙකක ඉඩම් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

වැලිවේරිය අවට ගම්වල ළිං ජලයේ ‘පී.එච්. අගය අඩුවීමට මූලිකව බලපා ඇත්තේ මේ අත්වැසුම් කම්හලින් ඉවත දමන අපද්‍රව්‍ය බව පවසමින් එම ආයතනය වසා දමන ලෙස රජයට බල කරමින් පන්සීයකට ආසන්න ප්‍රදේශවාසීහු පිරිසක් ‘වෙනිගේ‍රා්ස්’ ආයතනයේ පිවිසුම් ‍ෙදාරටුව අවහිර කර උපවාසයට සහයෝගය දක්වමින් රැඳී සිටියහ.

පසුගිය 30 වැනි දින උදේ වරුවේ ගම්පහ අධිකරණයේ පැවැති නඩු විභාගය කල් ගිය පසු කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවැසුවේ පී.එච්. අගය අඩුවීමට මේ කර්මාන්ත ශාලාව බලපාන බවට අධිකරණයට ඉදිරිපත් කර ඇති පරීක්‍ෂණ වාර්තාවලින් ඔප්පු වී නැති බවය. නිෂ්පාදන කටයුතු නවතා දැමීමට අධිකරණය තීන්දුවක් ලබාදී නැති නිසා කර්මාන්ත ශාලාව නැවැත විවෘත කිරීමේ හැකියාව පවතින බව නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සමඟ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් වෙනිගේ‍රා්ස් ආයතනය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයට සහභාගි වූහ.

ෆොන්-‘ටෙරා’ කිරිපිටිවලට තවත් දහ-ජරාවක් එක් කරන බව හෙළි වේ

ෆොන්ටෙරා සමාගම මගින් නිපදවන පිටිකිරි ලොවේ අංක එකේ නැවුම් එලකිරි ලෙස වියළා සකසාගත් කිරිපිටි බවට මාධ්‍ය ඔස්සේ පවසා මුළු ලෝකයම අල්ලා ගත්තද අදවන විට ඔවුන් විසින් නිපදවන කිරිපිටි නොවන කිරිපිටි ගැන ලෝකයාට එලිදරව් වීමට පටන්ගෙන ඇත.

මෙතෙක් කල් අප විසින් පෙන්වාදුන් පරිදි ෆොන්ටෙරා සමාගම විසින් ඔවුන්ගේ කිරිපිටිවලට මෙලමයින්, ඞී.සී.ඞී., නයිට්රේට් හා වෙනත් තෙල් වර්ග මිශ‍්‍ර කරන බව අදවන විට ඔප්පු වී ඇත. එමෙන්ම එය පිළිගැනීමට ද ෆොන්ටෙරා සමාගමට සිදුවී ඇත. මෙම ද්‍රව්‍ය වලට අමතරව Fonterra සමාගම මගින් මහා පරිමාණ වශයෙන් නිපදවන චීස් හා Whey Protein වල අපද්‍රව්‍යයක් වන Permeate ැ නැමැති කොටස ද වියළා මෙම කිරිපිටිවලට කලවම්කර ඇත. ඒ ගැන නවසීලන්තයේ මාධ්‍ය මගින් ද මේ බව ප‍්‍රසිද්ධ කර ඇත.

මොනවද මේ අපි නොදන්නා “Permeate”

Permeate යනු බටර් හා චීස් නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන දියරය Ultrafiltration නැමැති ක‍්‍රමවේදයට ලක්කර වේප්‍රෝටීන අයින් කරගත් පසු ඉතිරිවන දියරය වේ. මෙහි සැලකිය යුතු Lactose ප‍්‍රමාණයක් හා චීස් හා වේප්‍රෝටීන ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේදී එක්වන වෙනත් ද්‍රව්‍යයද මුසු වූ ඉවතලන අපද්‍රව්‍යයක් වේ. මෙය පල්දෝරු වෙත යැවිය යුතු අපද්‍රව්‍යයක් මිස කිරි ලෙස භාවිතා කළ යුතු ද්‍රව්‍යයක් නොවේ.

අත් බැඳ කටට පාන්කඩ ඔබා සීයා ළදැරියට අතවර කරලා

අසල නිවෙසක පදිංචි 12 හැවිරිදි දැරියකට කඩයට ගොස් තමාට බුලත්, පුවක් ගෙනැවිත් දෙන ලෙස පවසා ඒ සඳහා මුදල් ලබා ගැනීමට නිවෙසට පැමිණි දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ 63 හැවිරිදි පුද්ගලයකු වැලිමඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස විනිසුරු එන්. ඩබ්ලිව්. ලංකාපුර මෙනවිය 31දා නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ වැලිමඩ නුගතලාව දිවුරුම්ගම පදිංචි 63 හැවිරිදි විවාහකයකු වන ආර්. ඩී. නෝනිස් නමැති සැකකරුය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැලිමඩ පොලිසියේ පොලිස් සැරයන් එස්. ඒ. කුමාර (6081) මෙසේ පැවැසීය.

නෝනිස් සීයාට බුලත්, පුවක් ගෙන ඒමට යෑමට අවශ්‍ය බව දැරිය මවට පවසා මුදල් ලබා ගැනීමට සැකකරුගේ නිවෙසට ගිය විට අත්දෙක බැඳ කටට රෙදි පාන්කඩයක් ඔබා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත. දැරියගේ මව ටික වේලාවකින් සැකකරුගේ නිවෙසට ගොස් තම දියණිය පැමිණියාද යන්න විමසූ විට නොපැමිණි බවද පවසා ඇත. කටේ රෙදි ඔබා තිබූ නිසා ඒ අවස්ථාවේ දැරියට කතා කිරීමට නොහැකිව ඇත.

හඟුරන්කෙත විමලරතන හිමි සිවුරු හැර යයි

යළි සනත් ගුණතිලක වෙයි
ප්‍රවීන සිනමා නළු පැවදිදම් පුරා සතියකින් පසු චාරිත්‍රානුකූලව සිවුරු හැර ගිය බව කීනියාවල පාලිත හිමියෝ ඊයේ ප්‍රකාශ කළහ.

සනත් ගුණතිලක මහතා පැවදිදම් පිරූ කාලය තුළදී පන්සලේ ධර්මානුකූලව ජීවත් වූ බවත් ඔහු සිවුරට අගෞරවයක්‌ නොකළ බවත් උන්වහන්සේ කීහ.චාරිත්‍රානුකූලව පැවිදිදම් පිරූ ඔහු හඟුරන්කෙත විමලරතන නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වූ අතර සතියකින් පමණ පසු ඔහු මෙසේ චාරිත්‍රානුකූලව සිවුරෙන් ඉවත් වූ බවද උන්වහන්සේ කීහ.

මෙවැනි සිද්ධීන් පිටරටවල පවා සිදුවෙන බවත් සමහරු මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක්‌කිරීම අසාධාරණ බවත් උන්වහන්සේ කීහ.මේ පිළිබඳව සනත් ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ තමාගේ සිනාව අතරින් නමැති චිත්‍රපටය සඳහා තමා තාවකාලිකව මෙසේ පැවිදිදම් පිරුවේ චාරිත්‍රානුකූලව බවය.බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේ තමා මෙසේ පැවිදිදම් පිරූ බවත් ඔහු කීවේය.

නෙල්සන් මැන්ඩෙලා රෝහලෙන් පිටව යයි

දීර්ඝ කාලයක් රෝහල්ගතව, ප‍්‍රතිකාර ලබමින් සිටි දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝහලෙන් නික්මී අද (01) නිවස බලා පිටත්ව ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ එරට ජනාධිපති මන්දිරය මගින් මේ බව තහවුරු කර ඇති බවයි.
 95 හැවිරිදි මැන්ඩෙලා අද රෝහලෙන් නික්මී ජොහැනස්බර්ග් නුවර පිහිටි නිවස බලා ගිය බව විදෙස් වාර්තා සදහන් කරයි. දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රිටෝරියා රෝහලක ප‍්‍රතිකාර ලබන්නේ පසුගිය ජුලි 8 වන දා සිටය.
මැන්ඩෙලා පෙනහළු ආබාධයකට ලක්ව සිටින අතර වර්ණභේදවාදී යුගයේ දශක 3කට ආසන්න කාලයක් සිර ගතව සිටි අවධියේ මොහුට එම රෝගී තත්ත්වය හට ගන්නට ඇතැයි සැලකේ. තවමත් සුවය ලබා නැති මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්වය බරපතළ බව ද වාර්තාවේ.

කෙසේ වෙතත්, රෝහලේ දී ලබා දුන් ප්‍රතිකාර සහ දැඩි සත්කාර ඒ ආකාරයෙන් ම නිවසේ දී ලබා දීමට කටයුතු සලසා ඇති බවට නෙල්සන් මැන්ඩෙලා භාරව සිටින වෛද්‍ය කණ්ඩායම සෑහීමකට පත් වී තිබේ. වර්ණ භේද වාදයට එරෙහි සටනේ පියා ලෙස සලකන අනූ පස් වියැති නෙල්සන් මැන්ඩෙලා පෙනහළු ආසාදනයකින් පෙළෙන අතර පසුගිය ජුනි මාසයේ සිට රෝහල් ගත කර සිටියේ ය. ඔහු දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයාය.

Gossip Lanka Hot News Previous News Archive